
- බුදුදාහමේ හරය චතුරාර්‍ය්‍යසත්‍ය යයි.
- නමුත් චතුරාර්‍ය්‍යසත්‍ය පැහදිලි කිරිම පංචඋපාධානස්ඛන්ධය මගින් කරනු ලබයි එනම්,
දුඃඛාර්‍ය්‍යසත්‍ය = පංචස්ඛන්ධය උපාධාන විමයි
දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍ය = පංචස්ඛන්ධය උපාධාන විමට හේතුව තණ්හාවයි
දුඃඛනිරොධාර්‍ය්‍යසත්‍ය = පංචස්ඛන්ධය උපාධාන නොමැති ස්ථානය
දුක්ඛනිරොධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය = පංචස්ඛන්ධය උපාධාන නොමැති ස්ථානයට ගමන් මග
- ඉහත කාරණා අනුව පැහැදිලි වන්නේ බුදුදාහම තේරැම් ගැනීමට පංචස්ඛන්ධය හා පංචඋපාධානස්ඛන්ධය තේරැම් ගැනීම අත්‍යවශය්‍ය බවයි.
- ධර්මයේ පංචනීවර්ණ මගින් නිවන ආවර්ණය කරණ බව පැහැදිලි කරයි එනම් පංචඋපාධානස්ඛන්ධය ආවරණය කිරීම පංචනීවර්ණ මගින්ම සිදුකරනු ලබයි. මෙයින් පංචඋපාධානස්ඛන්ධය සම්බන්ධව වැදගත් ධර්මයක් පැහැදිලිවෙ එනම් පංචනීවරණ මානසික ධර්මයක් බැවින් පංචඋපාධානස්ඛන්ධයද මානසික ධර්මයක් විය යුතුයි.
- දීඝ නිකායේ මහා සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානු පස්සනාවෙ පෙලගස්සවා ඇති ධර්ම කරුණු නීවර්ණ පබ්බය,පංචඋපාධානස්ඛන්ධ පබ්බය, ආයතන පබ්බය, බොජ්ජංඟ පබ්බය,චතුර්‍ය්‍යසත්‍ය පබ්බය, වශයෙනි මෙමගින් පහතින් පෙන්වා ඇති ආකාරයට පංචඋපාධානස්ඛන්ධ සම්බන්ධ තොරතුරු ලබාගත හැකිවේ. නීවර්ණ පබ්බය, පංචඋපාධානස්ඛන්ධ පබ්බය, ආයතන පබ්බය, බොජ්ජංඟ පබ්බය, චතුර්‍ය්‍යසත්‍ය පබ්බය.
i. පංචඋපාධානස්ඛන්ධය ආවරණය කිරීම පංචනීවර්ණ මගින්ම සිදුකරනු ලබයි
ii. පංචඋපාධානස්ඛන්ධය සකස්වීම ඇස්,කණ්, නාශා, දිව කය, මන යන ආයතන මගින් සිදුකරනු ලබයි.
iii. පංචඋපාධානස්ඛන්ධය උපාධාන විම නැවැත්වීමේ වැඩ පිලිවෙල සප්ත බොජ්ජංඟ ධර්ම වැඩීමයි.
iv. පංචස්ඛන්ධය උපාධාන නොවන අවස්ථාව චතුර්‍ය්‍යසත්‍ය දැකීම හෙවත් සම්මාදිට්ඨිය ලැබිමයි .
- ඉහත පෙන්වා ඇති ධර්ම කරුණු හා පහතින් හදුන්වා ඇති ධර්ම කරුණු සැලකිල්ලට ගෙන පංචස්ඛන්ධය තෙරුම්ගැනිමට උත්සහගන්න. පංචස්ඛන්ධය මනෝමය දෙයක් බව. ඇස්,කණ්, නාසා, දිව කය, මන යන ආයතන මගින් පංචස්ඛන්ධය හටගන්නා බව. ඉතා කුඩා කාලයක් (මොහොතක්) තුල ඇස්වලට පෙනෙන සියලුම රෑප මගින් ඇතිකරණ මනොරැපයන් එම කාලයේ පංචස්ඛන්ධයේ කොටස්බව, මේ ආකාරයටම ඉතිරි ආයතන පහ මගින් ද ඇතිකරණ මනොරූපයන් පංචස්ඛන්ධය සකස්කරණ බව.
i. ඉහත මනොරැපයන්ගෙන් එකක් එක්වරකට උපාධානයට හසුවන බව.
ii. එක් මනොරූපයක් තුල රෑප, වේදනා,සඤ්ඤා,සංස්කාර,විඤ්ඤාණ යන අංග පහ ඇතුලත් බව.
iii. එක් මනොරැපයක් එක්වරකට උපාධාන වීම පංචඋපාධානස්ඛන්ධය ලෙස හදුන්වන බව.
පංචස්කන්ධය හා පංචඋපාධානස්ඛන්ධය සම්බන්ඳව වැඩිදුර අධ්‍යනය කිරීම සඳභා පහතින් දක්වා ඇති ධර්මදෙශනා ශ්‍රවණය කරන්න.
දුඃඛාර්‍ය්‍යසත්‍යය
“කතමඤ්ච භික්ඛවේ දුක්ඛං අරියසච්චං? ඡාතිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, සෝකපරිදේව, දුක්ඛදෝමස්සුපායාසාපි දුක්ඛා අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ජං න ලභති තම්පි දුක්ඛං සඬ්ඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා.”
(ඇවත්නි, දුඃඛාර්‍ය්‍යසත්‍යය කවරෙ ද : ජාතිය දුකවේ, ජරාව දුකවේ, මරණය දුකවේ, ශොකය දුකවේ, පරිදෙවය දුකවේ, දුඃඛය දුකවේ, දෞර්‍මනස්‍යදුකවේ, උපායාසයෝ දුකවේ,අප්‍රියදෙය ලැබීම දුකවේ,ප්‍රියදෙය නොලැබීම දුකවේ, කැමතිදෙය නොලැබිම දුකවේ, සැකෙවින් පඤ්චොපාදනස්කන්ධයෝ දුකවේ.)
1. ඉහතින් දක්වා ඇත්තේ මාහා සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානු පස්සනාව යටතේ දුඃඛාර්‍ය්‍යසත්‍යය පැහැදිලි කර ඇති ආකාරයයි.
2. මෙහිදී ජාතිය, ජරාව, මරණය, ශෝකය, පරිදේවය, දුඃඛ,දෞර්මනස්ය, උපායාසය, අප්‍රියදෙය ලැබීම, ප්‍රියදෙය නොලැබීම, කැමතිදෙය නොලැබිම වශයෙන් දුකේ අවස්ථා 11 ක් පෙන්වා ඇත. නමුත් විස්තර කිරීමේදී අවසාන අවස්ථා 3 එක කරුණක් වශයෙන් ගෙන තිබේ.
3. මෙහි ජාතිය,ජරාව,මරණය පමණක් ස්වභාවධර්මයේ පවතින අතර ඉතිරි ඒවා සත්ව පුද්ගලභාවය අනුව මනසින් සකස්කර ගන්නා දෙවල්වේ.
4. එනම් ශෝකය, පරිදෙවය, දුඃඛ,දෞර්මනස්ය, උපායාසය, අප්‍රියදෙය ලැබීම, ප්‍රියදෙය නොලැබීම, කැමතිදෙය නොලැබිම ආදී දුක්, ජාතිය,ජරාව,මරණ යන ධර්ම වල කියාකාරිත්වය අනුව මනසින් සකස් කර ගන්නා දෙවල්වේ.
5. සත්ව පුද්ගලභාව අනුව මනසින් සකස් කර ගැනීම , උපාධාන වීම ලෙස ගතයුතුවේ.
6. සත්වයකුට ජාතිය, ජරාව, මරණයද දුකක් වන්නේ එම ස්වභාවයන් උපාධානය වනවිට පමණකි.
7. සත්වයකුට දුකක් වන්නේ එම ස්වභාවයන් උපාධානය වනවිට පමණකි.
මේ අනුව සියළුම දුක් හට ගැනීම උපාධානය මගින් සිදුවන බැවින්,
” “සඬ්ඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා.” – සැකෙවින් පඤ්චොපාදනස්කන්ධයෝ දුකවේ“
දුඃඛාර්‍ය්‍යසත්‍යය සම්බන්ධව වැඩිදුර අධ්‍යනය කිරීම සඳභා පහතින් දක්වා ඇති ධර්මදේශනා ශ්‍රවණය කරන්න.
දුඃඛසමුදයර්‍ය්‍ය සත්‍යය
“කතමඤ්ච භික්ඛවේ දුක්ඛසමුදයං අරියසච්චං?යායං තණ්හා පොනොභවිකා නන්දිරාගසහගතා තත්ර තත්රාභිනන්දිනී?සෙය්යථිදං කාමතණ්හා භවතණ්හා විභවතණ්හා.”
(මහණෙනි දුඃඛසමුදයර්‍ය්‍ය සත්‍යය කවරේද යත් නැවත නැවත ඉපැදීම කරන්නාවූ, අරමුණෙහි ඇලෙන,අරමුණෙන් අරමුණට මාරු වන යම් තෘෂ්ණාවක් වේ ද? ඒ කවරෙදයත් කාමතණ්හා භවතණ්හා විභවතණ්හා වේ.)
ඉහත තොරතුරු අනුව දුඃඛසමුදයර්‍ය්‍ය සත්‍යය සම්බන්ධව පහතින් පෙන්වා ඇති කරුනු සැලකිල්ලට ගන්න.
- කාමතණ්හා ,භවතණ්හා ,විභවතණ්හා වශයෙන් තණ්හාවේ ආකාර තුනක් ඇති බව.
- තණ්හාව තුල නැවත නැවත ඉපැදීම,අරමුණෙහි ඇලෙන බව, අරමුණෙන් අරමුණට මාරුවන බව, වශයෙන් හැකියාවන් තුනකින් යුක්ත බව.
- කාමතණ්හාව මගින් අරමුණෙහි ඇලීම සිදුකරයි. භවතණ්හාව මගින් අරමුණෙහි උපෙක්ෂාව සිදුකරයි. විභවතණ්හාව මගින් අරමුණෙහි ගැටීම සිදුකරයි.
- තණ්හාවේ ඇති “පොනොභවිකා” ගුණයෙන් නැවත නැවත අරමුණු ගැනීම සිදුකරයි. තණ්හාවේ ඇති “නන්දිරාගසහගතා“ ගුණයෙන් අරමුණෙහි ඇලීම, උපෙක්ෂාව,ගැටීම, සිදුකරයි. තණ්හාවේ ඇති “තත්ර තත්රාභිනන්දිනී“ ගුණයෙන් ඇස්,කන් නාශා ආදි ඉන්ද්‍රීයන්ට මාරැවීම සිදුකරයි. මෙය බුදුධහාමේ පෙන්නුම් කරණ සත්ව ක්‍රියාවලිය හෙවත් සංසාරයයි.
- දුඃඛාර්‍ය්‍යසත්‍යය යනු පංචස්ඛන්ධය උපාධාන වීම බැවින්, තණ්හාවේ ඇති “පොනොභවිකා” ගුණයෙන් නැවත නැවත පංචස්ඛන්ධය උපාධාන වීම සිදුකරයි. තණ්හාවේ ඇති “නන්දිරාගසහගතා“ ගුණයෙන් පංචස්ඛන්ධය උපාධානය තුල ඇලීම, උපෙක්ෂාව, ගැටීම, සිදුකරයි. තණ්හාවේ ඇති “තත්ර තත්රාභිනන්දිනී“ ගුණයෙන් පංචස්ඛන්ධය උපාධානය ඇස්,කන්,නාසා ආදි ඉන්ද්‍රීයන්ට මාරු වීම සිදුකරයි.
වැඩි විස්තර සදහා පහත ධර්ම දේශණා ශ්‍රවණය කරන්න.
May 14th, 2015
Posted In:
Leave a Comment
සතර සතිපට්ඨානය -:
කායානු පස්සනාව
වේදනානු පස්සනාව
චිත්තානු පස්සනාව
ධම්මානු පස්සනාව
සතර සම්ය්‍යයක් ප්‍රධාන වීර්යය-:
නූපන් අකුසල් නූපදවීමේ වීර්යය
උපන් අකුසල් ප්රහාණය කිරීමේ වීර්යය.
නූපන් කුසල් උපදවාගැනිමෙ වීර්යය
උපන් කුසල් වැඩිදියුනු කරගැනීමේ වීර්යය
සතර සෘද්ධිපාද-:
ඡන්ද සෘද්ධිපාද
චිත්ත සෘද්ධිපාද
විරිය සෘද්ධිපාද
වීමංසා සෘද්ධිපාද
පංච ඉන්ද්රිය-:
ශ්‍රද්ධා ඉන්ද්රිය
විරිය ඉන්ද්රිය
සති ඉන්ද්රිය
සමාධි ඉන්ද්රිය
ප්‍රඥා ඉන්ද්රිය
පංච බල-:
ශ්‍රද්ධා බල
විරිය බල
සති බල
සමාධි බල
ප්‍රඥා බල
සප්ත බොජ්ජංග-:
සති බොජ්ජංගය
ධම්මවිජය බොජ්ජංගය
වීරිය බොජ්ජංගය
ප්‍රීති බොජ්ජංගය
පස්සද්ධි බොජ්ජංගය
සමාධි බොජ්ජංගය
උපේක්ෂා බොජ්ජංගය
ආර්ය අෂ්ඨාංගික මාර්ගය-:
සම්මා දිට්ඨි
සම්මා සංකප්ප
සම්මා වාචා
සම්මා කම්මන්ත
සම්මා ආජීව
සම්මා වායාම
සම්මා සති
සම්මා සමාධි
සත්තිස්බෝධිපාක්ෂික ධර්ම හා ආර්ය අෂ්ඨාංගික මාර්ගය අතර සම්බන්ධය-:


සත්තිස් බෝධිපාක්ෂික ධර්ම සම්බන්ධව වැඩිදුර අධ්‍යනය කිරීම සඳභා පහතින් දක්වා ඇති ධර්ම දේශණා ශ්‍රවණය කරන්න-:
April 21st, 2015
Posted In:
Leave a Comment
පංච නීවරණ හැදින්වීම
- නීවරණ යනු මනසේ පහල වන මානසික ගති ස්වභාවයකි.
- පුද්ගලයන්ගේ සත්‍ය ස්වරූපය ආවරණය කිරීම නීවරණ වල කෘත්‍ය වේ.
- බුදුදහමේ පෙන්වන නිවන ආවරණය කරන ප්‍රධාන මානසික අංගයන් නීවරණයන්වේ.
- තවද කාමාවචර භාවය ඉක්මවා ඇති රූපාවචර හා අරූපාවචර මානසික තත්වයන් නීවරණ මගින් ආවර්ණය කරයි.
- සමථ භාවනා ක්‍රම මගින් නීවර්ණ යටපත් කිරීමට හැකිවේ.
- විපස්සනා භාවනා ක්‍රම මගින් පළමුව නීවර්ණ යටපත් කරන අතර දෙවනුව නීවර්ණ ජනනය කරණ ආස්‍රවයන් විනාශකර නීවර්ණ අතුරුදහන් කරනු ලබයි.
- ධර්මයේ පංච නීවර්ණ කාමච්ඡන්ද, ව්‍යාපාදය, ථීනමිද්ධය, උද්ධච්ච- කුක්කුච්ච හා විචිකිචිචා ලෙස නම් කරයි.
කාමච්ඡන්ද
කාම ලෝකයේ ජීවත්වන සත්වයන්ග්ගේ ඇස්, කන, නාසා ආදී ඉන්ද්රියයන් මගින් ලබාදෙන අරමුණු වලට කැමැත්ත, ආශාව, ඇල්ම ඇති කරනු ලබන්නේ කාමඡන්ද නීවර්ණය මගිනි.
ව්‍යාපාදය
කාම ලෝකයේ ජීවත්වන සත්වයන්ගේ ඇස්, කන්, නාසා ආදී ඉන්ද්රියයන් මගින් ලබාදෙන අරමුණු වලට අකමැත්ත තරහව ගැටීම ඇති කරනු ලබන්නේ ව්‍යාපාද නීවර්ණය මගිනි.
ථීනමිද්ධය
කාමලෝකයේ ජීවත්වන සත්වයන්ගේ ඇස්, කන, නාසා ආදී ඉන්ද්රියයන් මගින් ලබාදෙන අරමුණුු තාවකාලිකව නවතා දැමීමට කි‍්‍රයාකරනු ලබන්නේ ථීනමිද්ධ නීවර්ණයයි. සෑම පුද්ගලයෙක්ම නින්දට යොමු කරන්නේ ථීනමිද්ධ නීවර්ණයයි.
උද්ධච්ච කුක්කුච්ච
කාමලෝකයේ ජීවත්වන සත්වයන්ගේ ඇස්, කන, නාසා ආදී ඉන්ද්රියයන් මගින් ලබාදෙන අරමුණු වල නොසන්සුන් ස්වභාවය ඇති කරනු ලබන්නේ උද්ධච්ච කුක්කුච්ච නීවරණය මගිනි.
විචිකිච්චා
කාමලෝකයේ ජීවත්වන සත්වයන්ගේ ඇස්, කන, නාසා ආදී ඉන්ද්රියයන් මගින් ලබාදෙන අරමුණු වලට සැක ස්වරූපයක් ඇති කරනු ලබන්නේ විචිකිච්චා නීවරණය මගිනි.
ජීවත්වීම හා නීවරණ අතර සම්බන්ධය
- නීවරණ මගින් නිවන ආවරණය කරන අතරමල සංසාරය පවත්වාගෙන යෑමට ද උදව් කරනු ලබයි.
- සාමාන්‍ය මිනිසුන්ගේ කි‍්‍රයාකාරීත්වය රදා පවතින්නේ එම පුද්ගලයන්ගේ මනසේ කි‍්‍රයාත්මක වන නීවරණ වල බලපෑම අනුව වේ.
- සෑම මිනිසෙක්ම ජීවත්ව වීමේදී තමන් කැමති දෙය ලබා ගැනිමටත් අකමැති දෙයින් ඉවත් වීමටත් උත්සාහ කරයි. මෙය සමාජයේ ඉල්ලූම ලෙස හඳුන්වයි. ලෝකයේ තිබෙන සියලූම ඉල්ලූම්වල මනෝකාරකයන් වන්නේ කාමච්ඡන්ද සහ ව්‍යාපාදයයි.
- සමාජයේ ඉල්ලුමක් ඇති විට ඊට අදාල සැපයුම් නිපදවනු ලැබේ. මේ සදහා සිදුකරනු ලබන නව සොයා ගැනිම් පර්යේෂණාදියට උදව් වන්නේ උද්දච්ච කුක්කුච්ච නීවරණය හා විචිකිච්චා නීවරණයයි.එනම් සමාජයේ දියුණුව යනු උද්දච්ච කුක්කුච්ච හා විචිකිච්චා නීවරණ දෙකෙන් වැඩ ගන්න ප්‍රමාණයයි.
- සෑම පුද්ගලයෙක්ම නිදා ගැනීමට ආසන්න මොහොතේ නීවරණ පහම යටපත් වේ. නමුත් එවැනි අවස්ථාවකදී පලදායි මනෝ භාවයන් වන ශ්‍රද්ධාව, සතිය, වීර්යය ,සමාධි, පඤ්ඥා, වැනි ගුණාංග අක්‍රීය බැවින් සත්‍යය අවබෝධයකට යොදා ගත නොහැකි වෙයි.
- සමථ භාවනාවක් මගින් පංච නීවරණ යටපත් කරණ අතර ශ්‍රද්ධාව, සතිය, වීර්යය, සමාධි යන මනෝ භාවයන් සංවර්ධනය කරයි.
- විපස්සනා භාවනාවකින් වැඩි දියුණු කරන සප්තබොජ්ජංග නැමැති මනෝ භාවයන් මගින් යටපත් වූ නීවර්ණවල මූලයන් විනාශ කරනු ලබයි.
- සාමාන්‍ය පුද්ගලයෙකුගේ මරණාසන්න අරමුණේ යෙදී ඇති නීවරණවල ප්‍රබලතාව මත දේව මනුස්ස සතර අපාය යන සත්ව තලවල නැවත ඉපදීම සිදු වේ.
- සමථ භාවනාවකින් නීවණ යටපත් කල පුද්ගලයෙකු මරණාසන්න අරමුණේ නීවර්ණ යටපත් කරගැනීමට දක්ෂ වූ විට ඔහු විසින් වැඩි දියුණු කරගත් යහපත් මනෝභාවයන්ගේ ස්වභාවය අනුව රූපාවචර අරූපාවචර සත්ව තලවල ඉපදීම සිදුවේ.
- විපස්සනා භාවනාවකින් පළමුව නීවරණ යටපත් කරගෙන දෙවනුව විචිකිච්චා නීවරණය සම්පූර්නයෙන් විනාශ කිරීමන් සොවාන් තත්ත්වයට පත්වී මරණයෙන් පසු කාමලෝකයේ නැවත ඉපදීම් හතකට අවම කරගනී.
- විපස්සනා භාවනාවකින් කාමච්ඡුන්දය හා ව්‍යාපාදය නීවරණවල මූල වල අඩක් විනාශ කිරීමෙන් සකදාගාමී තත්ත්වයට පත්වී කාමලෝකයේ නැවත ඉපඳීම් එකකට සීමා කර ගනී.
- විපස්සනා භාවනාවකින් කාමච්ඡුන්දය හා ව්‍යාපාදය නීවරණවල මූල සම්පූර්ණයෙන් විනාශ කිරීමෙන් අනාගාමී තත්ත්වයට පත්වී අකනිඨා බ්‍රහ්මලෝකයේ එක්වරක් පමණක් ඉපඳීම සිදු වේ.
- විපස්සනා භාවනාවකින් පංච නීවර්ණවල මූලයන් සියල්ලම සම්පූර්ණයෙන්ම විනාශ කිරීමෙන් මහරහත් භාවයට පත් වී සංසාරය අවසාන කරයි.
පංච නීවරණ සම්බන්ධව වැඩිදුර අධ්‍යනය කිරීම සඳභා පහතින් දක්වා ඇති ධර්ම දේශණා ශ්‍රවණය කරන්න.
April 21st, 2015
Posted In:
Leave a Comment
දීඝනිකායේ මහා සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාව යටතේ ඇති මුල්ම භාවනා ක්‍රමය ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අංග අටම වැඩෙන ආකාරය පැහැදිලිව දක්වා ඇත. මේ සම්බන්ධව පහත කරුණු තේරුම් ගෙන ආධුනිකයන්ට ද මෙම භාවනාව පුරුදු කළ හැකවෙි.
- කය සෘජුව තබා ගෙන බිම හෝ කුඩා පුටුවක වාඩිවීමෙන් භාවනාවට සූදානම් විය හැක.
- ඉන්පසුව ඇස් දෙක පියාගෙන තමාගේ හුස්ම පිළිබඳව අවධානය යොමු කළ යුතු වේ.
- මෙසේ අවධානය යොමු කරණු ලබන්නේ තමාගේ නාසාආග්‍රයෙන්, තොල ආදී ස්ථානවල ආශ්වාසය හා ප්රාශ්වාසය එම කායික කොටස්වල ස්පර්ශ වන ආකාරය පිළිබඳව දැනුවත් වීමෙනි.
- කිසිම අවස්ථාවක තමාගේ උත්සාහයෙන් වේගයෙන් හුස්ම ගැනීම හෝ හෙලීම සිදු නොකළ යුතු වේ.
- නාසාආග්‍රයෙන් හෝ තොලේන් හුස්ම ස්පර්ශය ගැන අවධානයක් සොයා ගැනීමට නොහැකි අය තම උදරය මගින් මෙම භාවනාව ආරම්භ කළ හැකි වේ.
- හුස්ම ගැනීම හා හෙලීම සම්බන්ධව අවධානය හොඳින් පවත්වා ගැනීමට හුස්ම ගන්නා අවස්ථාව “ආශ්වාසය” ලෙස මනසින් මෙනෙහි කිරීම වැදගත් වේ. මේ ආකාරයටම ප්රාශ්වාසය සඳහා ද “ප්රාශ්වාසය” ලෙස මනසින් මෙනෙහි කළ හැකි වේ.
පුහුණුව මනාකොට පවත්වාගෙන යාමට පහතින් පෙන්නුම් කරන කරුණු ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගතන්න.
- කන් මගින් ඇසෙන ශබ්දවල යෙදෙන අවධානය ක්‍රම ක්‍රමයෙන් අඩු කිරීමට උත්සාහ කිරීම.
- මනස මගින් ඇති කරන වෙනත් අරමුණුවලට අවධානය නොයොදා සිටීම.
- හුස්ම ස්පර්ශවන කායික ස්ථානය (තොල, නාසාආග්‍රය) හැර වෙනත් කායික කොටස්වලින් අවධානය ඉවත් කර ගැනීම.
- පිටත ශබ්ද, මනසට මතක් වන අරමුණු, කයේ එක් එක් කොටසකට දැනෙනා වේදනා ආදියට තමන් විසින් දක්වන ප්‍රතිචාර අඩු කිරීමෙන් අවධානය පිටතට යෑම අඩු කර ගත හැකි වේ.
- ඉහත කරුණු 4 සැලකිල්ලට ගෙන දින කිහිපයක් (දිනකට මිනිත්තු 30 පමණ) පුහුණු වීමෙන් අඛණ්ඩව ආශ්වාසයේ හා ප්‍රාශ්වාසයේ අවධානය පවත්වාගෙන යෑමට හැකියාව ලැබේ.
දැන් අපි සතිපට්ඨාන සූත්‍රයේ ඇති භාවනාවේ මූලික උපදෙස්වලට අවධානය යොමු කරමු.
“දීඝංවා, අස්සසන්තෝ දීඝං අස්සසිස්සාමිති පජානාති
දීඝංවා පස්සන්තෝ දීඝං පස්සසිස්සාමිති පජානාති
රස්සාංවා අස්සන්තෝ රස්සං අස්සසිස්සාමිති පජානාති
රස්සංවා පස්සන්තෝ රස්සං පස්සසිස්සාමිති පජානාති
සබ්බකාය පටිසාංවේ දී අස්සසිස්සාමිතිි සික්ඛති
සබ්බකාය පටිසංවේදී පස්සසිස්යාමිති සික්ඛති
අස්සම්භයං කාය සංඛාරං අස්සසිස්සාමිති සික්ඛති
පස්සම්භයං කාය සංඛාරං අස්සසිස්සාමිත සික්ඛති”
දීර්ඝ ආශ්වාසය හා ප්රාශ්වාසය අවස්ථාව
මුලින් සඳහන් කළ ආකාරයට පිටත ශබ්ද, මනසට මතක් වන අරමුණු හා කයේ වෙනත් ස්ථානවල දැනෙන වේදනා ආදියට අවධානය අවම කර හුස්ම ගැන අවදානයෙන් සිටීමේදී දීර්ඝ ආශ්වාසය හා ප්රාශ්වාසය අවස්ථාව අත් දැකිය හැකි වේ. මේ සම්බන්ධව දැන ගැනීම පමණක් ප්‍රමාණවත් වන බැවින් “පාජානාති” පදයෙන් පැහැදිලි කර ඇත.
කෙටි ආශ්වාස හා ප්රාශ්වාස අවස්ථාව
සාමාන්‍යයෙන් කය (ශරීරය) විවේකයට පත් වනවිට හුස්ම ගන්නා ප්‍රමාණය අඩු වේ. ආනාපානසති භාවනාවේ දී කාය විවේකය ලැඛෙන ප්‍රමාණයට හුස්ම කෙටි වේ. මෙය හඳුනා ගැනීම පමණක් භාවනාවට ප්‍රමාණවත් වේ.
සබ්බකාය පටිසංවේදී අවස්ථාව
කෙටි ආශ්වාසය හා ප්රාශ්වාසය දැනෙන අවස්ථාව තවදුරටත් ප්‍රගුණ කිරිමෙන් ආශ්වාසයේ මේ දක්වා හසු නොවන මුල හා අග කොටස් දෙකක් අවධානයට ගත හැකි වේ. දී ඇති සටහන අනුව මෙය තේරුම් ගන්න. මෙම ශික්ෂාව වැඩිකලක් පුහුණු විය යුතුයි.

පස්සම්භයං කාය සංඛාර අවස්ථාව
මෙම අවස්ථාව භාවනාවේ ප්‍රධාන සන්ධිස්ථානයක් වේ. මේ සම්බන්ධව වැරදි හඳුන්වා දීම සමාජයේ බහුලව ඇති බැවින් නිවැරදිව තේරුම් ගැනීමට උත්සාහ ගත යුතු වේ. පහත කරුණු සම්බන්ධව සැලකිලිමත් වන්න. මීට ඉහතින් දැක්වූ දීර්ඝ ආශ්වාසය, කෙටි ආශ්වාසය, සබ්බ කායපටිසංවේ දී අවස්ථා තුන තුළම භාවනාව සඳහා යෝගියාගේ කාය විඥාණය හා මනෝ විඥාණය යන ඉන්ද්‍රියන් දෙකම ක්‍රියාකාරී වේ.
- පස්සම්භයංකාය සංඛාර අවස්ථාවේ දී කාය විඥාණයට පමණක් ආශ්වාසය හා ප්රාශ්වාසය කෙරෙන අවස්ථාවකි.
- මෙම අවස්ථාවේ දී යෝගියාට ආශ්වාසය හා ප්රාශ්වාසය තේරෙන අතර අවස්ථා දෙකේ වෙනසක් දැකිය නොහැකි වේ.
- ආශ්වාසය හා ප්රාශ්වාසය ශරීරයේ ගැටෙන ස්ථාන තේරුම් ගැනීමට නොහැකිබව, වාඩිවී සිටින ආසනය නොදැනී යාම ආදී අත්දැකීම් ලැබේ.
- පස්සම්භයං කාය සංඛාර අවස්ථාව, මනාව පුහුණු කිරීමෙන් ආනාපානසති භාවනාවේ සමථ (සමාධි) කොටස සම්පූර්ණ වේ.
- පස්සම්භයං කාය සංඛාර අවස්ථාව, මනාව පුහුණු කිරීමෙන් ආනාපානසති භාවනාවේ සමථ (සමාධි) කොටස සම්පූර්ණ වේ.
ආනාපානසති භාවනාවේ විපස්සනා කොටස
“ඉති අජ්ඣත්තංවා කායේ කායානුපස්සීවිහරතී
බහිද්ධාවා කායේ කායානුපස්සීවිහරතී
අජ්ඣත්ත බහිද්ධාවා කායේ කායානුපස්සීවිහරතී
සමුදය ධම්මානුපස්සීවා කායස්මීං විහරතී
වය ධම්මානුපස්සීවා කායස්මිං විහරතී
සමුදය ධම්මානුපස්සීවා කායස්මිං විහරතී”
ආනාපානසති භාවනාවේ විපස්සනා කොටස දී ඇති පාලි පාඨ මගින් ඉහත දැක්වේ. මෙම භාවනා කොටස සිදු කිරීම සඳහා ආශ්වාසයේ හා ප්‍රාශ්වාසයේ “පස්සම්භයං කාය සංඛාර” යන අවස්ථාව ප්‍රගුණ කර තිබිය යුතු වේ.විපස්සනා භාවනා කොටසට ඇතුලත් වීමට පහත දැක්වෙන උපදෙස් පිළිිපදින්න.
- තමා කරන භාවනාවේ “පස්සම්භයං කාය සංඛාර” යන අවස්ථාවට පත්වීම හඳුනා ගන්න.
- දැනට ආශ්වාසය හා ප්‍රාශ්වාසයට පමණක් යොමු කළ අවධානය තමාගේ මුළු කයටම යොමු කිරීමට උත්සාහ ගන්න.
- තමාගේ කය තුලින් දැනෙන සීතලගති, උෂ්ණගති, වැගිරෙන ගති, තද ගති, මස්පිඩු නටන ගති, විවිධ චංචල ගති, කම්පන ගති හඳුනා ගැනීමට උත්සාහ ගන්න.
- මෙසේ හුස්ම ගැන හා කයට දැනෙන සීතලගති, උෂ්ණගති, වැගිරෙන ගති, තද ගති, මස්පිඩු නටන ගති, විවිධ චංචල ගති, කම්පන ගති ආදියට මාරුවෙන් මාරුවට අවධානය පැවැත්වීමට පුරුදුවන්න.
- එක් මෙහොතක තමාට දැනෙන ආශ්වාසය, ප්රාශ්වාස, සීතලගති, උෂ්ණගති, වැගිරෙන ගති, තද ගති, මස්පිඩු නටන ගති, විවිධ චංචල ගති, කම්පන ගති ආදිය එම මොහොතේ තමාගේ අජ්ඣත්ත කය වේ. මෙසේ අවධානයෙන් සිටීම “ඉති අජ්ඣත්තංවා කායෙ කායානු පස්සී විහරතී”අදාලව සිදු කරන විපස්සනා භාවනාවයි.
- එක් මොහොතක තමාගේ කයේ නොදැනෙන කොටස් බහිධ කය වේ. මෙහි දී කයෙහි නොදැනෙන කොටස් හිස් අවකාශයක් ලෙස තේරුම් ගනී. මෙසේ අවධානයෙන් සිටීම “බහිද්ධා කායේ කායානුපස්සී විහරතී”අදාලව සිදු කරන විපස්සනා භාවනාවයි.
- ඉහත සඳහන් අවධාන තවදුරටත් පුහුණු කිරීමෙන් එක් මොහොතක දී අජ්ඣත්ත කායික කොටස් එම මොහොතේම බාහිර කය වන අවස්ථාව අවධානයට ලක් වේ. මෙය “අජ්ඣත්තබහිද්ධා කායේ කායානුපස්සී සමුදයධම්මානුපස්සී, වයධම්මානුපස්සී, සමුධයවයධම්මානු පස්සී විහරතී” යන්න ඉහත අවධාන තුනම පෙන්නුම් කර තවත් ආකාරයක් පමණකි.
- මෙසේ වාසය කිරීම ආනාපානසති භාවනාවේ විපස්සනාවයි. මෙසේ භාවනා කිරීම, කායික මානසික පීඩාවක් නොමැතිව බොහෝ කාලයක් කළ හැකි වේ.
- මුලින් සඳහන් කළ විපස්සනාව බහුල වශයෙන් පුහුණු කිරීමෙන් සාමාන්‍ය භාවනා ආසනයේ දී පමණක් නොව නිදහසේ සිටින වෙනත් ඉරියව්වලදී කළ හැකි බවට පුහුණුවන්න.
- ඉහත සඳහන් පුහුණුව පවතින ඕනෑම මොහොතක ඔබ සිටින්නේ ප්‍රඥා ශික්ෂාව තුලයි.
අදාළ දේශනාව පහතින් ,
ආනාපානාසති භාවනාවෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩෙන අනුපිළිවෙල
ජීවත්වන අවස්ථාව |
සම්මා තත්ත්වයට පත්වන අංග |
යෙදී සිටින ශික්ෂාව |
පංචශීලය කැඩෙන අවස්ථාවන් |
නොමැත |
නොමැත |
පංචශීලය රකින අවස්ථාවන් |
වචා,කම්මන්න,ආජීව |
ශීල ශික්ෂාව |
ආනාපානසති භාවනාව සිදු කරනවිට දීර්ඝ,කෙටි හුස්ම,සබ්බකාය පටිසංවේදී |
වචා,කම්මන්න,ආජීව,වායාම, සති |
සමාධි ශික්ෂාව |
ආනාපානසති භාවනාව සිදු කරනවිට(පස්සම්භයං කාය සංඛාර අවස්ථාව) |
වචා,කම්මන්න,ආජීව,වායාම, සති,සමාධි |
සමාධි (සමාධි ශික්ෂාව සම්පූර්ණ කරයි) |
ඉති අජ්ඣත්තංවා ….ආදී විපස්සනා කොටස් ඇතිවිට |
වචා,කම්මන්න,ආජීව,වායාම, සති,සමාධි,සංකප්ප ,දිට්ඨි |
ප්‍රඥා ශික්ෂාව (ආරම්භවි ඇත.) |
සැලකිය යුතුයි :
විවිධ ස්ථානවල මෙම භාවනා සම්බන්ධව සිදු කළ දේශනා වෙබ් පිටුවේ ඇතුලත් කර ඇති බැවින් ඒවා ශ්‍රවණය කරමිත් ඔබගේ භාවනාව සාර්ථක කර ගන්න.
අදාළ ධර්ම කාරණා ඇතුලත් ආනාපානාසති ධර්ම පත්‍රිකාව .
April 19th, 2015
Posted In:
Leave a Comment