0777304415 , 0703300135     info@medamawatha.lk

 

භාවනාව සම්බන්ධ ගැටලූ යොමුකිරීම

සතිපට්ඨාන භාවනාවට ආධුනිකව පිවිසෙන්නෙක් හෝ ගරුතර ස්වාමින්වහන්සේ පැහැදිලි කරදුන් ආකාරයට සතිපට්ඨාන භාවනාව කලක සිට ප්‍රගුණ කරයි නම් තමා කරන භාවනාව සම්බන්ධව පැන නැගුනු ගැටලු සහගත තත්වයන් මෙම වෙබ් පිටුව ඔස්සේ ඔබට ඉදිරිපත්කිරීමට හැකියාව ඇත.  ඉදිරිපත්වන සියලු භාවනා ගැටලු සදහා පිළිතුරු ගරුතර ස්වාමින්වහන්සේ විසින් පොදුවේ සියලුදෙනාටම මහෝපකාරීවනසේ අපකෙරෙහි කරුණාවෙන් උචිත විසදුම් වදාළනු ලැබේ.  

* අති පුජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමියන් විසින් සතිපට්ඨාන භාවනාව සම්බන්ධ ප්‍රශ්ණ යොමු යුතු ආකාරය පිළිබදව සිදුකල මුලික දේශනාව :

 

* ආධුනිකයන් සදහා සතිපට්ඨාන භාවනා පුහුණුව (දෘශ්‍යපටය) :     

* ආධුනිකයන් සක්මන් භාවනාව නිවසේ දී සිදුකරන්නේ කෙසේද ?

* අතිපුජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමියන් සක්මන් භාවනාවට ප්‍රමුඛතාවය දී පුහුණු කරන්නේ ඇයි ?

* බුද්ධ දේශනාවට අනුව ධාතු ගුණ යනු කුමක්ද ? සක්මන් භාවනාවෙන් ධාතුගුණ හදුනාගන්නේ කෙසේද ?

* සතිපට්ඨාන භාවනාව පුහුණු කිරීමේදී බුදුරජාණන්වහන්සේ කෙරෙහි අප ඇතිකරගත යුතු ශ්‍රද්ධාව කුමක්ද ?

 

  • තමා ප්‍රගුණ කරන සතිපට්ඨාන භාවනාව සම්බන්ධ ගැටලූ පහත වගුව පුරවා එවීමෙන් ගරු ස්වාමින්වහන්සේ වෙත යොමුකර හැක.
  • පහත වගුවේ * ලකුණින් සදහන් සියලු දත්ත සිංහල යුනිකෝඩ් හෝ සිංග්ලිෂ් ක්‍රමයට පුරවා එවීම් අනිවාර්ය වේ.
  • පුද්ගලිකත්වය සලකා පිළිතුරු තුල ප්‍රශ්නය යොමුකරන්නාගේ නම සදහන් කරනු නොලැබේ.
  • යොමුකල ගැටලු සදහා පිළිතුරු වගුවට පහලින් අදාළ හඩපට ඔස්සේ ශ්‍රවනය කල හැකි වේ.

 

    * අවශ්‍යයි / Required

    භාවනාව සම්බන්ධ යොමුකල ගැටලු සදහා පිළිතුරු

    ගරු ස්වාමින්වහන්සේ වෙත යොමු කරනු ලැබූ භාවනා ප්‍රශ්න සදහා පිළිතුරු පහත එක් එක් භාවනා තත්වයන් අනුව පෙලගස්වා ඇත. 

    ∗ ආධුනික මට්ටමේ භාවනා ප්‍රශ්න සදහා පිළිතුරු :

     

    මුලින් භාවනාව කරද්දී හොඳින් ධාතු ගුණ දැනී පසුව ධාතු ගුණ දැනීම සියුම් විය. මෑතක දී උදාවූ තත්වයට පසු (කොරෝනා)මහා කම්මැලිකමක් දැනේ. වැඩිපුර t v බලන්න සිත්වේ, එසේකරයි. භාවනා කිරීමට කම්මැලි කමක් තිබුනි.

    මීට දින 4කට පෙර මම බලෙන්ම නැවතත් සක්මන පටන් ගතිමි. සියුම් වී තිබු ධාතු ගුණ දැන් ,බොහොම හොඳින් නිතරම දැනෙයි. සක්මන් භාවනාව කරන වෙලාවට පමණක් ධාතු ගුණ දැනීමක් නැත.අනෙත් හැම වෙලාවේම විටින් විට ධාතු ගුණ දැනෙයි.

    ගෞරවනීය ස්වාමිවහන්ස, නිවස තුල මම දැන් සක්මන් භාවනාව පැය භාගයක් පමණ දවසට කරමි. මේ අනුව දැන් මම සක්මන් භාවනාව කරන විට යටිපතුලට අවධානය නොතබා නිකන්ම සක්මන් කිරීම සුදුසු වේද ?

    තවද මෙයට මාසයකට පෙර හිසෙහි කැක්කුම් ගතියක් සමග , කන් නහය උගුර ගිනියම් වූ ගතියක්ද පපුව දනවා ගතියක්ද එකවර ඇතිවී, එය පැයකට අඩු කාලයක් තිබී - එකවර සේරම නැතිවී ගියා. මෙය ධාතු ගුණයක අත්දැකීමක්ද ?

     

     

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස! මෙල්බෝන් හි පැවති වැඩසටහනට සහභාගි වීමට නොහැකි වූවත් ලැබුනු අත් පොත කියවා භාවනාව කරගෙන යමි.  සක්මන් භවනාවෙදි යටි පතුලට සිහිය යොමුකලද අවට වටපිට ඇසෙන දෙයටද හිත යයි. නමුත් හිත බලෙන් ගැනීමට නොයන අතර ක්රමයෙන් නැවත යටි පතුලට යොමු කරගනිමි. මම මේ භාවනාව කරන ආකාරය නිවැරදිදයි දැනගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි

     

     

    සති දෙකක පමණ කාලයක සිට සක්මන් භාවනාව කරගෙන යයි. සක්මනේදී හා වෙනත් අවස්ථාවලදීත් ඉතාමත් සියුම්ව මස් නටන ගති, හපුටෝ විදින්නාක් මෙන් ගති ඇතිවේ. මේවා නිතරම නොදැනේ. කලාතුරකින් දැනේ. මේවා ධාතු ගුණද ?

    සමහර අවස්ථා වල භාවනාව පිළිබද සැක ඇතිවේ. මේ භාවනාවෙන් සංසාර විමුක්තිය ලබා ගත හැකිද ? මේ භාවනාව බුද්ධ දෙශ්නාවක්මද ? මමත් මේ භාවනාව කර ප්‍රතිඵලයක් ලැබේද ? යනාදී වශයෙන් සැක පහලවේ.

    භාවනාව ඉදිරියට කරගෙන යෑමට උපදෙසක් ඔබවහන්සේගෙන් බලපොර්ත්තුවෙමි

     

     

    ගරු ස්වාමින්වහන්ස ,

    1. දස මාරයන් සහ දස අකුසල් අතර ඇති සම්බන්ධය කුමක්ද ?

    2. සමථ භාවනාව සහ විපස්සනා භාවනාව විසින් අපට දස මාරයන් තුරන් කළ හැකි ද ?

    3. වෙනස කුමක්ද ?

     

    *තමන් සිදුකරන භාවනාව හා සම්බන්ධ ප්‍රායෝගික ප්‍රශ්නයක් නොවන බැවින් ගරු ස්වාමින්වහන්සේ විසින් මෙහි  පිළිතුරු වදාළනු නොලැබේ.*

     

    දැනට සති 3 කට පෙර භාවනාව ආරම්භ කලෙමි. දැන් පෙර මෙන් ධාතු ගුණ දැනීම අඩු වී ඇත. සක්මනේදී කමටහනේ සතිය පිහිටීමද අඩුවී ඇත. කමටහනේ සතිය පිහිටන අවස්ථාවල ධාතු ගුණ දැනෙන්නේද නැත. අනෙක් අවස්ථා වල හිටිගමන් ධාතු ගුණ දැනේ.

    දින 2 ක පමණ සිට එක දිගට වම් පාදයේ මහපට ඇගිල්ලේ හිරි ගතියක් පවතී. භාවනාවට පෙර මෙන් හිත නොයෙදේ. පෙර යටපත් වී තිබු රාග සිතුවිලි වරින් වර සිතට නැගේ. භාවනාව ඉදිරියට කරගෙන යෑමට ඔබවහන්සේගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි.

     

     

    ගරු ස්වාමින්වහන්ස මම කමටහනේ ඉන්න වෙලාවක සිත හිතාගන්න බැරි තරම් සතුටක් දැනුණු මොහොතක් ආවා. ඒ මොහොතේ මම කමටහනේමයි හිත තියාගෙන සිටියෙ. මමත්වයෙන් වුනු ජීවිතයේ කවදාවත් විදල නැති සහනයක් දුන්නා. ඒ සතුට හිතාගෙන ගියවිට සුළු මොහොතකින් එක නැතිව ගියා. මේ මොහොත ගැන මට පහදා දෙන්න ස්වාමින්වහන්ස ?

     

     

    මැදුම් පිළිවෙත (මධ්‍යම ප්‍රතිපදාව) යන්නෙන් අදහස්වන්නේ කුමක්ද ?

    මැදුම් පිළිවෙත සැකෙවින් පැහැදිළි කර ඇති යොමුව : https://medamawatha.lk/news/a8maga/

     

     

    මම ගිය වසරේ ආධුනික වැඩටහනට සහභාගී උනෙමි.

    සක්මන පලමු වර කිරීමෙදී වම දකුණ ලෙස සිතමින් කලෙමි. පසුව එය නවත්වීමට සිතා එසේ නොසිතමින් පාදය පොලවේ වදින විට දැනෙන දෙය පිළිබද අවධානයෙන් සක්මන් කලෙමි. මෙසේ කිරීමෙදී, සිත තුලින් පාදය තබන විට යම් හඩක් සිතෙන් නිරායසයෙන් මතුවේ. මෙය මෙසේ තිබියෙදීම පාදයට අවධානයෙන් සක්මන පැයක් පමණ කරමි. විනඩි විස්සක් පමන යන විට මත් ගතියක් දැනී පහව යයි. වම දකුණ ලෙස සිතීම නවත්වන්නේ නම් ඒ කුමන තත්වයක දැනීමෙන්ද ? අනුකම්පාකර පහදා දෙන්න.

    ඔබ වහන්සේට නිදූක් නිරොගී චිරජීවනය පතමි.

     

     

    ගෞරවණීය ස්වාමීන් වහන්ස,
    මම වයස අවුරුදු 32ක කාන්තාවක් වෙමි. අවිවාහකය. මීට වසර පහකට පමණ ඉහත මාගේ මිතුරෙකු විසින් බුදුදහම පිළිබඳ කරන ලද මනා දේශනයකට ඇහුම්කන් දීමේ ප්‍රතිඵලයක් ලෙස මා දිගින් දිගටම දහම් පොත පත පරිශිලනයටත් ධර්ම දේශනා වලට නිරන්තරයෙන් සවන් දීමටත් පෙළඹුනෙමි. මා එවිට විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබීමෙන් අනතුරුව එහිම සේවය කරමින් සිටියෙමි. නිරන්තරයෙන් විවිධ ධර්ම ගැටළු මතුවන අවස්ථාවලදී හෝ ධර්මයේ නොදන්නා තැනක් ඇති බව දැනුණු විට වහ වහා පිළිගත් දහම් පොත සොයා යමින් (උදාහරණයක් ලෙස රේරුකානේ චන්දවිමල මහා නා හිමියන් වැනි ) ඒවා නිරාකරණය කර ගත්තෙමි. පිරිත් සුත්‍ර පවා මා තේරුම දැන දේශනා කල අතර මනස තුළ ගොඩ නැගෙන මහා ශක්තිය, ආත්ම විශ්වාසය මම නිරීක්ෂණය කලෙමි. තවමත් මාර්ගය හසුනොවී යැයි යන හැඟීම සිතින් ඉවත් උනේ මා පළමු වරට මහා සතිපට්ටාන සුත්‍ර දේශනාවේ අර්ථය ශ්‍රවණය කල දිනයේදීය. එය ඒකායන මාර්ගය බව මට පසක් විය. එතැන් පටන් මා සෙව්වේ සතිපට්ටාන භාවනා ක්‍රම පිළිබඳව ය. පාසලේදී පමණක් බුදු දහම උගත් මට, ජිවිතේ කිසි කලෙක නොලද කිසිවකට සමකල නොහැකි මහත් ධන සම්භාරයක්‌ හිමි වූවා සේ මා දිගින් දිගටම ධර්මය මෙහෙහි කරමින් බොහෝ සමබර ලෙස අනිකුත් වැඩ කටයුතු වල නිරත වූයෙමි. ඇසීමෙන් හෝ ධාරණය කර ගැනීමෙන් නොනැවතී සිතට පැමිණෙන කෙලෙස් සිතුවිලි ඒ මොහොතේම, ක්ෂණයකින් හදුනා ගන්නා තැනට පැමිණියෙමි. මුලදි ආයාසයෙන් පුහුණු වූ නමුත් ඉතා කෙටිකලක් ගතවූ විට නිරායාසයෙන් මෙන් ඒ ඒ කෙලෙස ප්‍රහාණය වන කුසල් අරමුණු ඇති වන්නට විය. උදාහරණයක් ලෙස තරහ ඇති වන අවස්ථාවේ මෛත්‍රී සිතුවිලි ඇති විය. මිනිස්සුන් පිළිබඳව පමණක් නොව සතාසිව්පාවා කෙරෙහිද මෙම මෛත්‍රී සිතුවිලි පහළ වූ අතර මවක් තම එකම පුත්‍රයා රකින්නා සේ සියළු සත්වයින්ට මෙත් සිත පැතිරවීම මට මානව වැටහෙන්නට උනා. මනා පෞරුෂයෙන් යුතු පුර්ෂයෙක් දුටුවිට ක්ෂණයකින් ඇති වන ආකර්ෂණය ඒ ක්ෂණයකින්ම ඇට, මස්, ලේ, නහර බවට මෙනෙහි වීමෙන් නැති වී ගියා. මම දිගින් දිගටම ධර්මදේශනා ශ්‍රවණය කලා. ගැටළු මතුවූ අවස්ථාවල පොතපතේ මෙන්ම අන්තර්ජාලයේද පිළිගත් කමටහන් ආචර්යයන් වහන්සේලාගේ ධර්ම දේශනා වලට සවන් දුන්නා. මෙසේ පහළ වන බහුතරයක් සිතුවිලි පිළිබඳව සිහියෙන් මා සිටියා. මට බොහෝ මිතුරන් සිටියත් මා බොහෝ විට හුදකලාව ප්‍රිය කරනවා.
    නමුත් මා පිරිස සමග සිටින විට, වැඩකටයුතු කරන විට ඉතා ක්‍රියාශිලිව සිහියෙන් සියලුදේ පහසුවෙන් සිදු කරනවා. ඒ මට ඇතිවන කෙලෙස් සිතුවිලි නිරුද්ධ වන කුසල් අරමුණු නිරායාසයෙන්ම ඇති වන නිසා. ඇලීම ගැටීම ඉතාම අල්පයි. හිඳගෙන භාවනා කරනවාට වඩා මා බොහෝ විට එදිනෙදා වැඩ කටයුතු කරමින්, ඒ අතර තුර පැමිණෙන කෙලෙස් අරමුණු විචාරමින් සිටින්නේ. මා දැනට රැකියාව කරන්නේ පරිසරය හා බැඳුනු ඉතා සමකාමී ස්ථානයක.
    බොහෝ මිනිසුන්ට යහපත පිණිස පිරිස එකතු වී කරන පොදු වැඩ වලට පවා මා සහභාගී වෙනවා. ඒ වැඩ වලදී පවා රැස් වන කුසල් සසර සැප පිණිස නොව නිවන් පිණිසම වේවායි සිහිවෙනවා. කුසල විපාක අනිත්‍ය බව සිහිවෙනවා. ඒ සෑම දෙයක්ම සිදු කරන්නේ සිහියෙන් කෙලෙස් වැඩෙන දිශාවට හැකිතාක් නොයන ලෙසට.
    මා වාඩිවී මෛත්‍රී භාවනාව හෝ බුද්ධානුස්සතිය වඩන අවස්ථාවල ටික වේලාවකින්ම මහා සිසිලසක් සිරුර පුරා පැතිර ගොස් සමනය වන අයුරු අත්දැක තිබෙනවා. එවිට ඒ ඇතිවී නැතිවී යන ප්‍රීතිමත් සිතිවිල්ල අනිත්‍ය ස්වභාවයෙන්ම සිහිකරනවා. එසේ අනිත්‍ය ලෙස සිහිකරද්දීද නැවත නැවත පිරුණු ප්‍රීතිමත් සිතුවිලි ඇතිවී නැතිවී යන ආකාරය මා බලා සිටියා. සිත විසිරී යන සෑම විටම විසුරුණු බව දැන දැන නැවත භාවනා අරමුණට මා යොමු වෙනවා. කෙසේ උනත් ගිහි ජීවිතය තුළ ඇලීම ගැටීම බහුල බැවින් මෙය හෝද හෝද මඩේ දැමීමක් ලෙසයි මට නිතරම සිතුනේ. පැවිදි වීමට අනේක වරක් සිතුනද පවුලේ අයගෙන් කිසිදු විටක අවසර ලැබුනේ නැහැ. අවසර ඉල්ලුවිට විශාල ප්‍රශ්න පවා ඇතිඋනා. ඔවුනට උවමනා උනේ මා විවාහ කර දීමට. එය ගිහිව තනිව සිටිනවාට වඩා දස දහස් ගුණයක ගිනි ගොඩක් ලෙසයි මට පෙනුනේ. ඒ කෙසේ වෙතත් සිහිය පිහිටුවීම මා දිගින් දිගටම සිදුකලා. මීට අවුරුදු දෙකකට පමණ පෙර ඔබ වහන්සේ විසින් ඉතා විශාල පිරිසක් සඳහා BMICH හිදී පවත්වනු ලැබූ ආධුනිකයින් සඳහා වන දේශනයකට මම සහභාගී උනා. ආනාපානසතිය හා සක්මන මා දැනටමත් සිහියෙන් කරමින් සිටින බව මට එහිදී අවබෝධ වූ අතර එය තව තවත් වඩා නිවැරදිව සිහියෙන් කලයුතු ආකාරය මා දැන ගත්තා. ඉන්පසු ඔබ වහන්සේගේ වැඩසටහන් වලට සහභාගී වීමට මට නොහැකි උනා. මම කිසිදු ස්වාමින්වහන්සේ නමකගෙන් කමටහන් පිළිබඳව පෞද්ගලිකව විමසන්නට අවස්ථාවක් ලැබී නැහැ.
    මේ දක්වා කාලය තුළ විවිධ ප්‍රශ්න මධ්‍යයේ විවිධ කෙලෙස් අරමුණු සිතට එන සෑම මොහොතකම අදාල කුසලාරම්මනයෙන් ඒවා යටපත් වීමයි සිදු වුණේ. මානසිකව කොයි තරම් ඇදහැලීම් සිදු උනත්, ඉවසා දරා ගන්නට බැරි තරම් මානසිකව ඇද වැටුනත් මා මේ සසර දුක් කෙලවර කරමි යන දැඩි අධිෂ්ඨානය මගේ සිතින් කිසි විටක ඉවත් උනේ නැහැ.
    ඒ අධිෂ්ඨානයම මා නැවත නැවත කුසලයට ඔසවා දෙන්නට හේතු උනා. මා සසර කල සියළු කුසල් මගේ වීර්ය පවත්වා ගන්නට හේතුවේවා යැයි මා නිතරම සිතුවා. මාසයකට පමණ පෙර එක්වරම මාගේ පාලනයකින් තොරවම පැරණි සිදුවීම බුරබුරා නැගෙන්නාක් මෙන් ඉතා වේගයෙන් සිතට ගලා එන්නට උනා. මට අකටයුතුකම් කල පුද්ගලයින් පිළිබඳව ද්වේශ සිත් පහළ උනා. මා හට පැවදි වීමට නොදුන් පවුලේ අය කෙරෙහිද මෙම ද්වේශය ඇති උනා. අධික රාගික සිතුවිලි, ලිංගික හැඟීම් පවා පාලනයකින් තොරව නැගෙන්නට පටන් ගත්තා. මේ සියළුම සිතුවිලි අතීත සිදුවීම් එක්ක බැඳිලයි තිබුනේ. අවුරුදු ගණනකටවත් මතක් නොවූ ඇතැම් අතීත සිද්ධි, පුද්ගලයින් මතකයට ආවා. මේ කැළඹීම සුළි සුළඟකට සමානයි. මගේ සිත මට අවනත වෙන්නෙ නැහැ. බොහෝ කාලයක් සංයමයෙන් සිටි මට මෙය මහා හිසරදයක් උනා. ඒ කොතෙක් උවත් මට එන සිතුවිලි ගැන සිහියෙන් මයි සිටියේ. මෙය රාගයක්, මෙය ද්වේශයක් බව වෙන් වෙන් වශයෙන් අදුනා ගන්නට පුළුවන් උනා. නමුත් කිසිම කුසල් මනසිකරයකින් එය යටපත් කරන්නට බැරිඋනා. ඒවා එන්නට ඉඩදී ඔහේ බලා සිටි අවස්ථා බොහෝ තිබුණා. එවිට සිතුවිලි ඇතිවීම අනාත්ම බවද සිහි කලා. වාඩිවී භාවනා කරන්නට හිත දුන්නේම නැහැ. තනිකමක්, මහා බියක් ඇති වූ අවස්ථාද තිබුණා. මහා බියක්‌ දැනෙන්නට උනේ ක්‍ෂණිකව නින්දෙන් අවදි වූ අවස්ථාවලදී සුළු මොහොතක් යනතුරු පමණයි. බොහෝ විට එය "මම තවමත් සසරේ" ලෙස ඉතා බිය ජනක හැඟීමක්. ඉන්පසු අවධි වූ බව දැන විනාඩි කිහිපයකින් යථා ස්වභාවයට පැමිණෙනවා. මේ හැම සිතුවිල්ලක්ම මහත් ආයාසයකින් යටපත් කරන්නට මගේ හිතත් සමඟම පොර බදින නිසා මට මහා වෙහෙසක් දැනුනා.
    කෙසේ හෝ ගිය සතියේ දිනක රාත්‍රියේ මම බලෙන්ම වගේ වාඩිවී නවගුණ වැල රැගෙන එක දිගට ඉතිපිසෝ ගාථාව ශබ්ද නගා කියමින් බලෙන්ම වාගේ බුදු ගුණ සිහිකලා. ගාථාව 110 වරක් පමණ සම්පුර්ණ වූ පසු දැඩි නිදි මත ගතියක් ඇතිවී නින්දට වැටුනා. පසුවදා අවධි වූ සැනින්ම මගේ සිතට ආවේ පටික්කූල මනසිකාරය. එතනම වාඩිවී පටික්කූල මනසිකාරය මෙනෙහි කරන්න වැනි සංඥාවක්. මා එතනම වාඩි වී දිගින් දිගටම පටික්කූල මනසිකාරය සිදු කලා. දැඩි ආයාසයකින් තොරවම එය සිදු කලා. මහා ලැව් ගින්නක් කාලයක් ඇවිලී ගොස් නිවුණු ස්වභාවයක් මට දැනුනේ. පෙර දා දක්වා පැවති කිසිම අකුසක් සිතුවිල්ලක් සිත තුළ තිබුනේ නැ. මා ඒ කෙලෙස් සිතුවිලි කිහිපයක් ප්‍රවේශමෙන් මෙනෙහි කර බැලුවා. වෙනදා මෙන් කිසිම ගින්නක් ඇවිලුනේ නැහැ. සිතුවිලි මෙනෙහි කල බව පමණයි දැන ගත්තේ. තවමත් සිත පවතින්නේ එලෙසමයි. පෙරටත් වඩා ඇලීම් ගැටීම් ඉතා අල්පලෙස.
    ගරු ස්වාමීන් වහන්ස, BMICH හිදී පැවති දහම් දෙසුමෙන් පසුව මෙපමණ කලක් මා ඔබ වහන්සේගේ දේශනා වලට සම්බන්ධ වී නැත්තත් වසර ගණනාවකට පසුව තුෂාරිකා මහත්මිය විසින් ඔබ වහන්සේ විසින් ධර්ම ගැටළු සාකච්චා කරනු ලබන whatapp group එකක් තුළට මා සම්බන්ධ කොට තිබුණා. එය corona ව්‍යාප්තිය නිසා පවතින විවේකය හේතුවෙන් සාදන ලද chat group එකක්.
    ගරු ස්වාමීන් වහන්ස,
    මා මේ විස්තරය යොමු කරන්නේ කමටහන් ලබාදෙන කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක් ලෙස භාවනා අත්දැකීම් ඔබ වහන්සේට ප්‍රකාශ කිරීමටයි. මා මින් ඉදිරියට පුහුණු කලයුතු යමක් වෙතොත් හෝ පුහුණුවේදී නිවැරදි කල යුතු යමක් වෙතොත් කරුණාවෙන් පෙන්වා දෙන සේක්වා!

     

     

    අපේ හාමුදුරුවනේ, මම තවම භාවනා වඩන්න පටන් ගත්තා පමණයි. භාවනා කරන විට සිත එක අරමුණක තබා ගැනීම හරිම අසීරුයි. සිත එක අරමුණක තබාගෙන! සිත ද්‍යාණයක් කරා ගමන් කරන්නේ කෙසේද ?

     

     

    සතර සෘද්ධිපාද වඩනවිට සෘද්ධියක් නොවීමට ගන්නා වූ වීර්යය හා සම්මා වායාමය අතර සම්බන්ධය කුමක්ද? ෙතරැවන් සරණයි !

     

     

    ස්වාමින්වහන්ස,
    මාසයක පමණ සිට සක්මන් භාවනාව පුරුදු කරමි.කයට දැනෙන ස්පර්ශය තියුණු ලෙස නොදැනීම, හිරිවැටීමකදි දැනෙන ලෙස දැනීම භාවනාවෙ දියුණුවක් ලෙස සැලකිය හැකිද?

     

     

    මාගේ මුණුපුරා 7 හැවිරිදිය. දිනපතා උදේ සක්මන් භාවනාව කරයි. සමහර වෙලාවට ඔහුගේ කකුල තද වී කකුලෙන් ශබ්දයක් ඇසුන බව පැවසීය. විටෙක ඔහුගේ ඇග පුරා හිරි වැටීමක් සිදු වූ බව ද පැවසීය. මේ හැම විටම ඔහු ඉතා බියට පත් විය. සත් හැවිදිරි දරුවෙකුට භාවනා කිරීම සුදුසු දැයි කරුණාවෙන් පහදා දෙන්න.

     

     

    අවසරයි ස්වාමින් වහන්ස,
    භාවනාව මම මාස හතරක් කරගෙන යන්නෙමි. වර්ෂ 40 තිස්සේ පැවතුණු Depression සහමුලින්ම නැති වී ගොස් හමාරය. මම සිය දිවි හානිකර ගන්නට දෙවතාවක් උත්සාහ කර තිබේ. (වයස 10-12 කාලයේදී ) මට අතිශය මානසික සුවයක් දැනෙන අතර භාවනාව දිගටම කරගෙන යමි. ඔබ වහන්සේට නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා.

     

     

    තෙරැවන්සරණයි ! ගෞරවනිය ස්වාමීන් වහන්ස ,
    හිස්භාවයකින් යුතුව පර්යංකයට හිදගතිමි. එලඹි මොහොත එතන එතන දැනගනිමින් සිටිනාවිට නින්දගියා වැනි ස්භාවයකට ගොස් සිටි බව දැනගතිමි. නැවත මෙ මොහොතට සතිය එනවිට කලින් මොහොතේ සිටි ස්භාවය දැනගනිමට නොහැකි වු නිසා නින්ද ගියා වගේ යැයි සිතේ. මෙසේ හිස් ස්භාවයට අවදිවිමත් නින්දයාම වැනි ස්භාවයත් කිහිපවරක් පැයක්තුල සිදුවිය. නින්ද යන ස්භාවය එන විට බෙල්ල පහත්විමත් යලි එසවිමත් දැනගතිමි. පර්යංකයෙන් නැගි සිටිමෙන් පසු නැවත ඉපදුනා වැනි සිතට කයට සැහැල්ලුවක් සුවයක් මහත් ශාන්තියක් දැනුනි. අවවාද අනුශාසනා ලබාදෙන සේක්වා!

     

     

    ධාතු ගුණ නොදැනේ

     

     

    ගෞරවනීය ස්වාමින්වහන්ස,
    සක්මන් කරන දෙවන වසරේ හයවන මාසයයි මේ ගතවන්නේ. හැම වාරයකදිම සිත අරමුණින් පිට යන අවස්තා බොහෝ තිබෙනවා. නමුත් මෑත දිනක් හිතට අවවාද කර සක්මන් වාර හතරක් හිත පිට නොයවා එක දිගට ගමන් කලා. හැර්‍රමෙදි හිතට රූපයක් අරමුණු උන නිසා මා නැවතී සිටියා. එවිට බිම පොළොව ආනතව පහලට කිඳා බැස තිබුණා. සියුම් දැල් චලනය වෙමින් මෙන් තිබුණා.සුලු වෙලාවකින්,නැතිව ගියා. මෙය දෑසින් දුටු දෙයක්. පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබවහන්සේට නිරෝගි,දීර්ඝායු පතමි.

     

     

    සතිපට්ඨාන භාවනාව කලක් ප්‍රගුණ කර ධාතුගුණ දැනෙන මට්ටමේ භාවනා ප්‍රශ්න සදහා පිළිතුරු :

    මා සතිපට්ඨාන භාවනාව කලක් ප්‍රගුණ කර ධාතුගුන දැනේ. මෙම තත්වය සමඟ දැන් මාගේ මනස ස්ථාවර නොවේ. භාවනාව ඉදිරියට කරගෙන යෑමට ඔබවහන්සේගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි..

     

     

    ශුෂ්ක විදර්ශනා භාවනා ක්‍රමය පිළිබඳ පැහැදිලි කිරීමක් හා එම භාවනා ක්‍රමය සිදුකරන ආකාරය පිලිබඳව හැදින්වීමක් කල හැකිද ?

     

     

    දිනපතා ඇවිදීමට හුරුවී සිටිමි. ඇවිදින විට තව කෙනෙක් සමග කතාකරමින් ගියත් යටි පල්ල පොලොවේ ගැටෙන අවස්ථාවට සතිය නිරායාසයෙන් යොමුවේ. සෑම පියවරක් පාසාම මෙය සිදුවන බව මෙයින් අදහස් නොකරමි. බොහෝ විට සිදුවෙයි.
    මට ඇති ගැටලුව නම් , සෑහෙන කාලයක සිට කන්වලට රැහැයියන්ගේ නාද වැනි සද්දයක් දිගින් දිගටම ඇසීමයි. එසේ වුවත් කන් ඇසීමේ දුර්වලතාවයක් නැත. වාහනය පදවන අවස්තාවේ ඉතා හොදින් දැනේ. මෙය මා මැරෙන මොහොත දක්වාම තිබේ යයි සිතේ. එසේ විය හැකිද?

     

     

    ගෞරවනීය ස්වාමින්වහන්ස , අවසරයි,
    මම වසර කිහිපයක් සිට භාවනා කරත් , ඔබවහන්සේ අනුශාසනා කරන පරිදි සක්මන් භාවනාව මාස දහයක පමණ සිට කරමි . දැනට උදේට පැයක් සක්මන් භාවනාවට යොදා ගනිමි.
    ළගකදී සිට කෙණ්ඩා පෙරලීම සහ ඇඟිලි හිරිවැටීම් ගති ඇතිවී තිබේ.නිතර නිතර ඇතිවේ. මෙය භාවනාවේ දියුණුව නිසා ඇති වූ ලක්ෂණද? මල් කඩන විට , මැල්ලුම් කපන විට ඇඟිලි හිරි වැටීම් ඇතිවේ. කලින් බය දැනුනි දැන් බයක් නැහැ .කෙණ්ඩා පෙරලීම දින කිහිපයක් නැතිව තිබී දැන් ආයෙත් දැනෙයි., නමුත් පෙරට වඩා අඩුයි.
    සක්මන් කරන පැය තුල පිටින් එන ශබ්ද ඇසුනත් ඒවාට අවධානය නොයයි. සක්මන දිගටම බධාවකින් තොරව කරන්නට පුළුවන් . අවවාදයක් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා ! ඔබවහ්ස්න්සේ ප්‍රර්ථනා කරන්නාවූ බෝධියකින්ම නිවන් සුව අවබෝධ වේවා! තෙරුවන් සරණයි!

     

     

    මම 2000 වසරේ සිට ගොන්කාජිතුමාගේ දින දහයේ භාවනා ප්‍රගුණ කලමි. එහිදී පිට කොන්ද දිගේ ඉහලට ඔලුව හරහා වායු ධාරාවක් වේගෙන් යන බව දැනුණි. ඉන්පසුවද සිත එකග වන විට මේ දේ සිදුවන අතර උගුර හරහාද වායු ධාරාවක් පිටවේ. එම නිසා භාවනා කරන විට මධ්‍යස්ථ වේ කමටහනට නොයයි. මෙම තත්වය වසර කිහිපයක සිට සිදුවේ. ඔබවහන්සේගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

     

     

    ගෞරවනීය ස්වාමීන් වහන්ස,
    උද්ගත වී ඇති තත්වය මත සති දෙකක පමණ නිහඩ බවකින් පසුව නැවත සතියක පමණ කාලයක සිට සක්මන් භාවනාවේ නියැලේ. සක්මන් භාවනාව ආරම්භ වී විනාඩි 5 ක් පමණ වන වන විට ධාතු ගුණ දැනේ. විනාඩි පහෙන් පහ වගේ වෙනස් වෙනස් ධාතු ගුණ එනම් දෙපා කැක්කුම් ගති, තද ගතියක්, දෑතේ ඇඟිලි තුඩු හිරි වැටෙන ගතියක්, හිසේ හා ඇස් වල තද ගතියක් දැනේ. ගෙදර අයකු කතා කරද්දී ඊට උත්තර දෙමින් දෙපතුල් කෙරෙහි අවධානය තබා උත්තර දෙමි. වටපිට බලමින් වුවද දෙපතුලේ අවධානය තබා සක්මන් කළ හැකි ය. මෙසේ දිනකට පැය භාගයක් පමණ සක්මන් කොට ආනාපාන සතියේ පටන්ගත් විට දැනෙන්නේ වෙහෙසකාරී බවකි. ආනාපානේ විනාඩි දහයක් පමණ සිටින විට වෙහෙසකාරී බවත් ධාතු ගුණත් ක්‍රමයෙන් නැති වී යයි.
    සතියෙන් භාවනාවේ නිරත නොවන අවස්ථාවලදී අතපය කූඹි කනවා දැනේ. නමුත් එසේ නැත කිසිවකුත්. නින්දයාමත් ඉතා අඩු ය. ඉඳිකටු තුඩු වලින් අනින ගතියක් භාවනාවේ නිරත නොවන අවස්ථාවලදී දැනේ. රැකියාවක යෙදී සිටි අවුරුදු 57 ක අයෙක්මි. ගරු ස්වාමීන් වහන්ස උපදෙස් පතමි. තෙරුවන් සරණ සහ නිදුක් නිරෝගී බව පතමි.

     

     

    අභිජ්ජා, ව්‍යාපාද සහ ලෝභ, ද්වේෂ අතර ඇති වෙනස කුමක්ද?

     

     

    මීට අවුරුදු කීපයකට පෙර මට අත්ල හා මුලු අතෙහි ම හිරි වැටිලා වෛද්‍ය පරික්ෂණ වලින් පසුව සැත්කමක් මගින් මෙය මගහැර ගත හැකි ඛව වෛද්‍යවරයා කීවා. නමුත් වැඩ කරගෙන යාමට අපහසු වන නිසා සැත්කම් කරෙ නැත. හිරි වැටීමත් අඩු වැඩි වශයෙන් දිගටම පැවතුණා.

    පසුගිය මාස තූනක පමණ සිට මම දිනපතා භාවනාව පැය භාගයක් හෝ පැයක් පමණ කරනවා. අත්ල හිරි වැටීම, පිට දිගටම චංචල ස්වභාවය භාවනාව අතරතුර සහ වැඩ කරන විට දැනෙනවා. විටෙක මෙය ධාතු ගුණ ප්‍රකට වීමක් බව හැගුනත්, තවත් විටෙක මෙය අවුරුදු කීපයකට පෙර ඇති වූ කාපල් ටනල් සින්ඩ්‍රම් තත්වය ද කියා සැක පහළ වෙයි. සක්මන් භාවනාව දිගටම උනන්දුවෙන් කර ගෙන යනවා.

    ස්වාමීන් වහන්ස ගෙන් උපදෙසක් පතමි.

     

     

    මීට සතියකට පෙර මගේ දකුණු කකුලේ වළලුකර ඉදිමි වේදනා සහගත විය . ඊට පෙර දින මම පැයකට වැඩි වේලාවක් හොදින් සක්මන් කලෙමි, ධාතු ගුණද සියුම්ව දැනුණි , ඒවාට ඇලීමට හෝ ගැටීම නැතිව සක්මන් කිරීමට උත්සාහ කලෙමි . එම සතියේ සැම දිනකම බොහෝ විට උදේ හා සවස හොදින් සක්මන් කලෙමි ... මීට අවුරුදු 20 කට පෙර ලංකාවේදී පොලිස් අබ්යාස විද්‍යාලයේ පුහුනුවකදී කකුලේ වළලුකර කෙටීමක් හේතුවෙන් පටන්ගත් මෙම ඉදිමීමේ තත්ත්වය එම පුහුණුව පැවති සති දෙක තුල ප්‍රතිකාර ගත නොහැකි වීමේ හේතුව මත වැඩිවී ඉන්පසුව නිරන්තරයෙන් ඉදිමේ. අවුරුදු 10 පමණ විවිද ප්‍රතිකාර කර සුව විය. යම් හේතුවක් මත එදිමිම සැ දුනොත් එදිනෙද කටයුතු සදහා ඇවිදීම කෙසේ හෝ කලයුතු නිසා සතියක් පමණ කාලයක් සුවවීමට ගතවේ. තවද , මගේ කකුලේ වලුකරට ඉහලින් දද යක් /කුෂ්ට තත්ත්වක් ද සමහරවිට ඇත . එවිට බොහෝ වෙලා ඇවිදීම / සක්මන් කිරීමෙන් විශේශයෙන් ශී ත කාලයේදී ඉදිමිම ඇතිවේ . මා පසුගිය වසරේ සප්තම්බෙර් මාසයේ දසදින නේවාසික ගොඑන්කා භාවනාවට සහභාගි වූ වේලාවේද ඇඟේ සැම තැනකම වගේ සහ වලලුකරේ කුෂ්ට තත්වයක් හා වළලුකර ඉදිමි තිබුනු නිසා එහිදී සිදුකෙරුණු පර්කංක භාවනාව කකුල නමාගෙන සිටීම අසීරුවෙන් සිදුකෙරුණි . මේගමන කකුල ඉදීමීම සිදුවුයේ මම ජනවාරි මාසයේ සක්මන් භාවනා කිරීම පටන් ගත්තට පසු පළමු වරටය . මෙවර ඉදිමීම නිසා සක්මන් නොකරන නමුත් ස්වාමින් වහන්සේගේ දේසනා (ධම්මානුපස්සනාව) අසමි . ගෙදර වැඩ කරන විටද වාහන ය පදවන විටද ධාතු ගුණ දැනේ . කකුල ඉදිමි දින කිහිපයක් සක්මන් කිරීමට නොහැකි වන අවස්ථාවකදී භාවනා කලයුතු ආකාරය පිළිබදව උපදෙස් පතමි.තෙරුවන් සරණයි !

     

     

    මාස කිහිපයක සිට දිනපතා සක්මන් කරමි. සක්මන් කරන විට ධාතු ගුණ එතරම් දැනෙන්නෙ නැත. නිවසේ වැඩකරන විට මෙය තරමක් දැනේ. මෙය ධාතු ගුණ සියුම්වීමක්ද ? දැන් මම හරකා වගේ ඇවිදින එක සහ වැඩ කිරීම කල යුතුද ? කරුණාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි !

     

     

    අවසරයි ස්වාමීන්වහන්ස,

    මම මෑතකදී (සති 2ක පමණ කාලයක්) සෑම දිනකම උදෑසන නිවසින් බැහැරව පැයකට පමණ ආසන්න කාලයක් සක්මන් කිරීමට පටන් ගත්තෙමි. ඔබ වහන්සේගේ දේශනාවකටද සවන් දෙමින් මෙය කරයි.

     

    1) නිරායාසයෙන්ම ඇතැම් විට විළුඹ ස්පර්ශ වන තැන කෙරෙහි සතිය පිහිටයි. මෙය භාවනාවෙහි දියුණුවත් සමඟ මගහැරී යා යුතුද?

     

    2) දින කිහිපයක්ම රාත්‍රීයෙහිදී තදබල හිසෙහි වේදනාවකින් පෙළුණ අතර ගෙදර වැඩ කටයුතු කරන විට මඟ හැරුණු නමුත් නින්දට යන විට නැවත වේදනාව හට ගත්තේය.

     

    3) දින දෙක තුනකට පෙර යළිත් උපතක් නොළැබුනොත් කියන අදහස ඉස්මතු වී දෙමාපියන් දූදරුවන් ඇතුළු පවුලේ සියලු දෙනා ගැන සිහිවී ඉතා කණගාටුවෙන් සහ මානසික පීඩනයකින් දවස ගත කළෙමි. ඊට පසු දින භාග්‍යවතුන් වහන්සේ සිහිවී ගුණ සිහිවන සෑම මොහොතකම ඉතාමත්ම සංවේගයෙන් දවස ගත කළෙමි. භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් අවවාදයක් පතමි.

     

     

    සක්මන් භාවනාව කරන කෙනෙක් ට තමන්ගේ සංකල්පනා වලින් ඇති වන අකුසල් සහ කුසල් දැකලා පජානාති ගුණය ලබා ගත හැකි ඛව සම්මා දිට්ඨි සූත්‍රය පොත කියවා දැන ගතිමි. මෙය සක්මන් කරන විටදී පමණක් ඇති වන ගුණයක් ද? සක්මන් කරන විටදී කෙනෙක් වඩන කුසලය කුමක්ද? සූත්‍රය කියවන විට ඇති වුණු මෙම ගැටලු වලට අනුකම්පා කර පහදා දෙන්න. සක්මන් භාවනාව දිගටම දිනපතා කරමි.
    තෙරුවන් සරණයි.

     

     

    මා කලක පටන් සතිපට්ඨාන භාවනාව වඩමි. පරියන්කයේදි මෙන්ම සක්මනනේදි ධාතු ගුණ දැනේ.. එසේම රාජකාරි කටයුතු සිදුකිරිමේදි ද බස්රථ, වාහාන ආදියේ ගමන් කිරිමේදිද උණුසුම්, කම්පන දැනේ. එහෙත් ශරිරයේ සෑම තැනකම නොදැනේ. මුළු ශරිරයේම දැනීමෙන් පසු අනිත් පියවර කරා යා යුතුවේද? උපදෙස් පතමි.. අද දින ඇවිදින සක්මන සිදුකරන්නට උත්සහ කරත් මනසට නොයෙකුත් දේ පැමිණිම නිසා දෙපා පොලොවේ ස්පර්ෂ කරත් එය සතියට හසු නොවන බවක් දැනුණි.. ඉන් පසු හරකා මෙන් ඇවිදිම සිදුකරන විට බර ගති, හිරි ගති ආදි ධාතු ගුණ ප්‍රකට වෙන්නට පටන් ගතිමි.. මෙය නිවැරදිද උපදෙස් පතමි.. ඔබ වහන්සේට තෙරුවන් සරණයි...

     

     

    ගරු ස්වාමින්වහන්ස, මම දිනපතාම වගේ පැය භාගයක් හෝ පැයක් සක්මන් භාවනාව කරමි. භාවනා නොකරන විටදීද බොහෝ දුරට ධාතු ගුණ දැනේ. නින්දට යන විට ද හෘද ස්පන්දනය සහ කන ආසන්නයේ ධාතු ගුණ දැනේ. පසුගිය සති දෙකක සිට නින්දේදි මුළු රාත්‍රිය පුරාවටම ඉතා දිග සිහින දකින්නට විය. උදයට නිදිමත ගතියක් නැත. ඒවා එක් එක් ආකාර සිහිනය. බොහෝ සිහිනවල අවුරුදු එක හමාරකට පමණ පෙර මිය ගිය මාගේ අම්මා සිටියාය. අම්මා දුටුව විලාසය ඇය අසනීප වී මිය ගිය කාලයේ මෙන් නොව සනීපයෙන් සිටී මැදිවියේ කාලයේ මෙන් විය. එසේ වුවද, ඉරිදා උදෑසන 7ට පැවැත්වෙන සමූහ භාවනාව සඳහා උදෑසන 5.30 ට පමණ අවදි වන විට පෙරදා රාත්‍රියේ වෙන දා මෙන් දිග සිහින දුටු බවක් මතක නැත. මෙම තත්ත්වය පසුගිය සෙනසුරාදා දෙකෙහිම සිදුවිය. එය සෙනසුරාදා වේලාසන නිදා ගත් නිසා වන්නට පුළුවන. තවද, ඉස්සර භාවනා කිරීම අතපසු වූ විට වැඩ අධික වීම නිසා එය සිතට කරදරයක් වගේ දැනුනි. දැන් එසේ නැත. උපදෙසක් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි..

     

     

    ගරු ස්වාමින්වහන්ස, මුලින් සක්මන් භාවනාව සිදු කිරිමෙදි ඉබෙම අවිදිම සිදුවුන අතර එම නිස පාදයෙ සිහිය පවත්වේම පහසු උනි.එහෙත් දන් සක්මන සිදුකිරිමෙ එක විට නවතිමට මෙන් යනව.එවිට නෙවත සක්මන් කිරිමට විදානයක් දිමට සිදුවෙ.මෙය පාදයට සිහිය පවත්විමට බාදාවක් වෙ.මෙය මගහරිමට උපදෙසක් දෙන මෙන් කරුනිකව ඉල්ලා සිටිමි.

     

     

    ගෞරවනීය ස්වාමීන් වහන්ස ,
    මම ඔබ වහන්සේගේ උපදෙස් පිලිපදිමින් සක්මන් භාවනාව දැනට මාස 8 පමණ කාලයක සිට ප්‍රගුණ කරනවා .නිදිමත ඉක්මවූ මා හට මුලදි සක්මනේදී ධාතුගුණ හොඳින් දනුනා .මෑතකදී සිට ධාතුගුණ දැනෙන්නේ අඩුවෙන් .සමහරවිට දැනෙනවා සමහරවිට නෑ.නමුත් කය විවේක වූ සෑම අවස්ථාවකම හා නින්දට පෙර ශරීරය පුරා ස්පන්දන රිද්ම හිරි ගති හොඳින් දැනෙනවා .එවිට මම ඒ දෙස ඔහේ බලාසිටිනවා.එය ප්‍රියමනාප හැඟීමක් බව දැනෙනවා .

    දැන් දෙපාවල සතිය පවත්වා සක්මන් කිරීමේදී නොයෙකුත් සිතිවිලි ඇතිවෙනවා.හිත කතාකරන ස්වාභාවයක් දැනෙනවා .ප්‍රශ්නකාරී සිතිවිලි ඇතිවෙනවා .භාවනාව පිරිහී ඇතිබවක් සිතෙනවා .භාවනාව එක තැන නැවතී ඇතිදැයි සැක සිතෙනවා .සතිමත්ව සක්මන් කරනවිට බොහෝ අවස්තාවල තද නිදිමත ගතියක් දැනෙනවා . එවිට මම භාවනාව නවතා දමනවා. සමහර අවස්තාවල සතිය නොපවත්වා ඔහේ ඇවිදිනවා.මෙහිදී දෙපා තබනා රිද්මය බඩ පපුව උකුල ආදී ප්‍රදේශවලින් දැනෙනවා .එවිට ඒ ගැන අවදානය යොමුවෙනවා. එය දිගටම පවතින්නේ නෑ.සිතිවිලි ඇතිවෙනවා .

    මෙසේ නොසන්සුන් වන මම දින දෙක තුන සක්මන නවතා ගෙදර දොර වැඩකටයුතුවල පමණක් නිරත වෙනවා .(මම ගෙදර දොර හොඳින් වැඩකටයුතු කරනා කෙනෙක් )දින දෙක තුනකින් නැවත සතිය පවත්වා සක්මන් කරනවා .මෙහිදී මුලදි සක්මන හොඳින් කෙරුනත් පසුව සිතිවිලි වලින් පෙර ආකාරයට සිත නොසන්සුන් වෙනවා .
    ගෞරවනීය ස්වාමීන් වහන්ස මාගේ භාවනා තත්ත්වය සලකා බලා අනුකම්පාවෙන් උපදෙස් පතමි .මෙවැනි අවස්තාවල හරකෙකු මෙන් ඇවිදීම හා නිවසේ වැඩකටයුතුවල නිරත වීම භාවනාව බහුලීගත කිරීමට උදව්වක්ද?

    එසේ කෙතරම් කාලයක් කලයුතුද? නැවත සතිය පවත්වා සක්මන් කලයුතු නැද්ද ? ඔබවහන්සේට තෙරුවන් සරණ පතමි ..

     

     

    දැනට මාස දෙකක වැනි කාලයක් පමණ සක්මන් භාවනාව පුහුණු කරමි. සිතට සිතුවිලි ඉතා වේගයෙන් පැමිණේ. එකක් ඇවිත් යාමට යෑමට පෙර තවත් එකක් එයි. අඩුම තරමේ පත්තරයක් පොතක් බැලීමට වත් සන්සුන් නැත. හරි කලබලයි. සක්මන් භාවනාව කරද්දි සිතුවිලි පැමිණියත් එය නොසලකා භාවනා කිරීමට හැකිය. රාජකාරි වැඩ වුවත් කොපමණ තිබුනත් වෙහෙසක් නැතුව සිදු කරත් නොසන්සුන්කම කලබලයක් සැම විටම පවතියි. විටෙක උමතු ස්වභාවයක් මෙන් දැනෙයි. වැඩක් නොමැතිව සිටියත් ඒ තත්ත්වමයි. මින් මිදීමට කළහැකි දෙයක් ඔබ වහන්සේගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි.

     

     

     

    සතිපට්ඨාන භාවනාව කලක් ප්‍රගුණ කර ධාතුගුණ දැනී සියුම්ව පවතින/නොදැනෙන මට්ටමේ භාවනා ප්‍රශ්න සදහා පිළිතුරු :

    දැන් සිහිය තියෙන්නෙ හිතට එන අරමුණ වල. එවා ආවත් ගානක් නැත ඉස්සර වගෙ තරහකුත් නැත මට දැනෙන්නෙ සක්මනෙ නම් ඇවිදිනවා කියලා දන්නවා එත් සිත පිට ගිහින් කියලත් දන්නවා, එ පිට ගිය අරමුණ එක්ක ටිකක් වැල් වටාරම් වලට මාත් එකතු වෙනවා එත් එක්කම යටි පතුලේ හිත පිහිටනවා මෙක මෙහෙම වෙනවා ගොඩක් මම හිත්න්නෙ නැ. අරමුණ ඉබෙ එන්නෙ පර්‍යංකයෙදි කයට හොදට හිත එනවා වට පිට තෙරුමක් නැ කය ඇතුලෙ තද හො දාඩිය හො සීතල හො වෙදනාවක් සිතිවිලි ආවත් සිහියෙන් ආය අරමුණට එනවා එ කියන්නෙ කයට දැන් මාස ගානක් මෙහෙමයි එත් මට නිකන් ඉද්දී කොච්චර හිත නිමුනත් මාන්නෙ වැඩු දිට්ඨිය හැදිලා නැ. තරහ එනවා එ බව දන්නවා මාන්නෙ කියලා හදුනනවා දිට්ඨිය හදාගන්නෙ කොහොමද ?

     

     

    ව්‍යායාම කිරීම භාවනාවට බාධාවක්ද? ඒ තුලින් සක්කායදිට්ඨිය ඇති වේද?

     

     

    මම දැන් කාය,වේදනා,චිත්ත,ධම්ම අනුව සක්මන් භාවනාව කරමි. මෙහිදී මම ඉරියව්වකට (දණහිස නැමෙන ආකාරය ) හිත තබා ගනිමි. මා මෙය අනුගමනය කරන ක්‍රමය නිවැරදි ද ?

     

     

    ඔබ වහන්සේ ඔබ වහන්සේ සඳහන් කර පරිදි බොජ්ජංග දෙකක් දැනේ. ඉදිරියට කරගෙන යමි. මනසට එන ධම්ම ගැන බලාගෙන සිටිමි. එවිට එම ධම්මය නැති වී යනවා. භාවනාව නැති විටත් මගේ හිතට එන රාග, කේන්ති හා අනෙකුත් ධම්ම ගැන බලාගෙන සිටින විට එය නැති වී යයි. එවිට භාවනාවේ එන මනසේ සතුට දැනෙයි. එසේ කිරීම නිවැරදි ද ? නැත්නම් වෙන ක්‍රමයක් තිබේ ද ? පහදා දෙන්න.
    ඔබ වහන්සේගේ කමටහන් මා කරගෙන ගියෙමි.
    වෙබ් පිටුව සහ වීඩියෝ ඔස්සේ. මේ පලවන ප්‍රශ්නයයි. තෙරුවන් සරණයි මැරුණත් කමක් නැහැ නිවනටම කමටහන දෙන්න. තෙරුවන් සරණයි.
    මම පිරිසිදුව පිළිවෙළට ඉන්න ගොඩක් කැමති කෙනෙක්. නමුත් තවම එය නම් හිතෙන් අඩු වී ඇති බවක් නො පෙනේ. පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

     

     

    මා ඇතැම් කාලවල භාවනාව ධාතු ගුණ සියුම් වී කලක් ගත කර මේ වන විට නැවත ධාතු ගුණ ප්‍රකට වන අතර එය නිරායාසයෙන්ම සිදුවන්නකි. එලෙස මාරුවෙන් මාරුවට සිදුවේ.එහිදී හිත් පීඩා ඇති වුවද ඔහේ ඇවිදීම තුලින් එය මග හැරී නැවත නිරායාසයෙන් සතිය කලකට පසු පැමිනුනි.

    1. මෑතක සිට මාගේ කන් දෙකෙහි කන් කුහර අභ්‍යන්තරයේ හා ඒ අවටත් නිතරම විවිධ ධාතු ගුණ ප්‍රකට වූ අතර එය හින්සාකාරී හැඟීමක් ගෙන දේ.ඇතැම් විට කැසීම නිරායාසයෙන් සිදුවේ.එය මග හරවා ගැනීම සඳහා පුරුදු භාවනා වම කිරීම ප්‍රමාණවත් ද? එසේම දිව අග තුලද කලා තුරකින් ධාතු ගුණ ප්‍රකට වේ. එය හින්සාකාරී නොවේ.

    2. ඊළඟ ගැටලුව නම් ඉක්කා වැටීම සහ ශරීරය ඇලෙන සුළු ගතිය ධාතු ගුණයන්ද.

    3. මා හට රාත්‍රි නින්දේදි එනම් එය අඩ නින්දක්ද නොවෙයි එහිදී මනා සිහියක් ඇති බව මා හට වටහාගත හැකිය. එහිදී මා හට පපුව ආශ්‍රිතව ආරෝපණයක් වැනි දෙයක් සිදු වී ඒ හරියේ කම්පනය වැනි දෑ සිදුවී පපුව අභ්‍යන්තරයෙන් වේගයෙන් ගැහීමටත් ආරෝපණයක් වැනි දෙයක් සිදු වන බවත් මට බයක් ද ඇතිවන බව මට දැනී ඇත.එය වරින්වර සිදුවන බවත් එමගින් මා හට බියක් ඇතිවී ඇතැම්විට බිය ජනක දෙයක් වෙන්න යනවා දැයි හගුනි. එක් දිනක් එය නොතකා මෙය ධාතු ගුණයක් යැයි සිතා එයට ඇලීම ගැටීම තොරව සිටීමට උත්සාහ ගත් අතර එහිදී එක්වරම පපුව ආශ්‍රිතව විවර වීමක් වැනි දෙයක් සිදු වූ අතර ක්ෂණිකව මා බියට පත් වීමත් සමග එය නැතිවී ගියා. මෙය රාත්‍රියේ දී පමණක් සිදු වන අතර මෙය ධාතු ගුනයක්ද නැතහොත් මනසින් මවා පාන දෙයක් ද නැතහොත් මෙය භාවනාව හරහා සිදුවන දෙයක් ද යන්න මට වැටහීමක් නොමැත මෙහිදී මා කළ යුත්තේ කුමක්ද.මෙම ස්වරූපය රාත්‍රී කාලයේ දී බොහෝ කාලයක සිට මා හට පැවතෙමින් ආ අතර මා හට මෙය භාවනාවට පෙර ද සිදු වූ බව ද නිශ්චිතව මතක නැත.මෙහිදී කුමක් කළ යුතුද යන්න පිළිබඳව උපදෙස් පතමි.

     

     

    ගරු ස්වාමීන් වහන්ස මා දැනට ඔබ වහන්සේගේ කමටහන් වලට අනුව අවුරුදු 3 පමණ සිට භාවනා කරමි, මේ වන විට මාහට සිත සන්සුන් වන බොහෝ විට චංචන කම්පන දැනෙන අතර එය සක්මනේ දී යම් අඩුවක් ඇතත් ,හොද සක්මනකට (පැය 1)පසු පර්යන්කයේ දී වාඩි වී තත්පර කීපයකින් චංචන කම්පන දැනීම පටන් ගනී,එය බොහෝ වෙලාවක් පවතින අතර මා එයට ඇලී මක් හෝ ගැටීමක් නැතිව බලාසිටිමි,සමහර අවස්ථා වලදී එයද නොදනී යන අතර නමුත් මා නින්දේ නැති බවද දනිමි,තවත් විටෙක චංචන කම්පන දැනෙනවිටද හිත පිට යන අතර එවිට හිත දෙස බලා සිටිනවිට ඒවා නැතිවී යි, සක්මනදී සිත සමාධිමත් වූ විට මාගේ වළලුකර නැමෙන දිගහැරෙන ආකාරය හොදින් දෙනෙන අතර සිතේ සමාධි ගතිය වැඩිවී ප්‍රීතිමත් ගතියක් සිතට දැනේ ,මාගේ භාවනාව නිවැරදිද . තවදුරත් කරගෙන යාමට උපදෙස් පතමි,ඔබ වහන්සේට තෙරුවන් සරණයි.

     

     

    මෙම ප්‍රශ්ණ උත්තර මාලාවේ කලින් යොමුවී ඇති ප්‍රශ්නයක දැක්වූ ලෙසට ,මා හටත් යම් ආකාරයේ සිරුරේ කඩා වැටීම් පසුගිය සතියක අත්දැකිමි. මෙය නින්දක දී නොව, පියවි සිහියෙන් සිටි අවස්ථාවක වුවත් , ඒ අවස්ථාව නින්දක් මෙන් හැඟුනි . මොහොතක සිහි විකල් වීමක්ද කියා සිතුනත් , බයක් ඇති නොවිණි. වෙහෙසකර තත්වයක් නිසා වෙන්න ඇති කියා එය අමතක කරා .
    දැන් මට අමතක වීම් බොහොම තදින් නිතරම වෙයි . විශේෂයෙන් කථා කරන විට වචන අමතක වෙයි. හුඟක් වෙලාවට කියන්න යන මුළු වාක්‍යටම වචන මතක් කර ගන්න බැහැ . පුළුවන් උනත් වචන මාරු වෙනවා. උදා - රතු වලට කහ කියයි. යන්න කියන්න උවමනාවී ඒ වෙනුවට නානා වචනය යොදයි. නමුත් මෙ තත්වය ලියා එවීමේදී බලපාන්නේ නැති තරම් වධයක්වී හුඟක් අපහසුතවයකට පත්ව සිටිමි. තනිවී ඉන්නට සිතෙයි.

     

     

    ගරුතර ස්වාමින් වහන්ස,
    1. පර්යංක භාවනාව කරගෙන යාමෙදී (ඇස් ඇරගෙන) විනාඩි 30 කට පමන පසු මූහුන ආශ්‍රිතව හිස්කබලේ කොටසක් ලෙසින් විකෘති වු කොටසක් ලෙස දැනෙන්න විය. එවිට හුස්ම නොගෙන සිටින සෙ දැනුනා එවිට බලෙන්ම හුස්ම ගත්විට භාවනාව මදක් කැඩුනු සෙයක් අත්දුටුවා. පහදා දෙන්න. වැරදි නම් උපදෙස්ද ලබා දෙන සෙක්වා.

    2. භාවනාව කර පැයකට පසුව නැගිටින විට කකුලක තද බල හිරි ගතියක් එනම් කකුල නැතුව සෙ දැනෙනවා. මම අතින් අල්ලා කෙලින් කල පසු ටික වෙලාවකින් කකුල ඇති බව දැනෙන්න පටන් ගනී. පසුව කිසිදු වෙනසක් හෝ වෙදනාවක් නැත. පහදා උපදෙස් දෙන සේක්වා.

    3. සත්තානං විශුද්ධියා ගුණය හීනෙන්ද දැනීමට පුළුවන් දැයි පහදෘ දෙන සෙක්වා. තෙරුවන් සරණයි....

     

     

    සති තුනකට පෙර මට මධ්‍යම රාත්‍රියේදී ක්ලාන්තයක් ඇති විය. මට වැසිකිළියට යාමටද සිදුවිය, ඊට පෙර මම වතුර බිව්වා. මට පිටුපස ගුද මාර්ගය පැත්තෙහි බරක්ද තිබුණි. අපහසුතාවයෙන්ම ළපහ පසු කළ මුත්‍රා පිටවීම. ලේ ගැලීමක් නැත. මීට පෙර ලේ ගැලීම් තිබු අතර මම ආයුර්වේද ප්‍රතිකර්ම කිහිපයක් මාස කිහිපයකට ඉහතදී ඒ සදහා ගෙන සුවයක් ලැබුවා. මීට සතියකට පෙරද නැවතත් එවැනිම ක්ලාන්ත ඇතිවුනා.

    මම දැනට දියවැඩියාව සහ අධික රුධිර පීඩනය සදහා බෙහෙත් ගන්නනවා. මට මතකයි මම පොඩි කාලේ පාසැලේදී නිතරම ක්ලාන්ත ඇති වුනා.
    මම තුෂාරිකා මහත්මියගෙන් උපදෙස් ද ගත්තා ඇය මට කිව්වා සන්ධි නැවෙන්න වැඩ කරන්න හෝ ඇවිදින්න කියලා.
    මම දැන් සිතුවේ දවසට පැය 1/2 හෝ හමාරක් දැඩිව ඇවිදීම කරන්න ඒ හා සමාන කාලයක් සාමාන්‍ය ඇවිදීම කරන්න. මෙය කිරීම සුදුසු ද? මට සාමාන්‍යයෙන් පිටුපස පැත්තෙන් සහ ශරීරය පුරා උණුසුම ඇතිවෙනවා.

     

     

    ගරු ස්වාමීන්වහන්ස ,
    දැනට මාගේ ධාතු ගුණ සියුම් වී වසරක් පමණ ගත වී ඇත. පෙරදී අකමැත්තෙන් කල ගෙදර වැඩ දැන් එතරම් අකමැත්තක් නැතුව කරමි. දවසට පැයක් වත් ඇවිදීම කරමි. හන්දි නැවෙන විට භාවනාවක් තියනවා යයි සිතමින් ගෙදර වැඩ සතුටින් කිරීමට උනන්දු වෙමි. ධාතු ගුණ දැනුනු කාලයේ භාවනාවේ ආනිසංස එදිනෙදා ජීවිතයේ අත්දැකීමට ලැබුණු නිසා සතුටු වූවෙමි. දැන් ධාතු ගුණ ඉතාම කලාතුරකින් යන්තමට වාගේ පමණක් දැනේ. දැන් දැන් භාවනාවේ දියුණුවක් නැතුව පිරිහීමකට යනවා දැයි සිතේ. මේ නිසා සිතේ යම් අසහනකාරී බවක් ඇත. සක්මන් කිරීමටද වෙනදා මෙන් උනන්දුවක් නැත. එහෙත් සතිය කමටහනේ නොතියා හරකා මෙන් ඇවිදීමක් කරමි. එවිට එදිනෙදා කරන දේවල් පමණක් හිතට ගලා එයි. එවිට සිහිය බොහෝ විට ඉබේම කමටහනට එයි.
    මා හට ඇති ගැටලුව නම් පරණ කුණු එන්නේ නැතුව, එදිනෙදා කුණු පමණක් එන්නේ භාවනාවේ පිරිහීමක් නිසාද යන්න කියායි .
    තවද කමටහනට අවධානය නොතබමින් (හරකා මෙන් ) ඇවිදීමේදී වට පිට බලමින්, කතා කරමින් යාම නුසුදුසුද ?
    උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.

     

     

    ගෞරවනීය ස්වාමින්වහන්ස, මට භාවනාවේදී ධාතූ ගුණ දැනෙන විට මම නැවතී එම ධාතු ගුණය දැනෙන දිහා බලාගෙන සිටිමි . මිනිත්තු පහකින් පසුව නැවතත් සක්මන් කරගෙන යමි. මේ විදිහට ධාතු ගුණ හොඳට දැනෙන වෙලාවට මම නැවතී ඒ දෙස බලා සිටිමි.

    සමහර වෙලාවට මුළු සිරුරේම තරංග වගේ කම්පන එකම විදිහට දැනෙයි. භාවනා නොකරන විටත් ගෙදර වැඩ කරන විටත් ධාතු ගුණ දැනෙයි.
    තවද, ගෙදරදී සක්මන් කරන විට පොලවේ සමහර තැන් ලීවලින් සාදා ඇත සමහර තැන් ටයිල් වලින් ඇත. සක්මන් කරන තීරුව මෙසේ ජාති දෙකකින් තිබුනට කමක් නැද්ද.....ස්වාමින්වහන්සේගෙන් උපදෙසක් පතමි. ඔබවහන්සේට දීර්ගයුෂ පතමි. තෙරුවන් සරණයි.

     

     

    මා දැනට අවුරුදු දෙකක පමණ කලක පටන් සක්මන් භාවනාව පුරුදු කරන්නෙමි. ධාතු ගුණ සියුම් වූ කෙනෙකි. සති දෙකක පමණ කලක සිට සිතට වද දෙන ප්‍රශ්නයක් නිසා භාවනාව නිසි පරිදි නොකෙරුණි. සක්මන කරන්න හිතුනෙම නැහැ. නිරායාසයෙන් සතිය පිහිටන අවස්ථා නැතුවාම නොවේ. වෙනදා කාලය වෙන් කරගෙන දිනකට කිහිප වතාවක් කිසිදු ආයාසයකින් තොරව සක්මණ කළෙමි.

    දේශනා ද අසන්නට සිත නො යෙදේ. කාලය මට තිබුණත් දරුවා නිතර ම සිහියට එයි. එයා විදේශ රටක අධ්‍යාපනය ලබමින් සිටී. එයාගෙන් තොරතුරක් නැති වීම නිතරම සිතට වද දෙයි. මෙය මට මනසට පීඩාවකි. බුද්ධ වන්දනාවට ඕනේ තරම් කාලයක් ගත කරන්නට කැමැත්තක් ඇති වී තිබේ. ඉදිකටු වලින් අනින ස්වභාවයක් වරින් වර ඉතා සියුම් ව ශරීරයේ විවිධ තැන්වල ප්‍රකට වෙයි. සමහර වෙලාවට හෘද ස්පන්දනය ඉතා වේගයෙන් ක්‍රියා කරයි. එය භාවනාව නිසා යැයි සිතන විට එය නැති වී යයි. සමහර වෙලාවට ඉතා තදට හිස කැක්කුමක් ඇති වී ක්ෂණයකින් නැති වී යයි. සන්ධි වල ඇටමිදුලු අතරින් අමුතු ම වේදනාවක් හිටපු ගමන් හටගනී. දිනක් දෙකක් වරින් වර දැනේ. සමහර වෙලාවට වේදනාකාරී වෙනවා. මෙය භාවනාව නිසා වෙන්න ඇති කියා සිතුවා ම එය නැති වී යනවා.

    දරුවා මතක් උනාම කඳුළු වැගිරෙන තරමට සිතට වද දුනි. දරුවා ගැන සිතුවිලි ගංගාවක් ගලා එයි නොයෙක් ආකාරයෙන්. දරුවාට කරදරයක් ද, කතා නොකරන්නේ ඇයි, කෝල් වලට පිළිතුරු දෙන්නේ නැත්තේ ඇයි යනුවෙන් විවිධ සිතිවිලි ගලා එයි. මේකෙන් මිදීමට සක්මනට ගියත් මීටර් දහයක් පහළවක් කරන විට එපා වෙයි.

    පසුව මට හිතුනා මේක හරි යන්නේ නැහැ මහන්සි වෙලා මොනවා හරි කරන්න ඕනේ කියලා. උදැල්ලක් අරගෙන වත්ත කොටලා පැල හිටෙවුවා. ගෙවල් පිරිසුදු කළා. ගොඩක් මහන්සි උනා දින දෙකක් පුරාවට. කියන්න සතුටුයි ස්වාමීන් වහන්ස මා විඳි පීඩාකාරී මනසින් නිදහස් වුනෙමි.

    දැන් මට දේශනා ඇසීමටත් සක්මන සුපුරුදු පරිදි කිරීමටත් ප්‍රියයි. දේශනා තුළින් මා වටහා ගත්තත් තව දුරටත් යම් ධර්මානුකූල කරුණු ගැබ් වී ඇත්නම් ධර්මානුකූල ව පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කළාට සමාවෙන්න ස්වාමීන් වහන්ස. ඔබවහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා !

     

     

    ගරු ස්වාමීන් වහන්ස මා මේ වන විට මාගේ දාතු ගුණ සියුම් වී ඇති බවක් දැනේ .මීට ටික කලකට පෙරදී මා හට ප්‍රබලව ධාතු ගුණ ප්‍රබලව දැනුනු අතර දිනක් මාගේ හිස වේගයෙන් ගැහෙන බවක් දැනුනි,මා ටික වෙලාවක් මෙයට හිත යොමා සිට පර්යන්කයෙන් නැගිට ගොස් කණ්නාඩියකින් නිරීක්ෂණය කලවිට එහි සත්‍ය තව දැක ගත හැකි විය. මෙය චංචන කම්පන ප්‍රබලව දැනුන අවස්ථාවක් විය,මෙය පසුව නිතරම දැනුනු අතර එය සාමාන්‍ය ජීවිතයේ දී වැඩ කරන විටද දැනේ,දැන් බොහෝ දුරට දාතු ගුණ සියුම් වී ඇති බව දැනෙන අතර මාගේ ප්‍රශ්නය වන්නේ ,

    මා දැන් ඔබ වහන්සේ දේශනා කල පරිදි හංදී දෙසට අවධානය යොමු කරමින් සක්මන් භාවනාව කරන අතර වෙනදටත් වඩා කය වෙහෙසවා කටයුතු කරන අතර එහිදී හන්දි දෙසට අවදානය යොමු කරමි,මෙහිදී සක්මනේදී යටි පතුල පොලවේ ගැටීම හොදින් දැනෙන අතර මුලින් වළලු කරදෙසට අවදානය මා බලෙන් යොමු කිරීමට උත්සහ කරන බවක් දැනේ.නමුත් එය ටික වෙලාවක් කිරීමේදී නිතැනින් අවදානය වළලු කර දෙසට යන අතර එහි සතිය ප්‍රබල බව දැනුනද එය දීර්ග වෙලාවක් පැවැත් වීම අපහසුය.මේ පිලිබදව ඔබ වහන්සේගේ උපදෙස් පතමි.

    මාගේ මීලග ප්‍රශ්නය ක්‍රීඩා කිරීම (GYM යාම) මගින් සිදු වන කය වර්ධනය මාගේ භාවනාවට බාධාවක් වේද ?ඔබ වහන්සේගේ කාරුණික උපදේශයක් පතමි, මෙම ප්‍රශ්න වලට පිළිතුරු දීමේ වැඩසටහන ඉතා විශිෂ්ට අතර මෙය මේ තත්වය සමනය වූ පසුද කරගන යාමට හැකිනම් ඉතා කෘතගුණ වෙමි.ඔබ වහන්සේටත් මේ වැඩසටහන් සම්බන්දීකරණය කරන සියලු දෙනා ටත් තෙරුවන් සරණයි .සුබ අලුත් අවුරුද්දක් වේවා !

     

     

    ගෞරවනිය සවාමින් වහන්ස, ඔබ වහන්සේගෙන් ලබාගත් අවවාද අනුව ඇවිදිමත්, ගෙදර සහ වත්තේ වැඩ කිරිමත් කරමි.
    ඊයේ සහ පෛර්දා දින දෙකේ අසාමාන්‍ය ලෙස හිත පිනා ගිය අකාරයක් තිබුනි . මෙය කිසිම හේතුවක් නැතිව ඇතිවු ගතියක්. කිසිම දුකක් දැනෙන්නේ නැති - පොඩි දරැවෙක් ගේ හිත මෙන් ලොකු සතුටු ගතියක් තිබුනා.
    නමුත් අද හවස සිට කනස්සලු ගතියක්- කා එක්කවත් කථා නොකර - කනස්සල්ෙලන් පැත්තකට වි සිටින ගතියක් ඇතිව තිබේ . හඩන්නට සිතේ.  ඉබේ හැඩුම් එයි. කදුළු එයි.
    අවසරයි ගෞරවනිය ස්වාමින් වහන්ස, අවවාදයක් පතමි. තෙරැවන් සරණයි ස්වාමින් වහන්සේට

     

     

    පින්වත් ස්වාමින් වහන්ස,

    1. කයට දැනෙන දාතු ගුන අදුර ගත හැකි නමුත් අනෙක් සිත් පහට දැනෙන ධම්ම ධාතු ලෙස හිතෙනවා. (සියලුම සිතිවිලි) එසේ සිතිම වැරදිද? (එසේ වන්නෙ භාවනාවෙදී නම් නොවේ) පැහැදිලි කර දෙන සෙක්වා.

    2. විටෙක සිතිවිලි වැඩකට නැති දෙයක් ලෙස දැනුනත් විටෙක ඒ පසුපසම හඹාගොස් ඇති බව පසුව දැනෙයි.එයට හෙතුව පැහැදිලි කර දෙන සෙක්වා.

    3. ඔරංභාගික සයොජන ගැන පැහැදිලි කර දිය හැකිද? විශෙෂයෙන් ජනගහනය වැඩිවීම හා ක්ෂනිකව අඩුවීම ගැන. පහැදිලි කර දෙන සෙක්වා.

    සැ.යු :  "දස සංයෝජන" ආශ්‍රිතව සිදු කල දේශනා සදහා යොමුව -  https://soundcloud.com/medamawatha/sets/dasasanyojana

     

     

    ගරු ස්වාමීන් වහන්ස, මා වසර තුනක පමණ සිට දිනකට පැයක තරම් කාලයක් සක්මන් භාවනාවේ යෙදෙමි.භාවනාවේ මුල් කාලයේ පටන් ධාතු ගුණ කිසිවක් ප්‍රකට නොවූ නමුත් දිගටම භාවනාවේ යෙදුනෙමි.
    මේ දිනවල පවතින තත්වය හමුවේ රැකියාවෙන් ලද විවේකය මත තව දුරටත් භාවනාව සදහා යොදවන කාලය වැඩි කළෙමි. ආසන්න දින කීපයේදී භාවනා නොකර සිටින අවස්ථා වලදී (සාමාන්‍ය කටයුතු වලදී ) ඉතා සුළු වශයෙන් ශරීරයේ කම්පනයන් සහ පාදයේ පිටි පතුලේ රත් වීම් ස්වභාවයක් ඇතිවී ක්ෂණිකව නැතිවී යයි. එමෙන්ම හේතුවක් සිතා ගත නොහැකි හිතේ බර ගතියක්, අවිනිශ්චිත ස්වභාවයක් කලක් තිස්සේ දිගටම පවතී , නමුත් භාවනාවේ සතුටින් හා කැමැත්තෙන් යෙදිය හැකිය. සක්මන් භාවනාවේ යෙදෙන අවස්ථාවේ දී විටෙක යටි පතුලේ ස්පර්ශයට අවධානය යොමු කොට සිටීම පහසුවන අතර තව විටෙක එලෙස අවදානය නොතබා හරකා මෙන් ඇවිදීම පහසු බවක් දැනේ. ඒ ආකාර දෙකට පහසු පරිදි සක්මන් භාවනාවේ යෙදෙමි.
    මා මේ අනුගමනය කරන පිළිවෙත නිවැරදිදැයි පහදා දෙන මෙන් සහ වැඩි දුරටත් උපදෙස් ලබාදෙන මෙන් පාද නමස්කාර පූර්වකව ඔබවහන්සේගෙන් ඉල්ලා සිටිමි.

     

     

    1 . මම ගාල්ල කච්චිවත්ත භාවනා මධ්යවස්ථානයේ වසර දෙකකට වැඩි කාලයක් සක්මන් භාවනාවේ යෙදෙන අයෙක්මි. දැනට ධාතු ගුණ සියුම්ව දැනෙ අතර නිදහස්ව සිටින විටදී ද ධර්මය අසන විටදී ද හාන්සිවී සිටින විටදී ද පවා හුස්ම වැටෙන රිද්මය සතියට හසුවේ .ඒ පිලිබදව සතියෙන් සිටින විට වෙනත් සිතුවිලි ගලා ඒමක් සිදුනොවේ .පසුගිය දිනක භාවනා කරනවිට හිසෙහි ධාතු ගුණ සියුම්ව දැනුන අතර ඒ පිලිබදව අවධානයෙන් පසුවන මොහොතෙහි එමගුණ ඇතිවීමත් නැතිවීමත් නිරීක්ෂණයට ලක්විය. කාය විඥානය තුලින් ඇතිවූ එම පංච උපාදනස්කන්දයේ ඇතිවීම මගින් විදීමක් සිදුවන බවත් පැහැදිළිවිය .තවද එම ගුණය නැතිවීමෙන් පසු සතුටක් හෝ දුකක් ඇතිනොව්න බවත් වැටහින .එමගින් දුකෙහි ඇතිවීම හා නැති තැනත් පැහැදිළි විය . මේ අවස්ථාවේදී ධර්මය කෙරෙහි හා ඔබ වහන්සේ කෙරෙහි මහා විශාල ගෞරවයක් සිතේ හටගති .මේපිලිබදව පහදාදෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

     

    2. මීට පසුදින භාවනා කිරීමේදී ධාතුගුණ නොදැනුන අතර සාමාන්ය ලෙස භාවනාව සිදුවිය.ඊටත් පසුදින භාවනාව කිරීමේදී ධාතුගුණ .සියුම්ව දැනී පසුව මුළු ශරීරයම සැහැල්ලුභාවයක් ගන්නා ලදී.මේආකාරයට සැලකියයුතු වෙලාවක් පැවති අතර හදිස්සියේම නැවතත් ධාතුගුණ ඇතිවී භාවනාව සිදුවිය මේ පිළිබදව පහදා දෙනමෙන් ඔබ වහන්සේගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

     

    3. ගෘහස්තව වැඩ කිරීමේදී භාවනවේදීමෙන් අස්ථි සන්ධිවල විශේෂයෙන් උර පතු අස්ථි යට ධාතුගුණ දැනෙන අතර එම ගුණයන් දිගු කාලයක් ශරීරය තුල පවතින අතර වේදනාකාරී ස්වරුපයක් ගනී.මෙය භාවනාවේ ප්‍රතිපලයක්ද නැතහොත් වෙනත් ස්වභාවයක්ද යන්න කාරුණිකව පහදා දෙන්න තෙරුවන් සරණයි .

     

     

    ඔබ වහන්සේ කියූ පරිදි ගේදොර වැඩ වැඩිපුර කිරීම සහ හරක මෙන් ඇවිදීම කළෙමි. දැන් හිතට සහනයක් දැනේ. ධාතු ගුණ විටින් විට දැනේ. මා දිගටම මෙලෙසම හරක මෙන් ඇවිදීම සහ ගේ දොර වැඩ කළ යුතුද ?
    නැතහොත් සතිය පවත්වා සක්මන හා පර්යංක භාවනාව ආරම්භ කළ යුතු ද ?

     

     

    ගරු ස්වාමීන් වහන්ස,

    මා අවුරුද්දක පමණ සිට නිකම්ම සක්මන් කිරීමත්, ඉඳහිට පර්යංක භාවනාවත්, වැඩපළ කිරීමත් කරමි. මෑතක සිට සක්මන් කරන විට,හිස තුලින් සියුම් ශබ්දයක් මෙන්, නාඩි වැටෙනා ලෙස ඇසේ. සිත එවිට සිතුවිලි වලින් නිහඬය. නිදා ගැනීමට යන විට, එය නින්ද එන තෙක් මුළු හිස පුරාම ඇසේ. විටෙක හිස ගැහෙමින් මෙන්ද එය ඇසේ. මා වැඩපළ කරන විට මෙවැනි දැනීමක් නොදැනෙන අතර, සිත නිශ්චල වූ විට ටිකකින් එම ශබ්දය ඇසේ. මා දැන් සක්මනත්, පර්යංකයත් දෙකම නවතා, වැඩපළ කිරීමත්(ගොඩක් වැඩපළ නැත. කුඩා Annex එකක සිටින නිසා), චිත්‍ර ඇඳීමට, මැහුම් ගෙතුම් කිරීමත් කරමි. සක්මන නතර කරම දැමීම සුදුසු වේද?

    (මෙවැනිම දැනීමක් රූපවාහිනි ය නරඹන විටද, උනන්දුවෙන් මෙන් පොත් කියවන විටද වෙයි).

     

     

    01.කුඩා කාලයේ පටන් පවුල තුළ අත්දුටු අමිහිරි අත්දැකීම් නිසා මගේ මනසේ නිරන්තරයෙන් කලබලකාරී ස්වභාවයක්, තිගැස්මක්, සහ පසුගාමී ස්වභාවයක්‌ පවතී. (භාවනාවට යොමු වූ පසුව යම් දුරකට එය පාලනය වී ඇති බව දැනේ. )

    02.කුඩා කාලයේ අහිමි වූ කටුක දුෂ්කර පවුල් ඒකකය වෙනුවට දැන් ලැබී තිබෙන සුවදායක පවුල් ඒකකය ඉතාමත් තදින් අල්ලාගෙන ඇති බව මට වැටහේ.එය කොයි මොහොතක හෝ අහිමිවේ ය යන බියද වරින් වර මතුවේ.

    03.ආනාපාන සති භාවනාවේ වසරක පමණ කාලයක් යෙදී සිටියදී ඔබ වහන්සේගෙන් ලද උතුම් කමටහන් උපදෙස් පරිදි ආනාපාන සති භාවනාව අතහැර වසර තුනක පමණ කාලයක සිට සක්මන් භාවනාවේ යෙදෙමි.

    04.ආනාපාන සතියේදී හෝ සක්මන් භාවනාවේ දී හෝ ධාතු ගුණයන් ප්‍රකට වීමක් ඒ කාලය පුරාම සිදු නොවුනි. ඒ නිසාම බොහෝ විට සිතේ කනස්සලු ස්වභාවයක් ඇති වුනද නොකඩවාම කැමැත්තෙන් භාවනාවේ යෙදුනෙමි.

    05.කොරෝනා වසංගතය නිසා ලැබුණු නිවාඩුව ප්‍රයෝජනයට ගෙන භාවනාවට යොදවන වෙලාව වැඩි කලෙමි. මේ කාලයේදී භාවනා නොකර සාමාන්‍ය කටයුතු වල යෙදී සිටියදී පාද වල රත්වීමක් සහ ශරීරයේ සුළු කම්පන චංචල ස්වභාවයන් දැනී ඉක්මනින් නැතිවී යයි.

    06.අතීත ආශ්‍රව හරහා හිතට වද දෙන අහිමිවීම් පිළිබද කම්පනයෙන් සහ යලිත් ලෞකික ජීවිතයේ බිඳ වැටීමකට පෙර ලෝකෝත්තර ස්ථාවර භාවයකට පැමිණීමේ හදිස්සියෙන් මිදීමට කාරුණික උපදෙසක් පාද නමස්කාරපූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.

     

     

    පහත සදහන් අත්දැකීම් සක්මනේ දි සහ එදිනෙදා වැඩ වල දි විටින් විට දැනේ.

    1.  හිස මුදුනින් පටන් ගත් බිදී බිදී යන අංශු රාශියක් රැලි මාලාවන් මෙන් සියුම්ව දැනෙමින් කය පුරා පැතිරී යයි.

    2. හෘදය සියුම්ව වෙව්ලමින් පවතින සවභාවයක් ඇත . එවිට අපහසුතාවක් දැනේ .

    3. කය තුලට යමක් (උලක්) කිදා බහින වේදනාවක් තැනින් තැන මතුවේ.ඇසෙහි මැදද මෙම වේදනාව තදින් දැනි ඇත . මෙම තියුණු කෙටි වේදනා පැතිරී ඇත්තේ සමෙහි මතුපිට ය. ජවනිකාව අවසානයේ පහසුවක් දැනේ.

    ඔබ වහන්සේ ගෙන් උපදෙස් හා අවවාද පතමි .

     

     

    දිනපතා උදෑසන කරන පැයක් පමන භාවනා කාලය තුල ධාතු ගුන ඉතා අඩුවෙන් දැනෙනවා. නමුත් භාවනාව අවසන් වු පසු දිවා කාලයේ ආහාර ගන්නවිට TV එකෙ යමක් බලන විට සහ පොතක් බලන විට ධාතු ගුන දැනෙනවා. එවිට කරන වැඩය අමතක වෙයි. නමුත් ගෙදර මා තනියම නොවන නිසා කුමන හෝ ආකාරයකින් එය බිදී යයි. දින කීපයක සිට මෙසේ දැනෙන වී ඇත. මීට කලින් ධාතු ගුන ඉතාමත් සියුම් වී තිබින. පුරුද්දක් ලෙස කරන භාවනාව අඩුකල යුතුදැයි හෝ කල යූත්තේ කුමන ආකාරයටදැයි පහදා දෙන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. (ගෙදර වැඩ කරන අතර අනෙක් වෙලාවල් වල ඇවිදිමි. සින යටි පතුලේ තිබී සහ නැතුව)

     

     

    හරකා මෙන් ඇවිදීම හා ගේ දොර වැඩ වැඩිපුර කරමි. එම අවස්ථාවල කලාතුරකින් ධාතු ගුණ දැනෙන අතර ඒ ගැන නොසලකා කරණ වැඩේ කිරීම හා ඇවිදීම කරමි. විවේක සිටින අවස්ථාවල ධාතු ගුණ දැනුනොත් ඒ දෙස බලාගෙන සිටීමි. මා මේ අනුගමනය කරන ආකාරය නිවැරදිද ? භාවනාව ඉදිරියට කරගෙන යෑමට ඔබවහන්සේගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි.

     

     

    මා කලක් එනම් වර්ෂයකට අඩු කාලයක් භාවනාව සිදු කරමින් ධාතුගුණ සියුම් වී හිතට විවිද සිතුවිලි ගලා ඒම . ඇලීම් වැනි දෑ අත් විද්දිමින් එයට විසදුමක් ලෙස ඔබ වහන්සේ පවසා ඇති ආකාරයට ඔහේ ඇවිදීම හා කය මහන්සි දෑ කරමින් නැවත ධාතුගුණ ප්‍රකට වීම වැනි අවස්ථා මාරුවෙන් මාරුවට අත්විදිමින් සක්මන් භාවනාව පමණක් කරන අයෙක්මි.

     

    01. පරණ සිතුවිලි සමග ඇතිවන අසා ඇතිවීම නිතර සිදු වේ.එයට ඔහේ ඇවිද්දත් වැඩ කරත් ඇතැම් විට ඒවා සිදුකිරිමටම සිත යොමුවී ඒවා පසුපස දැන දැනම හබායන සොබාවයක් ඇත.ඒවා වලක්වා ගැනීමට උත්සහ කරන උපක්‍රම යෙදුවත් ඒවාට හසුවීම වන්නක් හබාගෙන යමක් සිදුවේ.නමුත් ඒවා කල පසු ටික කලකින් නැවත එපාවීම සිදුවේ. එසේ පැරණි සිතුවිලි පැමිණීමත් සමග නැවත ඒවා කිරීමට යාම හා ඒවා කර ඒවා එපාවීම පිරිහිමක්ද ? නැතහොත් විපාකය හා කර්මයට අදාල උප්පත්තිය භාවනාව හරහා ගැලවියාමට එකවර හසුවිමක්ද? මෙවැනි අවස්ථා වල කුමක් කලයුතුද? මෙවැනි අවස්ථා වල අට සිල් වල 7ත් වන ශික්ෂා පදය ආරක්ෂා කිරීම මගින් වලක්වාගත හැකි යි ඔබ වහන්සේ ප්‍රකාශ කල තැනක අසා තිබුනත් සොබාවිකව බාහිර පරිසරය තුලින් අරමුණක් නිරායාසයෙන් පැමිණ, පැරණි මතකයකට ඇදී යාම හරහා ඒවා නැවත කිරීමට යොමුවේ. මෙය වළක්වාගන්නේ කෙසේද?

     

    02. ධාතුගුණ සියුම් වීම සක්මනේදී සිදු වුවත් අනිත් ඉරියව් වල දී ගොරෝසුවට හා විවිධ ධාතුගුණ දැනෙන අතර ඇතැම් විට ඒවා දැනෙන තැන නිරායාසයෙන්ම ස්පර්ශ කිරීමට යොමුවේ එසේම එවැනි වෙලාවට කකුල හෙලවිමට අත්වල ඉරියව්ව වෙනස් කිරීමට හිත යොමු වන අතර එය වැරද්දක්ද ? එමගින් භාවනාවට හානියක් හෝ ධාතුගුණ සමග ගැටීමක් සිදුවීමෙන් භාවනාව දික්ගැස්සිමක් සිදුවේද? වෙනත් වැඩක් නැති විට ධාතුගුණ ප්‍රකට වන විට ඒවාට අවධානය නොදී ඉරියව් වෙනස් කිරිමට හිත යොමුවේ.එය වැරද්දක් වේද ?

     

    03. විවිධ ස්වාමින්වහ්න්සේලා විසින් බුදුහාමුදුරුවෝ පවසා ඇති ආකාරයට නිවන් දැකීමට යන පුද්ගලයෙක් එය සාර්ථක කරගැනීමට ධර්මය ශ්‍රවණයත් ඒවා ධාරණය කරගෙන මෙනෙහිකිරිම භාවනා කමටහනකට සමගාමිව කලයුතු යයි ශ්‍රවනය කර ඇත. එසේම ඔබ වහන්සේගේ දේශනාවක් තුලින්ද එය එක වරක් ඇසීමට හැකිවුණි. මගේ ගැටලුවනම් මා ධර්මය සුත්‍ර ඇසුරෙන් විශාල වශයෙන් ශ්‍රවනය කලද ඒවා මතක තබාගැනීමට උනන්දුවක් නොදක්වන අතර ඒවා නැවත නැවත මෙනෙහි කිරීමක් හෝ වෙනත් දෙයක් නොකරයි. මා හට මතක ශක්තිය තිබුනත් එයට ලොකු වෙහෙසක් දැරීමට සිදුවීම ම, එයට අලස වීමට හේතු වේ. මා ධර්මය ශ්‍රවනය කර සිදු කරන්නේ ඔබ වහන්සේ ලබාදුන් කමටහනට අදාලව එය පිළිබද විශ්වාසය එහි වටිනාකම වටහාගැනීම හා එය දිගින් දිගටම වැඩීමටත් මිනිසුන් අසා ඇති ප්‍රශ්ණ හා පිළිතුරු දේශනා ඇසුරෙන් මගේ ප්‍රශ්න වලට විසදුම් ලබා ගනිමින් විශ්වාසයෙන් භාවනාව සිදුකිම මෙන්ම මගේ භවනාවේ දියුණු මට්ටම් හා වරද්දගෙන ඇති තැන් හදුනා ගැනීම වැනි දෑ පිළිබද දැනුමක් ලබා ගනිමින් දිගටම භාවනාව කීරිමට යොමුවිමයි. එහිදී මා මේ කරන දේ වැරද්දක්ද ? ධර්මය ධාරණය කිරීම හා මතක තබාගෙන ඒවා භාවනාවට සමගාමිව නුවනින් මෙනෙහි කිරීමක් නොකිරීම තුලින් නිවන් දැකීමට නොහැකියාවක් හෝ ප්‍රමාදයක් ඇති කරයිද?
    තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය අත්වේවා !

     

     

    මම ගෞරවනීය ස්වාමින්වහන්සේගේ උපදෙස් පරිදි අවුරුදු දෙකකට පමණ ආසන්න කාලයක සිට සක්මන් භාවනාව පුහුණු කළෙමි.

    ධාතු ගුණ දැනුනත් දැනට මදක් සියුම් වී ඇත. මා දැනටත් සක්මන් භාවනාව, පඩිපෙල් නැගීම සහ එදිනෙදා ගෙදර දොරේ වැඩකටයුතු වල නිරත වෙමි. මා සතිය පිහිටුවා ගැනීමට උත්සාහ නොකරන අතර උත්සාහයෙන් යුතුව වුව ද සතිය පිහිට වීමට නොහැකි ය.

    පසුගිය සතිය තුළ තුළ හදිසියේ මෙන් අවුරුදු තිහක පමණ මතකයන් තොගයක් ගලාගෙන ඒමට විය. මේවා මා විසින් අමතක කිරීමට උත්සාහ ගත් ඒවා විය. පසුගිය අවුරුදු කිහිපය තුළම මේවා තදින් මතකයට නැඟුණේ නැත.

    අතීතයේ සිදු වූ කරදර කාරී මතකයන් එහි දැඩි අප්‍රසන්න භාවය නිසා ම ක්‍රමයෙන් මැකී යාම ගැන මම සතුටින් සිටියෙමි.

    මම උත්සාහයෙන් මෙම ප්‍රශ්ණය ඇති වූ පුද්ගලයා සමග කෑ ගැසීම හෝ රණ්ඩු කිරීම් නොකර වසර ගණනාවක් සිටියෙමි. මාගේ කෝපය මම තද කරගෙන, යටපත් කරගෙන සිටියෙමි. ඇතැම් වේලාවට නිහඬ ව හඩමින්ද, බොහෝ සුසුම් හෙලමින්ද සිටියෙමි. මාගේ පාලනය යටතේ තිබිණි.

    එනමුත් දැන් ඉතා සුළු අවස්ථාවකදී උදා: පරණ චායාරූපයක් හෝ සිහිවටනයක් දුටු විට, දන්නා හදුනන කෙනෙකු සුවදුක් විමසූ විට ක්ෂණයකින් සුනාමියක් මෙන් එම මතකයන් ගලා එයි. මාගේ එදිනෙදා කටයුතු වලටත් බාධා වේ. එනමුත් එම සිතුවිලි අදාල පුද්ගලයාට විරුද්ධව ක්‍රියාවේ නොයෙදෙමි. තවම අපි එකම වහලක් යට ජීවත් වෙමු.

    එමනිසා මෙම අසහනකාරී පරණ මතකයන් නැග ආ විට එම සිතුවිලි නැග ඒම, වඩ වඩාත් ප්‍රබල වීම, සහ ක්‍රමයෙන් ඉවත්වීම මා බලා සිටිමි. එවිට පිටතට කිසිදු ප්‍රතිචාරයක් පෙනෙන්නේ නැති නමුදු මාගේ එදිනෙදා වැඩ කටයුතුවලදී මා සාමාන්‍ය ලෙස නිහඩ වෙමි. අනෙකුත් අයටත් මෙය දැනෙනවා ඇත. එනමුත් වචනයෙන් හෝ ක්‍රියාවෙන් කිසිදු හානියක් වන්නේ නැත.

    එනමුත් ඇතුළාන්ත සිතිවිලි වලින් සහ පපුවේ කැක්කුම, බඩේ දැවිල්ල සහ නිදි නැතිකම නිසා වේදනා විදිමි. නැවත දිනකින් හෝ දෙකකින් පමණ එය මැකී යයි. සිතිවිලි නැගඒම සහ මැකී යාම දෙස බලා සිටිමි. වාඩි වී සිට උත්සාහ කළහොත් කය තුල ධාතු ගුණ දෙසද මෙසේ බලා සිටිය හැක. එනමුත් සක්මන් භාවනාවේ දී හෝ නිවසේ වැඩ වලදී නොවේ. මෙසේ සිතුවිලි හදිසියේ ගලා ඒම කිසිවිට නොසිතූ නො දන්නා වෙලාවක කිසිදු පැහැදිලි හේතුවක් නොමැතිව පැමිණ මුළු කයම වෙනස් කරයි.

    (මා සිතුවේ සියලු දේම සාමකාමී වෙයි කියායි. බොහෝ කාලයකට පසු මෙම සාමකාමී බව විඳින්නට පටන් ගත්තා පමණි. සක්මන් භාවනාවෙන් ලැබුන මේ ප්‍රතිඵලය පිළිබඳ ආඩම්බර වීමි.)

    තවත් අසාමාන්‍ය දෙයක් වන්නේ මෙම පුද්ගලයා කෙරෙහි ලිංගික ආශාවන් ඇතිවේ. මෙම හැගීම් බොහෝ කලකට පෙර මැරී ගියා යැයි මම සිතුවෙමි. අවුරුදු 60 පමන වයසැති වැඩුනු දරුවන් ඇති මා මේ පිළිබඳ ලැජ්ජාවට පත්වෙමි. මෙය තවත් කනස්සල්ලට කරුණකි.

    මෙම සිතිවිලි එන්නේ කොහේ සිටද ? මගේ වර්තමාන ජීවිතයට මෙසේ බාධා වන්නේ ඇයි? මම සිතුවේ අතීතයේ සියලු දේ අවසන් බවයි. මා සිටියේ නිශ්චල සහ සාමකාමී මනස ගැන සතුටිනි.

    මෙවන් දිගු ප්‍රශ්නයක් ලියා එවීම පිළිබඳ සමාව අයදිමි. සංසාරේ කෙලෙස් සිතිවිලි කන්දක පතුලට ආපසු යෑමක් ද මේ ?

    මා හට කරුණාවෙන් උදව් කරන ලෙස ගෞරව පුර්වකව ඉල්ලා සිටිමි.

     

     

    ගරුතර ස්වාමීන් වහන්ස.
    සක්මන් භාවනාවේදී වසරක පමණ කාලයක සිට ඉතා සියුම් සැපදායක බවක් අත්විදිමින් සිටිමි. පාදය බිම වදින මොහොතේ ආරම්භ වී ශරිරය පුරා විහිදී යන මෙය පියවරක් පියවරක් පාසා ඇතිවී නැතිවී යයි. වසරකට පමණ පෙර මෙම සැපදායක බව ඉතා බලවත්ව තිබින. එය මාස හතරක් පමණ අත්වින්දෙමි. එතැන් සිට ක්‍රමානුකූලව සියුම් වෙමින් පැමිණ අද තිබෙන තත්වයට නොවෙනස්ව පවතී.
    ඊට අමතරව මෑතක සිට සක්මන් භාවනාවේදි අතේ ඇගිලි ඉදිමුණු බවක්ද දැනේ. ඒත් ඇත්තටම එසේ වි නැත. මෙම ඉදිමුණු ගතියද පියවරක් පියවරක් පාසා සියුම්ව වැඩිවන වෙනස් වන අයුරක් හොදින් දැනේ.

     

    මෙම සැපදායක බවට ඇතිවි තිබෙන කැමැත්ත තුල තණ්හාව කෙබදුද?

     

    මෙම සැපදායක බව සියුම් විම භාවනාවේ දියුණුවක්ද?

     

    අතේ ඇගිලි ඉදිමුණු බව දැනිම ඉරියාපත භාවනාවට සම්බන්ධද?

     

    මේ සදහා ධර්මානුකූල පිළිතුරක් ලබා දෙන මෙන් ඔබ වහන්සේගේ දෙපා නැමද ඉල්ලා සිටිමි.
    ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. දීර්ඝායු වේවා. !

     

     

    සක්මන් භාවනාව පුරුදු කරමි.

    මෑතක සිට ආනාපාන භාවනාව ද පුරුදු කරමි. පැය භාගයක් පමන භාවනා කල හැකි නමුත් පාද වල දැනෙන දැඩි වේදනාව නිසා භාවනාව නැවත් වීමට සිදු වෙයි. මින් ඉදිරියට මේ භාවනාව වැඩිය නොහැකිද?. සක්මන පමණක් කල යුතුද?. කරුණාවෙන් පහදන්න.

     

     

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස! අවසරයි,

    මම අවුරුදු 3ක් පමණ ඔබ ඔබ වහන්සේගෙන් කමටහන් ගනිමින් සක්මන් භාවනාව කරගෙන යන කෙනෙකි.

     

    1. දැනට ටික කලක සිට යමක් sශ්‍රවණය කළත්, යමක් නැරඹීමට ගියත්, එම දේවල් හිතින් ඉක්මණින් ඉවත් වේ. මකා දැමීමක් වැනි සිදුවේ. ගැටලුව නම් බණ ඇසීමට උත්සාහ කළත් , බණ පොත් කියවීමට ගියත් එම කරුණු මතකයේ නොරැඳෙ.. එය ධර්ම මාර්ගයේ යාමට බාධාවක් ද?  ( සුතවත් දැනුම අවශ්‍ය වේ නේද ?)

     

    2. දරුවන්ගේ පාඩම් කියා දීමේදී පෙර මෙන්, කියා දීමට වචන, සිද්ධාන්ත ආදිය නොපැමිණේ.. කියන්න ඉන්න දේ නෙවෙයි කියවෙන්නේ.. මෙය භාවනාව සමඟ සිදුවූ දෙයක්ද? ස්වාමීන් වහන්ස..

     

    3. කුඩා ශබ්ද ඝෝෂාකාරිව දැනෙ සමහර අවස්ථා වලදී.. පීඩාකාරී..

     

    4. ඇතිවී ඇති Corona තත්ත්වය පිළිබඳව, විපතටපත් අය පිළිබඳව ශෝකයක් ඇති නොවේ.. මාගේ මානුෂීය ගුණ පිරිහී ඇතිද. පෙර මා එසේ නොවේ.. වෙනසක් ඇත.. මෙම මාර්ගයේ යාමේදී මෙත්තා, කරුණා යනාදී  ගුණ වැඩි වේ අසා ඇත.

     

     

    ගෞරවනීය ස්වාමින් වහන්ස අවසරයි,

    ජීවිතයේ බොහොම ඉවසිලි වන්තව කුඩා කල සිට කටයුතු කල මට , ඉවසුම් නැති ගතියක් , වහා කේන්ති එන ගතියක් දැන් දින තුනක පමණ සිට ඇත. අද වෙනකොට -කටට එන දෙය හෝ -හිතට එන දේ කියා දමයි. මෙසේ සිතා මතා කතා නොකිරීම මගේ පාලනයකින් තොරවම සිදුවේ.ඒ අවස්ථා වල යමක් කිව්වට පසුව අනිත් අයට හිත රිදුනත් ඒ ගැන කිසිම තැකීමක් මට නැහැ. දිගටම පවතින නොරුස්සනා ගතියක් ඇත. නමුත් මේ ගතිය තුලින් හැමෝටම අකරුනාවන්ත නොවෙයි.

    1) එක්කෝ මට නුසුදුසුයි කියා සිතෙන වැඩකට දක්වන ප්‍රතික්‍රියා

    2) නැතිනම් ලගින් ජීවත්වෙන ,ඉස්සර ඒ අයගේ වැරදි ගොඩක් ඉවසා දරාගෙන හිටි අය සමග අලුත් ගැටුමකදී .

    මේ උදා වී ඇති තත්වය තුළ ,මට තිබුන , මගේ පුරුදු ස්වභාවය සම්පූර්ණයෙන් වෙනස්වී හිත පිත් නැති කෙනෙක් මෙන් වී ඇත . ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවවාදයක් පතමි .

     

     

    ගරුතර ස්වාමින්වහන්ස,

    මාමින් පෙර නොයෙක් අන්දමේ හාවනා වර්ග පුහුණු කරමින් සිටියෙමි. නමුත් දිනක් රූපවාහියේ ඔබවහන්සේගේ දේශනාවක් දැක ,ඒ පැහැදිලි කිරීම් හිතට ඉතා ළඟ බැව් දැනී,ඔබවහන්සේ සොයමින් සිටියෙමි. ධර්මය හමුවී,සක්මන ඒ ආකාරයෙන් පුහුණුකරමින් සිටිමි.මේ ගතවන්නේ දෙවන වර්ෂයයි.
    මට අවශ්‍යවූයේ මියගිය දෙමාපියන් පිළිබඳ ශෝකය දුරලීමයි.ශෝක පරිද්දවානං සමතික්ඛමාය මට අත්දකින ඇවැසිවිය. එහිදී,ඇඟ පුරා කූඹි දුවනවා සේ භාවනා නතර කර ඉද්දී දැනිණි. මේවා ධාතු ගුණ බව පින්වත් තුෂාරිකා සොයුරිය වටහා දුණි. නිදිමත සක්මනේදි අති සාර්ථකව දැනිණි. හිතපිටයාම නම් තාම පවතී. පෙර පින්වතකු සංදහන් කර ඇති පරිදිම මට ශෝකය දැනෙන්නේ ඉතා අඩුවෙනි. කොරෝනා පිළිබඳ කොහෙත්ම බය නොදැනේ. අනෙක් කරුණ නම් බොළඳ ආශාවන් ඇතිවිමය. ලස්සණ දේවලට,තරුණ කළ මෙන් හිත ක්‍රියා කරයි. නමුත් බැඳීයාමක්ද නැත. අමතක වීමද ඇත වයසටම දැයි සිතේ (60 ට කිට්ටුය). භාවනාවට ඇති වීරිය කැමැත්ත අඩුවීයාදැයි වරෙක සිතේ අවවාදයක් බලාපොරොත්තුවෙමි.

     

     

    ගරු ස්වාමින් වහන්ස,
    මා කලක සිට භාවනා කරන්නේ කයනුපස්සනාවේ සිහිය පිහිටුවගෙනය. මේ සදහා ගරු ස්වාමින් වහන්සේගේ උපදෙස් ලගකදී සිට පිළිපදිමි. ධාතු තත්වයන් නොයෙක් විදියට දැනී දැන් ඒවා දැනේනේ නැති තරම්ය. මා වැඩිපුර යෙදෙන්නේ සක්මනේය. පර්යංකය කිරීම දැනට අසීරු වී ඇත්තේය. දැනට මගේ භාවනා අරමුණ අබිබවා ඉතාම සියුම් චන්චලයක් ශරීරය පුරාම මතුවී දිගටම පවති. මෙය සැපවත් දැනීමකි. මෙය දවස පුරාම පවතින අතර එය වේගවත්ව සියුම් ලෙසට ඇතිවී නැතිවී යන ලෙසක් පෙනේ. වෙන වැඩක යෙදුනත් මේ දැනීම පවතී.
    දවස පුරා ප්‍රීතියෙන් සිටී . මෙය සම්පුර්ණයෙන්ම නිරායාස තත්වයකි. දිවිපැවැත්ම කරදයයෙන් තොරය. කම්පා වීමක් සිදුවන්නේ කලාතුරකින්ය. සීලය හොදින් වැඩී ඇත. ධම්මානුධම්ම ප්‍රතිපදාවක නිරායාසයෙන් යෙදේ. කිසිවක් වැඩිය බරක් කර නොගනී . මෙය මට ලැබුන විශේෂ දෙයකි. ගරු ස්වාමින් වහන්ස මා හට තව දුරටත් අවවාද අනුශාසනා ලැබුනොත් යහපති.
    වැරදි ඇත්තොත් මාහට සමාව ලැබේවා. ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා . සියලු දෙනාටම තෙරුවන් සරණ ලැබේවා !

     

     

    තෙරුවන් සරණයි ගරුතර ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේගේ කමටහන් අනුවම හාවනාව කරමි.

     

    1. සාමාන්‍ය වැඩකටයූතු වලදී කකුලෙ වෙදනාවක් උදාහරණයක් ලෙස කකුලෙ පහල කොටසේ සුළු කැසීමක වෙදනාවක්. දැනුන විට එයට අවදානය හාවනාව වෙනවාද? එලෙස ගෑනීම වැරදිද? එම වෙදනාවට ඇලීම් ගැටීම් නැතිව සීටීමත් ඉහත කී කාරනාවත් දෙකක්ද? නැත්නම් දෙකම එකක්ද? පහදා දෙන සෙක්වා.

     

    2. දිනක් පර්යංක භාවනාවේ යෙදී සිටන විට ඇස් ඇරගෙන සිටියදී එක විටම ඉතා පිළිකුල් ස්වාභාවයක් පොලවෙ දුටුවා. එවිට ඉක්මනින් පර්යංකයෙන් නැගිට ඔබ වහන්සෙගේ අසා ඇති උපදෙස් අනුව විවිධ ක්‍රියාකාරකම් වල නිරත වීමි. දිවා අහාරය ගත් පසුව අඩු විය. එය නම් වචනයෙන් පවා කිව නොහැකි පිළිකුලකි. දැන් පර්යංක භාවනාවට යෑමට බියක් දක්වයි. ගෙදර වැඩපල හා ඇවිදීම කරමි. පිළිතුරක් බලාපොරොත්තු වෙමි.
    ඔබ වහන්සේට මේ කරනා සත් ක්‍රියාව වෙනුවෙන් නිරොගි සම්පත්තිය හා සිතන පතන බලාපොරොත්තු වන සියළු දෙයක්ම ඒ ආකාරයෙන්ම ඉටු වෙවා. තෙරුවන් සරණයි !

     

     

    අති පූජනීය ස්වාමීන් වහන්ස,

    දැනට වසර 2කට අධික කාලයක් ඔබ වහන්සේගේ භාවනා වැඩසටහන් වලට වැඩසටහන් වලට සහභාගී වෙමින් සතර සතිපට්ඨාන භාවනාව කරගෙන යමි. දැනට ධාතු ගුණ සියුම් වී කලක් ගත වී ඇත. මා මේ දින වල ඕස්ට්‍රේලියාවේ සිටිමි.

    1. දැනට සති කිහිපයක සිට ඔබ වහන්සේ විසින් දේශනා කරන ලද දේශනාවන් ශ්‍රවණය කලත් මතකයේ නැති ගතියක් ඇත. බොහෝවිට දෙසැරයක් පමණ අසමි. ඒත් මතක නැත. මෙවන් තත්ත්වයක් මීට පෙර මා හට නොවීය. මේ පිළිබඳව යම්කිසි පැහැදිලි කිරීමක් කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

     

    2. පසුගිය කාලයේ දී මා ඉතා උනන්දුවෙන් සහ කැමැත්තෙන් ගෙදර දොර වැඩ කළෙමි. මහන්සියක් ද තිබුණේ නැත. නමුත් දැනට සති දෙකකට පමණ පෙර සිට සක්මන් භාවනාව ට යෑමට උනන්දුවක් ඇති වේ. (නිරායාස සතිය ) උයන පිහන වැඩ සහ අනෙක් වැඩ කටයුතු ඉක්මනින්ම නිමාකර සක්මන් කිරීමට යමි. මේ කාලය තුල නොයෙකුත් තේරුමක් නැති සිතිවිලි සමුදායක් ගලා යයි. මේ පිළිබඳ පහදා දෙනමෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි !

     

     

    වසර කිහිපයකට පෙර ආනාපාන සති භාවනාවේ ධාතු ගුණ ශරීරය පුරා අත්දකිමින් සිටියෙමි. නාසයේ හුස්ම වදින සංවේදනා නොදැනෙන තරමට ඉතා සියුම්ව පැවතින. පසුව ඔබ වහන්සේගේ උපදෙස් අනුව සක්මන් භාවනාව වඩන විට ක්‍රමයෙන් ආනාපාන සති භාවනාව වැඩීම නතරවිය. පසුව සක්මනේදි පියවරක් පියවරක් පාසා ශරීරය පුරා සියුම් සැපදායක බවක් අත්දකිමින් සිටියෙමි. ඔබ වහන්සේගේ උපදෙස් අනුව කමටහනට හිත යොමුකර සක්මන් කිරිම මගින් එම සැපදායක බවද නොදැනෙන තරමට සක්මන් භාවනාව සියුම් විය.

    එසේ නමුත් සක්මනේ හැර වෙනත් ඉරියව්වක (ඉදගෙන, හිටගෙන, වැතිර) සිටින විට නාස් කුහර හා හුස්ම දෙස කමටහනක් විලස හිත යොමු කිරිමට සිතන විටම (මට හැගෙන්නේ සිත යොමුකිරීමට මොහොතකට පෙර ලෙසයි) මුලු ශරීරයම පුරා සියුම් සැපදායක යයි කිව හැකි ධාතු ගුණයක් අත්දකිමි. මෙය හුස්මක් හුස්මක් පාසා අඩු වැඩි වශයෙන් ඇතිවි නැතිවි යයි. මෙම සෑම සැපදායක බවක් සමගම මුලු ශරිරයම හෝ කොටසක් ප්‍රබල හෝ සියුම් කම්පනයකට පත්වේ. මෙම කම්පනයද හුස්මක් හුස්මක් පාසා සිදුවේ. එම අවස්ථාවේ සිටින ඉරියව්ව අනුව සංකෝචනය වන මාංශ පේශි වෙනස් වේ. වැතිර සිටින විට මුලු ශරිරයම කම්පනය වේ. මෙම ආනාපාන සති භාවනාව කුඩා ආයාසයකින් වැඩිය හැකි බැවින් දවසකට විනාඩි කිපයක් හෝ සිදුවේ.

    මෙම භාවනා මිශ්‍ර වීම ධර්මානුකූලව සුදුසුද? මෙය සක්මන් භාවනාවේ දියුණුවට බාධාවක් ද?

    සම්මා සතිය කාය, වේදනා, චිත්ත හා ධම්ම ලෙස ක්‍රමානුකූලව දියුණු වන බව ඔබ වහන්සේ ධම්මානුපස්සනාවේදි දේශනා කල සේක. මෙම ආනාපාන සති භාවනාව කායානුපස්සනාව පියවරක් ඉදිරියට යාමක්ද?

    ධර්මානුකූලව උපදෙස් ලබාදෙන මෙන් ඔබවහන්සේගේ දෙපා නැමද ඉල්ලා සිටිමි.

    ඔබවහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු වේවා.

     

     

    තෙරුවන් සරනයි.
    ගරුතර ස්වාමීන් වහන්ස.
    ඔබ වහන්සේ දුන් කමටහන් අනුව හරකා මෙන් ඇවිදීම හා වැඩද කලාතුරකින් භාවනාවද කරමි. හරකාමෙන් ඇවිදින්න වැඩ කරන්න යන කමටහනෙ වටිනාකම සමීපව අත්දුවෙමි.
    1. දැනට මා දාතු සියුම්එ වී කලාතුරකින්ක් දාතු ගුන දැනෙන අයෙක්මි.  දිනක් මා හට විදුලිය වැදුනා. එවිට මුළු ශරීරයේම දාතු ගුන ප්‍රකට වුනා. අත එතැනින් ඉවත් වු සැනින් දාතු ගුන ඉවත් උනා. මා හට වසර ගනනකට පෙර කීප විටක් විදුලිය වැදී ඇතත් එම අවස්ථාවේ එසෙ නොවීය. එසේ අත්දුටුවේ මියයන මොහොතක ලක්ෂණයක්ද? පහදෘ දෙන සේක්වා.
    2. ස්වාමින් වහන්ස තන්හා දිට්ටි මාන ඇති වන්නේ තන්හාව ඇතිවීමෙන් පසුව නේද? එම දිට්ටියේද අංග අට ඇතීවී නැතිවී යන්නෙ. එසේ නම්  සතයය 4 ඇතිවන්නේ තන්හාවට කලින්ද? නැත්නම්
    තන්හාව මගේ නොවී ඇතිවන ඊලග දිට්ටියේමද? කරුනාවෙන් පහදා දෙන සේක්වා.
    3. රූපවාහිනියක ඇත්තේ එක දිගට නොනවතී ඉදිරියට යන රූප පෙලකි. එතනදී කැඩෙන බවක් ඇසට ග්‍රහනය කර ගත නොහැක. එවිට ඇති වන දිට්ටිය වේගයෙන් කැඩී කැඩී හට ගෙන අංග අට ඇතිවී නැතිවෙනවාද? නැත්නම් වායාම සති සමාදි වලින් රකිනවාද? එසේනම් දිට්ටිය කෙටි වෙලාවක් පවතිනවාද? නැත්නම් දිට්ටිය යනු ස්තීරවම වේගයෙන් ඇතිවන අංග අට ඇතිවී නැතිවී යන දෙයක්ද? එම අවස්තාවේ (රෑපවාහිනි රූපයක් ඇසේ ගැටෙන විට) අප ලග ඇති ආහාර 4ත් අප ගැන අනුකම්පාවෙන් දේශනා කරන සේක්වා.
    3. දිනක් පර්යංක  භාවනාවේ යෙදී සිටින විට කාමරයෙන් පිට සිටින කෙනෙකුගෙ කතාව ඇසෙන විට එහි ඇසෙන වචන පමනක් ඇසීම වික්ඤාන ආහාරද? (එහි කියවුන දෙය එම අවස්තාවේ සිතීමට අවශය උනත් එසේ කරීමට අපහසු විය වුනෙ ඒ කියන දෙය නැවත සිතින් සිතීමක් පමනි. එය නැවත මතක් කිරීමටද අපහසු විය. කරුනාවෙන් පහදා දෙන සේක්වා.
    ඔබ වහන්සේගෙන් ඉතා කාරුනික ඉල්ලිමක් කරමි. අප ගැන අනුකම්පාවෙන්   ආහාර 4ත් අංග 8ත්, දිට්ටි ගැනත් සතයය 4 ගැනත් එසේම අකුසල 8,9 ගැනත් අකුසල් මුල් ගැනත් තවත් අවශයම කරුනු එකම දේශනාවක ස්වරූපයෙන් එනම් එකම Viedo Clip එකක් ලෙස පවත්වන මෙන් ඔබ වහන්සේගෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි.
    ඔබ වහන්සේට  කරන සත් ක්‍රියාව ඉදිරියටත් කරගෙන යා හැකි වේවා
    තෙරුවන් සරනයි.

    *තමන් සිදුකරන භාවනාව හා සම්බන්ධ ප්‍රායෝගික ප්‍රශ්නයක් නොවන බැවින් ගරු ස්වාමින්වහන්සේ විසින් මෙහි  පිළිතුරු වදාළනු නොලැබේ.*

     

     

    ගෞරවනීය ස්වාමීන්වහන්ස,

     

    ඔබවහන්සෙගේ උපදේශකත්වය යටතේ භාවනාව පුහුනු කල තැනැත්තියකි. ධාතු ගුණ දැනෙමින් දිගටම භාවනාව පුහුණු කළෙමි. දෛනික කටයුතු වලදිත් ආමිස පින්කම් ධර්මශ්‍රවනය කිරීම වැනි අවස්තා වලත් ප්‍රකට විය.

     

    පසුව ධාතු ගුණ ප්‍රකටවීම නතර වී කලක් ගත වූ පසු යලිත් ධාතු ගුණ ප්‍රකට වන්නට විය. මේ කාලයේ ඔබවහන්සේ දේශනා කළ ධම්මනුපස්සනාවට අයත් සච්ච පබ්බය කොටසෙහි දේශනා ශ්‍රවනය කරන්නට ලැබිණ. එවැනි ධර්ම දේශනවක් අසන්නට කිසි දිනක අවස්ථාවක් නොලැබුණු නිසාත් කරගෙන යන භාවනවේ බොහෝ ගැටළු නිරාකරනය කර ගැනීමට ඉවහල් වූ නිසාත් බලවත් ශ්‍රද්ධාවකින් උනන්දුවකින් හා සතුටකින් මෙම ධර්මය දිනය පුරාම ශ්‍රවනය කළා.

     

    පසුදින මගේ මනසට විශාල දුකක් දැනෙන්නට විය. බයක්ද දැනෙන්නට විය. මේ දුක දරගන්නට නොහැකි තරම් භයානක විය. දින කිහිපයක්ම මෙම තත්වයෙන් මිදීමට නොහැකි විය. නැවත ධරමය ශ්‍රවනය කිරීමට දින කිහිපයක් යන තුරුම අසමත් විය. මෙම තත්වය නිරාකරණය කර ගැනීමට ඔබවහන්සේගේ කාරුණික උපදෙස් බලාපොරොත්තු වෙමි.

     

     

    තෙරුවන්සරණයි ස්වමින්වහන්ස,
    අවසර,
    සතිපට්ඨාන භාවනා වැඩීමේදී අල්පේච්ඡ ගුණයන් වැඩිවන බව ඔබ වහන්සෙගෙන් අසා ඇත්තෙමි. ගිහි ජීවිත ගත කරන අප වැනි අයට එම ගුණයන්ගෙ යහපතට ( භාවනාවත් හොදින් කරගෙන) ගෙදර යුතුකම් ද කරමින් ක්‍රියා කල යුතු ආකාරය පිලිබඳව උපදෙසක් පතමි.... පැවිදි උතුමන්ට නම් අල්පේච්ඡ දිවියක් නිතතින් හිමිවේ...ගිහි ගෙදර අල්පේච්ඡ ගුණයන් වැඩෙද්දී ජීවත් වන ආකාරය....තෙරුවන්සරණයි ස්වමින්වහන්ස!!!

     

     

    ආශ්‍රව ක්ෂය වීම සිදුවන්නේ ධාතු ගුණ සියුම් වු පසුව, හරකෙක් මෙන් ලෙස හැසිරෙන විටද? මා අසා ඇති පරිදි, ඒ සඳහා අප උත්සාහයක් දැරිය යුතුය.

     

     

    ගරුතර ස්වාමීන් වහන්ස.
    වයස අවුරුදු 25 දී විතර ඇගේ පලු දාන ලෙඩක් ඇති වුනා. වෛද්‍ය වරයෙකු ගෙන් ප්‍රතිකාර ලබාගත් අතර එය මෑතක්වනතුරූ දිනපතා පෙත්තක් වශයෙන් ලබාගත්තා. භාවනාව ආරම්භ කර වසරකට වැඩි කාලයක් පමන වන අතර එම කාලය තුල දින 7 ක් 8 ක් පමන පලූ දමන කසන අසනීපය පැමිණියේ නැත. එසේ ඇතිවුවහොත් පමනක් එම බෙහෙත් පෙත්ත ලබා ගතිමි. නමුත් දැන් දිනපතා එම අසනීපය සතුවේ. මා රාත්‍රී ආහාර නොගනී. රාත්‍රියට එම අසනීපය වැඩිය. ඇවීදීමද රාත්‍රියට කල නොහැක. පසු ගිය කාලය තුල මා එම බෙහෙත් ලබා නොගත් අතර එය මතු වන්නට අවස්ථාව ලබා දූන්නා. එම පලු ඇවිත් ටික වේලාවක්වකින් නැතිව යන ආකාරයත් අත් වින්දා. ගොඩක් අවස්තාවල රාත්‍රියට එම පලු ඇවිත් නැතිවී ගියත් කැසීමට අවශ්‍යතාවය ඇතිවන නිසා එය පීඩාවක්මයි. ස්වාමීන් වහන්ස මේ අවස්ථාවේ බෙහෙත් බිව්වොත් එය යටපත් වී නැවත පැමිනෙයි ද? කල යූත්තෙ ඇලීම් ගැටීම් නැතිව සිටීමද? කරුනාවෙන් පහදෘ දෙන සේක්වා. ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි.

     

     

    විවිධ දේශනා වලින් අප අසා ඇති ධර්ම කරුණු කමටහන සමඟ සංසන්දනය කිරීම අවශ්ය නොවේ නම්, අප බෞද්ධයන් ලෙස ධර්මයට සවන් දීමේ අරමුණ කුමක්ද? උදාහරණයක් ලෙස, කමටහන නිවැරදිව පුහුණුවීමට අප අසා ඇති ආස්රව, පට්චසමුප්පාද වැනි විවිධ සංකල්ප තේරුම් ගැනීම ප්‍රයෝජනවත් වේද?

     

     

    තෙරුවන් සරණයි ...
    මම නිකන් ඉද්දීත්, වැඩ කරමින් ඉද්දීත්, මගේ ඇග ඇතුලේ සද්ද ඇහෙනවා, හුස්ම නෙවේ, සාමාන්‍ය බඩ කෑසන ශබ්ද නොවේ,සමහර විට සතුන් කෑගසන ශබ්ද වැනි, උදා ; පොඩි පූසෙකුගේ ශබ්ද, පලමුවෙන් මං හිතුවේ වටේ ශබ්ද කියලා, ආපු තැනක් නිතේරී ලගම ඇසෙන විට , සහ කීප වරක් වන විට ඇග ඇතුලේ ශබ්ද බව තේරුනා, සමහර විට නිදියන්න ලං වූවිට හර්ද වස්තු ශබ්ද, සහ හුස්ම පෙනහලූ ශබ්ද නිසා බය සිතුනා, පලමුව vitamin C පවා ගත්තා, නමුත් මට හතිය හෝ, සෙම නෑ.
    සත්ව ශබ්ද සමාන ශබ්ද හයියෙන් ඇසෙන වේලාවන් තිබෙනවා. මේ මොකක්ද , මොනවාද කරන්න ඕන, මම ගනන් නොගෙන ඉන්නවා, සමහර විට අමුතුයි සහ බයක් දැනෙනවා.

     

     

    මම අවුරුදු කිහිපයක් ඔබ වහන්සේගේ යටතේ භාවනාව සිදු කරමි.ධාතු වැඩී දැන් සියුම් වී ඇත. සමහර දින වල ධාතු ගුණ දැනෙන අතර සමහර දින වල නොදැනේ. නමුත් දිනපතා සක්මන් භාවනාවේ යෙදෙමි. ආනාපානසතිය ද කරමි. දැනට සක්මන් භාවනාව ඔබ වහන්සේ පැවසූ පරිදි පාද වලට සිහිය නොපවත්වා ඔහේ කරගෙන යන්නෙමි. එසේ සක්මන් භාවනාව කරන විට අත් වල සන්ධි නමමින් කළ යුතු ද යන්න කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි.

     

     

    ගරුතර ස්වාමීන් වහන්ස,
    භාවනාව කරන විට ධාතු ගුණ කාලයක් දැනුනා. (උනූසූම් ශීතල චංචල වැනි) චංචල ඒවා වැඩිපුර දැනුනි. ආසන්න කාලයකදී දැණුනෙ ඔලුවේය. එය උණුසුම්ය. දැන් කොතැනකවත් ධාතු නොදැනේ. ඒත් ඉදහිට එක එංඑල ගතියක් හෝ කීප විටක් (එකම තැන) දෑනී නොදැනී යයි. හරකා මෙන් ඇවිදීම හා වැඩකිරීම කරගෙන යමි. නමුත් එකතැනක සිට වැඩක් කරන විට ශරිරයේ අමුතු දැනීමක් දැනී. ශරීරය පුරාම වේ. ඔළුවෙන් පටන් ගනී. මෙය භාවනාව කරන කාලයේ භාවනාව පටන් ගත් සැනින් දැනුනා. (පිනා යාමක්) .
    කලින් ධාතූ සියුම් වී ඇතැයි කියා සිතා සිටියා නමුත් දැන් ධාතු සියුම් වී නැතැයි කියා සිතට වද දෙයි. වී ඇත්තේ කුමක්දැයි පහදා දෙන්න. ඇත්තටම ධාතු සියුම් වීම යනු කුමක්දැයි හා අප හදුනා ගන්නේ කෙසේදැයි පහදා දෙන්න. මා වැඩි වේලාවක් බන ශ්‍රවනය කරයි.(ඇවිදිමින්) තෙරුවන් සරණයි.

     

     

    පසු ගිය අවුරුද්දේ හුදකලා භාවනා වැඩසටහන් වලට සහභාගී වුණා. මෙ අවුරුද්දේ විමුක්ති අරණෙ ආධුනික භාවනා වැඩසටහනකට (දින තුනක් අනෙවාසික) සහභාගී වුණා.පසුගිය මාස තූනක පමණ සිට දිනපතා පැය භාගයක් හෝ පැයක් සක්මන් භාවනාව කර ගෙන යනවා.මුලින්ම ධාතු ගුණ සක්මන් කරන විටදී දැනුනු අතර පසුව වැඩ කරමින් සිටින විටදී ද දැනුනා. දැන් සක්මන් කරන විට ධාතු ගුණ නොදැනෙන අතර වැඩ කරන විටදී ඉද හිට පිට දිගෙ නලියන ස්වාභාවය ක් සහ අත්ලෙ හිරි ගතියක් දැනෙ.එය එතරම් ප්‍රකට නැත.ඔබ වහන්සේ ගෙ ධර්ම දේශනා ඇසීමට පමණක් යොමු වී ඇත.අනිකුත් ධර්ම දේශනා ඇසීමට කණ යොමු කලත් , ධර්ම කරුණු වලට පමණක් සීමා වූ ඛණ ඇසීමට සිත් නොදේ. භාවනාව ට එයින් උපකාරයක් නැති බව හැගේ.වෙනදාට තරහ ගිය විට බැන වැදුනත්, දැන් තරහක් ආ බව දැන, වචන පිට නොකිරීමට බොහෝ විට හැකි වී ඇත.
    මෙය භාවනාවේ දියුණුවක් ද? උපදෙස් පතමි. තෙරුවන් සරණයි !

     

     

    ගරු ස්වමින්වහන්ස,

    මම දිනපතාම උදය හවස පෑයක් පමන සක්මන් කොට පෑයක පමන ඉදගෙන බාවනාවට පුහුනු වන කෙනෙක්මි.
    සක්මනට පසු ඉදගත් විට හුස්ම රෑල්ල නසිකාග්‍රයෙ නොදෑනෙයි. එය පපුව මෑද ඉහලට පහලට යන දෑනීමක් සේ හටගනී. තවද හිස මුදුනෙ නලියන ස්වභාවයක්ද දෑනෙයි. මම පපුව මෑද දෑනීමට සිහිය යොදන මුත් හිස් මුදුනෙ නලියන ගතියත් නොදෑනවා නොවෙයි.

    ටික වේලාවට පසු පිනායන ගතියක් හිස මුදුනෙහි දෑනෙයි. එයද මම කයෙ අනිත් දෑනීම් සමග අත්විදිමි. මෙසේ පෑය බාගයක් පමන සුව දායක තත්වයක් අත්විදියි. ඉන්පසු පපුව මෑද ඉහල පහල යන දෑනීමද හිස් මුදුනෙ නලියන ගතියද තුනී වේ. කය පිනා යන සුව දායී විදීම ඉතා ප්‍රබල වෙයි. මම එයට සිත තබා කයෙන් දෑනෙනා අනිත් දෑනීම්ද අත්දකිමින් භවනා කරමි.මෙසේ බොහො වේලාවක් සිටිය හෑකී.

    දවල් කාලයේ සක්මන හො ඔබ ව්හන්සෙගෙ අවවාද පරිදි නිකම් හරකා වගෙ ඈවිදීම හො වත්තෙ වෑඩක් පමනක් කල හෑකිය. ඉදගෙන භාවනා කරොත් හො දර්ම පොතක් කියවනවිට හො බනකට සවන් දෙනවිට හො නින්දට වෑටෙයි. මම දෑන් විවේකීව ගෙදර සිටින නිසා මගෙ ඉදිරි ගමන දියුනු වීමට තවත් කලයුතු දෙය ගෑන සුදුසු අවවාදයක් ලෑබේවා.

     

     

    ගෞරවනීය ස්වාමීන් වහන්ස,
    ඔබ වහන්සේගේ කමටහන් වලට අනුව අවුරුදු දෙකක් පමණ භාවනාව කරමි. මුලින් දැනුණු ධාතු ගුණ සියුම්ව දැනුණු කාලයක් තිබිණි. දැන් ඒවා ද නැතිවී ඇත. භාවනාව එපා වුණු ගතියක් දැනේ. ඊයේ දිනයේ පවුලේ අය සමග දරුවන්ගේ කුඩා කල වීඩියෝවක් නරඹමින් සිටියදී ඔළුවේ කලන්ත ගතියක් දැනී ඔක්කාරයට ආවා. ඒ මොහොතේ ඇස් වසාගෙන මද වෙලාවක් නිහඩව සිටියා. එසේ සිටින විට ඔක්කාරය නැති වී කලන්ත ගතිය ද නැති වී ගියා. රූපවාහිනි ප්‍රවෘත්ති බලන විට ද එවැනි දෙයක් සිදු වූවා. ඒ මොහොතේදීත් එතැනින් නැතුව අහකට ගියා. දුරකථනය ද වැඩි වේලාවක් භාවිතා කරන විට එවැනිම දෙයක් සිදුවෙයි. එපා වීමක් අප්‍රිය භාවයක් දැනෙනවා. ක්ලාන්ත ගතියක් එනවා. එවැනි දෙයින් ඈත් වූ විට එම ගතිය නොදැනේ. අතීතයේ පුතා සමග ගතකළ ජීවිතයේ පුතාට සැරවැර කරපු අවස්ථා මතක් වී ඇඬෙන අවස්ථාද ඇත. පුතා දැන් පිටරටක සිටී. පුතාට ද මේ බව කිය කියා අැඩෙන අවස්ථා ඇත. එක පාරටම මෙවැනි දුක් සිතට ගලා එයි.
    ගරු ස්වාමීන් වහන්ස, ඔක්කාර ගතිය සමඟ එන ක්ලාන්ත ගතිය ලෙඩක් දැයි දැන ගැනීමට කැමැත්තෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි .

     

     

    මගේ අවධානය හුස්ම වෙත යොමු කිරීමෙන් මගේ අභිමතය පරිදි ධාතු ගුණ අත්විඳිය හැකිය. ඒ අත්දැකීමේදී මගේ බෙල්ල පිටුපස යම් ආකාරයක තද බවක් ඒ කාලය තුළ මට දැනේ. රූපවාහිනිය නරඹමින් සිටියදී පවා මට එය අත්විඳිය හැකිය. ඒ කාලය තුළ මම ජීවත් වන්නේ අබිජ්ජා සහ දෝමනස්ස නොමැතිව ද ?මට තව දුරටත් ඇවිදීමේ භාවනාව පුහුණු වීමට අවශ්‍යද ?

     

     

    දිනපතා පැයක් හෝ පැය එකහමාරක් සක්මන් භාවනාව කරනවා, තවද ඒ සමාන කාලයක් වත්ත අමදිනවා. ධාතු ගුණ නොදැනෙන තරම් ය. මෙ විදිහට මං භාවනාව සහ අතු ගෑම කර ගෙන යාමද කළ යුතු වන්නේ.. අනුකම්පා කර පහදා දෙන්න. පවි පොතෙන් පිටු ගැලවී යාමක් තාම සිදු නොවුණි. හන්දි නැමෙන වෑඩ කටයුතු වල නිරත වන නිසා ද කියා පහදා දෙන්න. නිදුක් නිරෝගී සුවය ඔබ වහන්සේ ට ප්‍රාර්ථනා කරමි.

     

    Nonprofit (2016Nov)  –  Powered by Pixalogy.lk