Posted In:
Posted In:
Posted In:
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක් පසක හුන්නාවූ ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන්හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“සාරිපුත්තය, සොතාපත්ති අංගය, සොතාපත්ති අංගයයි කියනු ලැබේ. සාරිපුත්තය, සොතාපත්ති අංගය වනාහි කවරක්ද?”
“ස්වාමීනි, සත්පුරුෂයන් සේවනය කිරීම වනාහි සොතාපත්ති අංගයකි ධර්මශ්රවණය සොතාපත්ති අංගයකි. නුවණින් මෙනෙහි කිරීම සොතාපත්ති අංගයකි. ලොකොත්තර ධර්මයට අනුව පිළිපැදීම සොතාපත්ති අංගයකියි’
“සාධු! සාධු!! සාරිපුත්තය, සාරිපුත්තය, සත්පුරුෂයන් සේවනය කිරීම වනාහි සොතාපත්ති අංගයකි. ධර්ම ශ්‍රවණය කිරීම වනාහි සොතාපත්ති අංගයකි. නුවණින් මෙනෙහි කිරීම සොතාපත්ති අංගයකි. ලොකොත්තර ධර්මයට අනුව පිළිපැදීම සොතාපත්ති අංගයකි. සාරිපුත්තය, සොතය-සොතයයි කියනු ලැබේ. සාරිපුත්තය, සොතය නම් කවරේද”?
“ස්වාමීනි, මේ ආර්‍ය්‍ය අෂ්ඨාංගික මාර්ගයම සොතය නමි. හේ කවරේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධියයි.
“සාධු! සාධූ!! සාරිපුත්තය සාරිපුත්තය, මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයම ශ්‍රොතය නමි. හේ කවරේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධියයි.
“සාරිපුත්තය, සොතාපන්නය, සොතාපන්නයයි කියනු ලැබේ. සාරිපුත්තය සොතාපන්න තෙම කවරේද?”
“ස්වාමීනි, යමෙක් මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙන් යුක්තවූයේද මෙතෙමේ සොතාපන්නයයි කියනු ලැබේ. ඒ ආයුෂ්මත් තෙමේ මෙනම් ඇත්තේය. මෙනම් ගොත්‍ර ඇත්තේය.”
“සාධූ! සාධූ! සාරීපුත්තය, සාරිපුත්තය යමෙක් මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙන් යුක්තවූයේද හෙතෙමේ සොතාපන්නයයි කියනු ලැබේ. ඒ ආයුෂ්මත් තෙමේ මෙනම් ඇත්තේය. මෙනම් ගොත්‍ර ඇත්තේයයි’ වදාළේය.
(සංයුත්තනිකාය-සොතාපත්ති සංයුත්තය -සොතාපත්තිඅංග සූත්‍රය)
වීඩියෝ දර්ශන යොමුව:
https://www.youtube.com/watch?v=ZMVI9TbAB60&list=PL9XtrbDeB9NIJ-mvmo8j80GjN4yy97LtO
චායාරූප සදහා යොමුව:
https://photos.app.goo.gl/JkQi1pbWnJbhSTmN2
Posted In:
(සැවැත් නිදාන යි)
මහණෙනි, ලෝකයෙහි විද්‍යාමාන වන්නා වූ ම මෙ උදකොපම පුද්ගලයෝ සත් දෙනෙකි. කවර සත් දෙනෙක යත්:
මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් වරක් නිමග්න වූයේ (කිඳුනේ) නිමග්න (කිඳුනේ) ම වෙයි. මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් ඉපිල සිටියේ (මතුවූයේ) වෙයි. මහණෙනි, මෙලොව්හි ඇතැම් පුද්ගලයෙක් ඉපිල වටා බලයි, අනුවිලොකන කරයි. මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් ඉපිල යායුතු මංබලා තරණය කෙරෙයි. මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් ඉපිල ප්රතිගාධයට (ප්‍රතිෂ්ඨාවට) පැමිණියේ වෙයි. මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් ඉපිල තරණය කෙළේ පරතෙර පැමිණ බ්‍රාහ්මණ වූයේ තලයෙහි (නිවනෙහි) සිටුනේ වෙයි.
(1) මහණෙනි, පුද්ගල එක් වරක් නිමග්න වූයේ කෙසේ නිමග්න ම වේ ය යත්: මහණෙනි, මෙ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ඒකාන්තයෙන් කෘෂ්ණ වූ අකුශලධර්මයෙන් (නියත මිථ්‍යාදෘෂ්ටියෙන්) සමන්වාගත වෙයි. මහණෙනි, මෙසෙයින් පුද්ගල වරක් නිමග්න වූයේ නිමග්න ම වෙයි.
(2) මහණෙනි, කෙසේ නම් පුද්ගල ඉපිල කිඳුනේ වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් “කුසල්දහම්හි ශ්‍රද්ධාව මැනැව, හිරි මැනැව, ඔතප් මැනැව, වැර මැනැව, කුශලධර්මයන්හි ප්‍රඥාව මැනැවැ”යි ඉල්පෙයි. ඔහුගේ එ ශ්‍රද්ධාව නො සිටුනේ ය, නො වැඩෙයි, පිරිහේ ම ය. ඔහුගේ ඒ හිරිය … ඔහුගේ එ ඔත්තපප්ය … ඔහුගේ එ වීර්‍ය්‍යය … ඔහුගේ එ ප්‍රඥාව නො මැ සිටුනේ ය. නො මැ වැඩෙයි, පිරිහේ මැ යි. මහණෙනි, මෙ සෙයින් පුද්ගල ඉල්ප කිඳුනේ වේ.
(3) මහණෙනි, කිසෙයින් පුද්ගල ඉල්පී සිටියේ වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් “කුශලධර්මයන්හි පිහිටි ශ්‍රද්ධාව මනා ය, හිරිය මනා ය, ඔත්තපප්ය මනා ය, වීර්‍ය්‍යය මනා ය, කුශලධර්මයන්හි පිහිටි ප්‍රඥාව මනා ය” යි ඉල්ප සිටිනේ ය. ඔහුගේ එ සැදැහැ නො ම පිරිහෙයි, නො ද වැඩෙ යි, සිටියා ම වෙයි, ඔහුගේ එ හිරිය … ඔහුගේ එ ඔත්තපප්ය … ඔහුගේ එ වීර්‍ය්‍යය … ඔහුගේ එ ප්‍රඥාව නො ම පිරිහෙයි, නො ද වැඩෙයි, සිටියා ම වෙ යි. මහණෙනි, මෙසෙයින් පුද්ගල ඉල්ප සිටියේ වෙයි.
(4) මහණෙනි, කිසෙයින් පුද්ගල ඉපිල වටා බලන්නේ ය, අනුවිලොකන කරන්නේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් “කුශලධර්මයන්හි ශ්‍රද්ධා මනා ය, හිරිය මනා ය, ඔතප් මනා ය, වැර මනාය, කුශලධර්මයන්හි පිහිටි ප්‍රඥා මනා ය” යි ඉල්පෙයි. හේ තුන් සංයෝජනයන්ගේ පරික්ෂයෙන් අවිනිපාතස්වභාව ඇතියේ නියත වූ සම්බොධිපරායණ වූයේ සෝවන් වෙයි. මහණෙනි, මෙසේ පුඟුල් ඉල්ප යායුතු දිග් බලයි, නහමයි.
(5) මහණෙනි, කිසේ නම් පුඟුල් ඉල්ප තරණය කෙරේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් “කුශලධර්මයන්හි ශ්‍රද්ධා මනා ම ය, හිරි මනා ම ය, ඔතප් මනා ම ය, වීර්‍ය්‍යය මනා ම ය, ප්‍රඥා මනා ම ය” යි ඉල්පෙයි. හෙ තුන් සංයොජනයන්ගේ පරික්ෂයෙන් රාගද්වෙෂමෝහයන්ගේ තනුත්‍වයෙන් සකෘදගාමී වෙයි. එක් වරක් ම මෙ ලොවට අවුත් දුක් කෙළවර කෙරෙයි. මහණෙනි, මෙසේ පුඟුල් ඉල්ප තරණය කෙරෙයි.
(6) මහණෙනි, කිසේ නම් පුඟුල් ඉල්ප ප්‍රතිෂ්ඨා ප්‍රාප්ත වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් “කුසල් දහම්හි ශ්‍රද්ධා මනා ම ය, හිරි මනා ම ය, ඔතප් මනා ම ය, වීර්‍ය්‍යය මනා ම ය, ප්‍රඥා මනා ම ය” යි ඉල්පෙයි. හෙ පඤ්චඔරම්භාගිය සංයෝජන පරික්ෂයෙන් එහි ම පිරිනිවෙන සුලු ඒ සුදවැසි බඹ ලොවින් පෙරළා නො එන සැහැවි ඇතියේ ඕපපාතික වෙයි. මහණෙනි, මෙසේ පුඟුල් ඉල්ප ප්‍රතිෂ්ඨාප්‍රාප්ත වෙයි.
(7) මහණෙනි, කිසේ නම් පුඟුල් ඉල්ප තරණය කළේ වෙයි, පරතෙර ගියේ වෙයි, බාහිත පාපි බ්‍රාහ්මණ (නිවන්) තෙලෙහි සිටියේ වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් “කුශලධර්මයන්හි ශ්‍රද්ධා මනා ය, හිරි මනා ය, ඔතප් මනා ය, වැර මනා ය, ප්‍රඥා මනා ය” යි ඉල්පෙයි. හෙ ආස්‍රවක්‍ෂයයෙන් ආස්‍රව රහිත වූ චේතොවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මභාවයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්ෂාත් කොට එයට එළඹ වෙසෙයි. මහණෙනි, මෙසේ පුඟුල් ඉල්ප තරණය කළේ පරතෙර ගියේ බාහිතපාපී බ්‍රාහ්මණ (නිවන්) තෙලෙහි සිටුනේ ය.
මහණෙනි, ලොව්හි විද්‍යාමාන වන මෙ උදකෝපම පුද්ගලයෝ සත් දෙන යි.
(අඞ්ගුත්තර නිකාය – සත්තක නිපාතය – අනුසය වර්ගය – උදකෝපම පුග්ගල සුත්‍රය)
Posted In:
කථඤ්ච පන, භික්ඛවෙ, භික්ඛු වෙදනාසු වෙදනානුපස්සී විහරති? ඉධ, භික්ඛවෙ, භික්ඛු
1.1 සුඛං වා වෙදනං වෙදයමානො ‘සුඛං වෙදනං වෙදයාමී”ති පජානාති .
1.2 දුක්ඛං වා වෙදනං වෙදයමානො ‘දුක්ඛං වෙදනං වෙදයාමී’ති පජානාති.
1.3 අදුක්ඛමසුඛං වා වෙදනං වෙදයමානො ‘අදුක්ඛමසුඛං වෙදනං වෙදයාමී’ති පජානාති.
2.1 සාමිසං වා සුඛං වෙදනං වෙදයමානො ‘සාමිසං සුඛං වෙදනං වෙදයාමී’ති පජානාති,
2.2 සාමිසං වා දුක්ඛං වෙදනං වෙදයමානො ‘සාමිසං දුක්ඛං වෙදනං වෙදයාමී’ති පජානාති,
2.3 සාමිසං වා අදුක්ඛමසුඛං වෙදනං වෙදයමානො ‘සාමිසං අදුක්ඛමසුඛං වෙදනං වෙදයාමී’ති පජානාති
3.1 නිරාමිසං වා සුඛං වෙදනං වෙදයමානො ‘නිරාමිසං සුඛං වෙදනං වෙදයාමී’ති පජානාති.
3.2 නිරාමිසං වා දුක්ඛංවෙදනං වෙදයමානො ‘නිරාමිසං දුක්ඛං වෙදනං වෙදයාමී’ති පජානාති.,
3.3 නිරාමිසං වා අදුක්ඛමසුඛං වෙදනං වෙදයමානො ‘නිරාමිසං අදුක්ඛමසුඛං වෙදනං වෙදයාමී’ති පජානාති.
ඉති අජ්ඣත්තං වා වෙදනාසු වෙදනානුපස්සී විහරති, බහිද්ධා වා වෙදනාසු වෙදනානුපස්සී විහරති,අජ්ඣත්තබහිද්ධා වා වෙදනාසු වෙදනානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා වෙදනාසු විහරති,වයධම්මානුපස්සී වා වෙදනාසු විහරති, සමුදයවයධම්මානුපස්සී වා වෙදනාසු විහරති. ‘අත්ථි වෙදනා’ති වා පනස්සසති පච්චුපට්ඨිතා හොති යාවදෙව ඤාණමත්තාය පටිස්සතිමත්තාය අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙඋපාදියති. එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු වෙදනාසු වෙදනානුපස්සී විහරති.
අදාළ දේශණා සමුහය පහතින්,
Posted In:
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් රට සාලා නම් බ්‍රාහ්මණ ගමෙහි වාසය කරන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ආමන්ත්‍රණය කොට මෙසේ වදාළහ. “මහණෙනි, අලුත පැවිදිවූ අලුත මේ ශාසනයට ඇතුළත්වූ යම් ඒ නවක භික්ෂූහු වෙත්ද, මහණෙනි, තෙපි ඔවුන් සතර සතිපට්ඨානයන් වඩනු පිණිස සමාදන් කරවිය යුතුය. එහි ඇතුළත් කරවිය යුතුය. පිහිටුවිය යුතුය.
“කවර සතරක්ද යත්? ඇවැත්නි, තෙපි එව් කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුණු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව ඇති සැටියෙන් කය අවබොධ කරනු පිණිස කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරව්.
“කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව වේදනාවන් ඇති සැටියෙන් අවබෝධ කරනු පිණිස වේදනාවන්හි වේදනා නැවත නැවත බලමින් වාසය කරව්.
“කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුණු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව චිත්තයන් ඇති සැටියෙන් අවබොධ කරනු පිණිස චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරව්.
“කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව ධර්මයන් ඇති සැටියෙන් අවබොධ කරනු පිණිස ධර්මයන්හි ධර්මය නැවත නැවත බලමින් වාසය කරව්.
“මහණෙනි, රහත් බවට නොපැමිණියාවූ නිරුත්තර නිර්වාණය බලාපොරොත්තු වන්නාවූ යම් ඒ ශෛක්ෂ භික්ෂූහු වෙත්ද ඔව්හුද වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව කය පිරිසිඳ දැනගැනීම පිණිස කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරත්………………………………..
“මහණෙනි, ආශ්‍රවයන් ක්ෂය කළාවූ වැස නිමවන ලද බ්‍රහ්මචර්යා ඇත්තාවූ අවසාන කළ කටයුතු ඇත්තාවූ බහා තැබූ ස්කන්ධ බර ඇත්තාවූ තමාගේ අර්ථයට පැමිණියාවූ ක්ෂය කළ භව බැඳුම් ඇත්තාවූ මනාව දැනගත්තාවූ කෙලෙසුන් කෙරෙන් මිදුණාවූ රහත් භික්ෂූහු වෙත්ද, ඔව්හුද වීර්‍ය්‍යයෙන් යුක්තව
නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව කය හා බැඳීමෙන් වෙන්ව කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරත්………………………………..
(සංයුත්තනිකාය- සතිපට්ඨානසංයුත්තය- අම්බපාලිවග්ගය)
“මහණෙනි, පෙර වූ දෙයක් කියමි. උකුස්සෙක් වේගයෙන් බැස කැටකුරුල්ලෙකු හදිසියෙන් අල්වාගත්තේය. මහණෙනි, ඉක්බිති උකුස්සා විසින් ඩැහැගෙන යනු ලබන්නාවූ කැට කුරුල්ලා මෙසේ කියමින් හැඬීය. කෙසේද? ‘අපිම කාලකණ්ණි වෙමු. අපිම අඩු පින් ඇත්තෝ වෙමු. ඒ අපි විසීමට නුසුදුසුවූ අනුන්ට අයත්වූ ස්ථානයක විසුවෙමු. ඉදින් අපි සිය පරපුරෙන් ආ තමහට අයත් වාසස්ථානයෙහි විසුවෙමු නම් මේ උකුසුතෙම (මා සමග කරන) යුද්ධයට සමර්ථ නොවේ’ යනුය.
(මෙසේ කී කල්හි) උකුසුතෙම ‘කැටකුරුල්ලා, තගේ පිය පරපුරෙන් ආ තට අයත් වාසස්ථානය නම් කවරේදැයි’ ඇසීය.‘නගුලෙන් සාන ලද කැට ස්ථානයයි!’ හේ කීය.“මහණෙනි, ඉක්බිති උකුස්සා ස්වකීය බලයෙහි දැඩිව සිට ස්වකීය බලය ප්‍රකාශ කරමින් ‘කැට කුරුල්ල එසේ නම් පල එහිදීද තෝ (මගෙන්) නොගැලවෙන්නෙහියයි’ කියා කැටකුරුල්ලා අතහැරියේය.“ඉක්බිති කැට කුරුල්ලා නඟුලෙන් සාන ලද කැට ඇති තැනකට ගොස් ලොකු කැටයක් උඩට නැඟී උකුස්සාට ‘දැන් ඉතින් වර’යයි කියමින් සිටියේය.
ඉක්බිති උකුස්සා ස්වකීය බලයෙහි පිහිටා ස්වකීය බලය ප්‍රකාශ කරමින් යුද්ධයට ඊතලය මෙන් අත්තටු හදා ක්ෂණයකින් කැට කුරුල්ලා වෙත පාත්විය. කැට කුරුල්ලා උකුස්සා තමහට ඉතාම ළංවන අවස්ථාව යම් විටෙක දැන ගත්තේද එකෙණෙහිම එම සී කැටයේ ඇතුල් පැත්තට රිංගා ගත්තේය. මහණෙනි, ඉක්බිති උකුස්සා එහිම ළය පැළී මළේය. මහණෙනි, යමෙක් තමහට නුසුදුසු ස්ථානයෙහි හැසිරේනම් මෙසේ වන්නේය.
මහණෙනි, එහෙයින් අනුන්ට අයත්වූ නුසුදුසු ස්ථානයන්හි නොවසව්. අනුන්ට අයත් තන්හි වසන්නහු පිළිබඳව මාරයා ඉඩ ලබන්නේය. මාරයා කරුණු ලබන්නේය. මහණෙනි, භික්ෂුවට නුසුදුසු ස්ථානය නම් කුමක්ද? මේ කාමගුණ පස වෙති.
කවර පසක්ද? ඇසින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීම පිණිස පවත්නාවූ ඇලිය යුතුවූ යම් රූපයෝ වෙත්ද,කනින් ……….,නැහැයෙන් ……….,දිවෙන් ………., “කයින් ……….,මහණෙනි, මේ වනාහි භික්ෂුවට නුසුදුසුවූ අනුන්ට අයත් වාසස්ථානය වෙයි.
“මහණෙනි, තම පිය පරපුරෙන් එන ස්වකීය වාසස්ථානයෙහි වාසය කරව. මහණෙනි, තම පිය පරපුරෙන් එන ස්වකීය වාසස්ථානයෙහි වසන්නහු පිළිබඳව මාරයා ඉඩක් නොලබන්නේය. මාරයා කරුණක් නොලබන්නේය.
“මහණෙනි, සිය පිය පරපුරෙන් එන ස්වකීය වාසස්ථානය නම් කවරේද? මේ සතර සතිපට්ඨානයෝයි. කවර සතරක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව කයෙහි කය පිරිසිඳ දැනගැනීම පිණිස කයෙහි කය නැවත බලමින් වාසය කරන්නේය. වෙදනාවන්හි වේදනා නැවත නැවත…………
චිත්තයන්හි චිත්තයන් නැවත නැවත………….,
මහණෙනි, මේ භික්ෂුවගේ සිය පරපුරෙන් එය ස්වකීය වාසස්ථානය වෙයි.
අදාළ දේශණා සමුහය පහතින්,
Posted In:
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ අයොධ්‍ය නම් නුවර ගංගානම් ගංඉවුරෙහි වැඩවසන සේක. භාග්‍යවතුන් වහන්සේ ගංගානම් නදියෙහි දිය පහරින් ගසාගෙන යන්නාවූ මහත්වූ දර කඳක් දුටුසේක. දැක භික්ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක.
මහණෙනි, ගංගානම් ගඟේ දිය පහරින් ගසාගෙන යන්නාවූ අර මහත්වූ දරකඳ තෙපි දක්නහුද? එසේය, ස්වාමීනි.
මහණෙනි, ඉදින් දරකඳ මෙතෙරට නොපැමිනේද, එතෙරට නොපැමිනේද, ගඟ මැද නොගිලෙන්නේද, ගොඩට නොගසන්නේද, මනුෂ්‍යයන්ගේ ගැනීමක් නොවන්නේද, අමනුෂ්‍යයන්ගේ ගැනීමක් නොවන්නේද, දිය සුළියකට හසු නොවන්නේද, ඇතුළ කුණුවීමක් නොවන්නේද, මහණෙනි, මෙසේ වනාහි ඒ දරකඳ මුහුද කරා නැමුනේ වන්නේය. මුහුදට ගසා යන්නේ මුහුද දෙසට බරවූයේ වන්නේය. ඊට හේතු කවරේද, මහණෙනි, ගංගා නදියේ දියපාර මුහුදට නැමීම ඇත්තේය. මුහුදට නැඹුරුවූයේය. මුහුදට බරවූයේය.
මහණෙනි, මෙපරිද්දෙන්ම ඉදින් තෙපිදු මෙතෙරට නොපැමිණෙන්නෙහුද, එතෙරට නොපැමිණෙන්නෙහුද, මැද නොගිලෙන්නහුද, ගොඩට නොනගින්නහුද, , මනුෂ්‍යයන්ගේ ගැනීමක් නොවන්නහුද, අමනුෂ්‍යයන්ගේ ගැනීමක් නොවන්නහුද, මහණෙනි, එසේ තෙපි නිවණට නැමීම ඇත්තෝ නිවණට නැඹුරුවූවෝ නිවණට බරවූවෝ වන්නාහුය. ඊට හේතු කවරේද, මහණෙනි, සම්‍යක් දෘෂ්ටිය නිවණට නැමුනාවූ නිවන් කරා ගමන් කරන්නාවූ නිවනට නැඹුරුවූ ධර්මයකැයි, වදාළ සේක.
මෙසේ වදාළ කල්හි එක්තරා භික්ෂුවක්තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය. , සවාමීනි, මෙතෙර නම් කුමක්ද එතෙර නම් කුමක්ද, මැද ගිලා බැසීම නම් කුමක්ද, ගොඩට නැගීම නම් කුමක්ද, මිණිසුන්ගේ අල්වා ගැනීම නම් කුමක්ද, අමනුෂ්‍යයන්ගේ අල්වාගැනීම නම් කුමක්ද, දිය සුළියට අසුවීම නම් කුමක්ද, ඇතුලත කුණුවීම නම් කුමක්ද යනුයි.
මහණ, මෙතෙර යනු සවැදෑරුම්වූ අධ්‍යාත්මිකවූ ආයතනයන්ට නමකි. මහණ, එතෙර යනු සවැදෑරුම් බාහිර ආයතනයන්ට නමකි. මහණ, මැද ගිලාබැසීම යනු නන්දිරාගයට නමකි. මහණ, ගොඩට නැගීම යනු අස්මිමානයට නමකි.
මහණ, මිනිසුන් අල්වා ගැනීම නම් කවරේද, මේ ශාසනයෙහි භික්ෂුතෙම ගිහින් සමග එකතුවී වාසය කෙරේද, සමග සතුටුවීම් ඇත්තේ, සමග සෝකවීම් ඇත්තේ සුවපත්වූ කල්හි සුවපත්වූයේ දුකට පත්වූ කල්හි දුකට පත්වූයේ උපන්නාවූ වැඩකටයුතු ඇතිකල්හි තෙමේම ඒ කටයුතුවල යෙදීමට පැමිණේද, මහණ, මෙය මිනිසුන් විසින් අල්වා ගැනීමයයි කියනු ලැබේ.
මහණ, අමනුෂ්‍යයන්ගේ ගැනීම නම් කවරේද, මහණ, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් එක්තරා දිව්‍ය නිකායක් ප්‍රාර්ත්‍ථනාකොට බ්‍රහ්මචර්‍ය්‍යාව රකීද, මම මේ සීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බ්‍රහ්මචර්‍ය්‍යාවෙන් හෝ දෙවියෙක් හෝ වන්නෙමි. දෙවියන්ගෙන් එක්තරා අයෙක් හෝ වන්නෙමි කියායි. මහණ, මෙය අමනුෂ්‍යයන් විසින් අල්වාගැනීම යයි කියනු ලැබේ.
මහණ, දියසුළියට අසුවීම යනු මේ පඤ්චකාම ගුණයන්ට නමකි.
මහණ, ඇතුලත කුණුවීම නම් කවරේද, මහණ, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් දුස්සීලවූයේ ලාමක ස්වභාව ඇත්තේ අපවිත්‍ර සැකකටයුතු හැසුරුම් ඇත්තේ, සැඟවුණු ක්‍රියා ඇත්තේ ශ්‍රමණ නොවූයේ ශ්‍රමණයාය යන ප්‍රතිඥා ඇත්තේ බ්‍රහ්මචාරී නොවූයේ බ්‍රහ්මචාරී යන හැඟවීම ඇත්තේ ඇතුලත කුණුවූයේ කෙලෙස් වැගිරීම ඇත්තේ හටගත් කෙලෙස් කසල ඇත්තේවේද, මහණ, මෙය ඇතුලත කුණුවීමයයි කියනු ලැබේයයි, වදාළහ.
එසමයෙහි වනාහි නන්ද නම් ගෝපාලතෙම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි සිටියේ වෙයි. ඉක්බිති නන්ද නම් ගෝපාලතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. , සවාමීනි, මම වනාහි මෙතෙරට නොපැමිණෙමි. එතෙරට නොපැමිණෙමි. මැද නොගිලෙන්නෙමි. ගොඩට නොනැගෙන්නෙමි. මිනිසුන්ට අසුනොවන්නෙමි. අමනුෂ්‍යයන්ට හසු නොවන්නෙමි. දියසුළි වලට හසු නොවන්නෙමි. ඇතුල කුණුවූවෙක් නොවන්නෙමි. සවාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මහණකමද, උපසම්පදාවද ලබන්නෙමි., (යනුයි.)
නන්දය, එසේ වී නම් නුඹ හිමියන්ට ගවයන් බාරදෙවයි, (වදාළේය.)
සවාමීනි, වස්සන් කෙරෙහි ගිජුවූ දෙන්නු යන්නාහුයයි, (කීහ.)
නන්දය, නුඹ විසින් හිමියන්ට ගවයන් බාරදීම කළයුතුමයයි, (වදාළහ.)
ඉක්බිති නන්ද ගෝපාල තෙම හිමියන්ට ගවයන් භාරදී, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ස්වාමීනි, හිමියන්ට ගවයෝ බාරදෙන ලදහ. ස්වාමීනි, මම භාග්‍යවගුන් වහන්සේ සමීපයෙහි මහණකමද, උපසම්පදාවද ලබන්නෙමි’’ යි (කීය.)
නන්ද නම් ගෝපාල තමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මහණකමද ලැබීය. උපසම්පදාවද ලැබීය. උපසපන්වූ නොබෝ කල් ඇත්තාවූ ආයුෂ්මත් නන්ද තෙමේ එකලාවූයේ, සමූහයාගෙන් වෙන්වූ වාසය ඇත්තේ, අප්‍රමාදව, කෙලස් තවන වීර්‍ය්‍ය ඇතිව වාසය කරමින් නොබෝ කලකින්ම යමක් සඳහා කුලප්රත්රයෝ මනාකොටම ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවෙත්ද, බ්‍රහ්මචර්‍ය්‍යාව කෙළවරකොට ඇති ඒ උතුම් අර්ථය මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය කෙළේය. ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිර නිමවන ලදී. සතර මගින් කළයුත්ත කරණ ලදී. මේ ආත්මභාවය පිණිස කලයුතු අනිකක් නැතැයි විශේෂයෙන් දැනගත්තේය. ආයුෂ්මත් නන්දතෙමේ රහතුන්ගෙන් එක්තරා අයෙක් වූයේයයි (වදාළහ.)
මෙතෙර – සවැදෑරුම්වූ අධ්‍යාත්මිකවූ ආයතනයන්
එතෙර – සවැදෑරුම් බාහිර ආයතනයන්
මැද ගිලාබැසීම – නන්දිරාගය
ගොඩට නැගීම – අස්මිමානය
මිනිසුන්ට අසුවීම – මනුෂ්‍යය සම්පත් පාර්ථනාකිරීම
අමනුෂ්‍යයන්ට අසුවීම – දිව්‍ය සම්පත් පාර්ථනාකිරීම
දියසුළි වලට අසුවීම – පඤ්චකාම ගුණයන්
ඇතුල කුණුවීම – දුස්ශීලකම
(සංයුත්තනිකාය – සළායතන සංයුත්තය – ආසිවිස වර්ගය – දාරුක්ඛන්ධ සූත්‍රය)
Posted In:
Posted In:
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක.
ඉක්බිති එක්තරා භික්ෂුවක්, තවත් එක්තරා භික්ෂුවක් යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ,ඒ භික්ෂුවට ,ඇවැත්නි, භික්ෂුවගේ දැකීම කොපමණකින් පිරිසිදු වූවක් වේදැයි, ඇසුවේය.
ඇවැත්නි යම් තැනක පටන් මහණතෙම ස්පර්ශායතන සයදෙනාගේ පහළවීමද විනාශවීමද තත්වූ පරිද්දෙන් දනීද, ඇවැත්නි, මෙපමණකින් භික්ෂුවගේ දර්ශනය (සෝවාන් මාර්ගය) පිරිසිදු වූයේයයි’කීය.
ඉක්බිති භික්ෂුතෙම ඒ භික්ෂුවගේ ප්‍රශ්න විසඳීමෙන් අසතුටුවූයේ තවත් භික්ෂුවක් කරා පැමිණියේය. පැමිණ, ඒ භික්ෂුවගෙන් ,ඇවැත්නි, කොපමණකින් භික්ෂුවගේ දර්ශනය පිරිසිදු වූයේ වේදැයි,ඇසීය.
’’ඇවැත්නි, යම් කාලයක පටන් භික්ෂුව උපාදානස්කන්ධ පස්දෙනාගේ පහළවීමද විනාශවීමද තත්වූ පරිද්දෙන් දනීද, ඇවැත්නි, එපමණකින් භික්ෂුවගේ දර්ශනය පිරිසිදු වූයේ වේයයි, කීය.
ඉක්බිති ඒ භික්ෂුවගේ ප්‍රශ්න විසඳීමෙන් අසතුටුවූ භික්ෂුතෙම අනෙක් එක්තරා භික්ෂුවක් කරා පැමිණියේය. පැමිණ, ,ඇවැත්නි, කොපමණකින් භික්ෂුවගේ දර්ශනය පිරිසිදු වූයේ වේදැයි, ඒ භික්ෂුවගෙන් ඇසීය.
’’ඇවැත්නි, යම් තැනක පටන් භික්ෂුව සතර මහා භූතයන්ගේ පහළවීමද විනාශවීමද තත්වූ පරිද්දෙන් දනීද ඇවැත්නි, මෙපමණකින් භික්ෂුවගේ දර්ශනය පිරිසිදු වේයයි, කීය.
ඉක්බිති ඒ මහණතෙම ඒ භික්ෂුවගේ ප්‍රශ්න විසඳීමෙන් නොසතුටුව අනෙක් එක්තරා භික්ෂුවක් යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, ,ඇවැත්නි, භික්ෂුවගේ දර්ශනය කොපමණකින් පිරිසිදු වේදැයි, ඇසීය.
’’ඇවැත්නි, භික්ෂුව යම් තැනක පටන් ඉපදීම ස්වභාව කොට ඇති යම් කිසිවක් ඇද්ද, ඒ සියල්ල නැතිවීම ස්වභාව කොට ඇත්තේයයි තත්වූ පරිද්දෙන් දනීනම් ඇවැත්නි, මෙපමණකින් භික්ෂුවගේ දර්ශනය පිරිසිදු වේයයි, ඒ භික්ෂුව කීයේය.
ඉක්බිති ඒ භික්ෂුවගේ ප්‍රශ්න විසඳීමෙන් නොසතුටුව බුදුරජාණන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ඒ භික්ෂුව බුදුරජාණන් වහන්සේට මෙසේ සැළ කළේය. ,සවාමීනි, මම මෙහි එක්තරා භික්ෂුවක් කරා පැමිණියෙමි. පැමිණ, ‘ඇවැත්නි, කොපමණකින් භික්ෂුවගේ දර්ශනය පිරිසිදු වේදැ’යි ඒ භික්ෂුවගෙන් ඇසුවෙමි. සවාමීනි, මෙසේ කල්හි ඒ භික්ෂුතෙම ,ඇවැත්නි යම් තැනක පටන් භික්ෂුතෙම ස්පර්ශායතන සයදෙනාගේ ඇතිවීමත් නැතිවීමත් තත්වූ පරිද්දෙන් දනීද, ඇවැත්නි,මෙපමණකින් භික්ෂුවගේ දර්ශනය පිරිසිදු වේයයි, මට කීයේය………………
’’මහණ, යම්සේ (එරබදු) කෑලමල් නුදුටු පුරුෂයෙක්වේද, ඔහු කෑල ගසක් දුටු පුරුෂයෙකු කරා යන්නේය. ගොස්, ‘පින්වත් පුරුෂය, කෑල ගස කෙබඳුදැයි’ ඔහුගෙන් අසන්නේය. ‘පින්වත් පුරුෂය, කෑල ගස දැවුණු කණුවක්සේ කළුයයි’ කියන්නේය. මහණ, ඒ පුරුෂයාගේ දැකීම යම්සේද, ඒ කාලයෙහි කෑලගස එබඳුය.
’’මහණ, ඉක්බිති එ පුරුෂතෙම ඒ පුරුෂයාගේ පිළිතුරෙන් නොසතුටුව කෑල ගසක් දුටු අනික් පුරුෂයෙක් යම් තැනකද එතැනට පැමිණෙන්නේය. පැමිණ ඒ පුරුෂයාගෙන් කෑලගස කෙබඳුදැයි අසන්නේය. හෙතෙම එම්බා පුරුෂය, මස් වැදැල්ලක් යම්සේද කෑලගස එසේ ලේ පාටයයි කියන්නේය. මහණ, ඒ පුරුෂයාගේ දැකීම යම්සේද, එකල්හි කෑලගස එබඳුය.
’’මහණ, ඉක්බිති එ පුරුෂතෙම ඔහුගේ පැණ විසඳීමෙන් නොසතුටුව කෑල ගසක් දුටු අනික් පුරුෂයෙකු කරා යන්නේය. ගොස්, ‘පින්වත් පුරුෂය, කෑල ගස කෙබඳුදැයි’ අසන්නේය. හෙතෙම පින්වත් පුරුෂය, කෑලගස ඉරිතලා ගිය මාර ගසක් බඳුයයි’ කියන්නේය. මහණ, ඒ අවස්ථාවෙහි ඒ පුරුෂයාගේ දැකීම යම්සේද, ඒ කාලයෙහි කෑල ගස එබඳුය.
’’මහණ, ඉක්බිති එ පුරුෂතෙම ඒ පුරුෂයාගේ ප්‍රශ්න විසඳීමෙන් නොසතුටුව කෑල ගස් දුටු අනික් පුරුෂයෙකු කරා යන්නේය. ගොස්, ‘පින්වත් පුරුෂය, කෑල ගස කෙබඳුදැයි’ ඒ පුරුෂයාගෙන් අසන්නේය. ‘එම්බල පුරුෂය, ඝණව වැඩුණු කොළ සහ දළු ඇති සිහිල් සෙවනැති නුග ගසක් යම්සේද කෑලගස එවැනියයි’ කියන්නේය. මහණ, ඒ පුරුෂයාගේ දැකීම යම්සේද, එකල්හි කෑලගසත් එබඳුය. මහණ, එසේම යම් යම් අවබොධ කරණ ලද ඒ පුරුෂයන්ගේ දැකීම පිරිසිදු වූයේවේද ඒ ඒ ආකාරයෙන් ඒ ඒ සත්පුරුෂයන් විසින් තොපට ප්‍රකාශ කරණ ලදී.
’’මහණ, දැඩිවූ රැකවල් ඇති ශක්තිමත් ප්‍රාකාර තොරන් ඇති, දොරටු සයක් ඇති, රජුගේ ප්‍රත්‍යන්ත නගරයක් වෙයි. එහි පණ්ඩිතවූ ව්‍යක්තවූ ඤාණවන්තවූ නොහඳුනන්නන් වලක්වන්නාවූ හඳුනන්නන් ඇතුල්කරවන්නාවූ දොරටුපාලයෙක් වේද, ශීඝ්‍රගාමී දූතයන් දෙදෙනෙක් පෙරදිගින් පැමිණ ඒ දොරටුපාලයාට ‘එම්බල පුරුෂය, මේ නගරයෙහි ස්වාමිවරයා කොහිදැයි’ අසන්නේය. ‘ස්වාමීනි, හෙතෙම මැද සතරමං හන්දියෙහි හිඳින්නේයයි’ කියන්නේය. ඉක්බිති ශීඝ්‍රගාමී දූතයන් දෙදෙන තත්වූ පරිදි වචනය නගර හිමියාට භාරදී පැමිණි මාර්ගයටම බසින්නේය.
’’පශ්චිම දිශාවෙන් ශීඝ්‍රගාමී දූතයන් දෙදෙනෙක් පැමිණ මේ දොරටුපාලයාට ‘එම්බල පුරුෂය, මේ නගරයෙහි ස්වාමිවරයා කොහිදැයි’ අසන්නේය. ‘ස්වාමීනි, හෙතෙම මැද සතරමංහන්දියෙහි හිඳින්නේයයි’ කියන්නේය. ඉක්බිති ඒ ශීඝ්‍රගාමී දූතයන් දෙදෙන තත්වූ පරිදි වචනය නගර හිමියාට භාරදී පැමිණි මාර්ගයටම බසින්නේය.
’’උතුරු දිශාවෙන් ශීඝ්‍රගාමී දූතයන් දෙදෙනෙක් පැමිණ, මේ දොරටුපාලයාට ‘එම්බල පුරුෂය, මේ නගරයෙහි ස්වාමිවරයා කොහිදැයි’ අසන්නේය. ‘ස්වාමීනි, හෙතෙම මැද සතරමංහන්දියෙහි හිඳින්නේයයි’ කියන්නේය. ඉක්බිති ඒ ශීඝ්‍රගාමී දූතයන් දෙදෙන තත්වූ පරිදි වචනය නගර හිමියාට භාරදී පැමිණි මාර්ගයටම බසින්නේය.
’’දකුණු දිශාවෙන් ශීඝ්‍රගාමී දූතයන් දෙදෙනෙක් පැමිණ ‘එම්බා පුරුෂය, මේ නගරයෙහි ස්වාමිවරයා කොහිදැයි’ ඒ දොරටුපාලයාගෙන් අසන්නේය. ‘ස්වාමීනි, හෙතෙම නුවර මැද සතරමංසන්දියෙහි හිඳින්නේයයි’ කියන්නේය. ඉක්බිති ඒ ශීඝ්‍රගාමී දූතයන් දෙදෙන තත්වූ පරිදි වචනය නගර හිමියාට භාරදී පැමිණි මාර්ගයටම බසින්නේය.
’’මහණ, මේ මා විසින් අර්ථය අවබොධ කරවීම පිණිස උපමාවක් කරණ ලදී. මේ එහි අදහසයි. මහණ, නගරය යනු මව්පිය ශුක්රශ්රොණිතයෙන් හටගත් බත් කොමුපිඬු ආදියෙන් වැඩුණු අනිත්‍යවූ නෑම පිරිමැදීම බිඳීම විනාශය ස්වභාව කොට ඇති, සතරමහා භූතයන්ගෙන් හටගත් ශරීරයට නමකි. මහණ, දොරටු සය යනු අධ්‍යාත්මික ආයතන සයදෙනාට නමකි. මහණ,දොරටුපාලයා යනු මේ සිහියට නමකි. ශීඝ්‍රගාමී දූතයන් දෙදෙනා යනු මේ සමථ විදර්ශනා දෙකට නමකි. මහණ, නගර ස්වාමියා යනු විඥානයට නමකි. මහණ, නුවර මැද සතරමංසංදි යනු පඨවි,ආපො, තෙජො, වායො යන සතරමහා භූතයන්ට නමකි. මහණ, තත්වූ පරිදි වචනය යනු නිර්වාණයට නමකි. පැමිණි මාර්ගය යනු සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය,සම්‍යක් කනර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය සහ සම්‍යක් සමාධිය යන ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්ගයට නමකි.,
කිංසුකොපම සූත්‍රය ආශ්‍රිතව සිදු කරන ලද දේශණා සමුහය ,
සුත්‍රය ආශ්‍රිතව සම්පාදනය වූ “කිංසුකොපම සූත්‍රය” පොත
සුත්‍රය දේශනාව සමග වැඩමුළු තුල බෙදා දෙනු ලබන කිංසුකොපම සූත්‍රය පත්‍රිකාව පහත යොමුවෙන්,
Posted In: