දුඃඛාර්‍ය්‍යසත්‍ය = පංචස්ඛන්ධය උපාධාන විමයි
දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍ය = පංචස්ඛන්ධය උපාධාන විමට හේතුව තණ්හාවයි
දුඃඛනිරොධාර්‍ය්‍යසත්‍ය = පංචස්ඛන්ධය උපාධාන නොමැති ස්ථානය
දුක්ඛනිරොධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය = පංචස්ඛන්ධය උපාධාන නොමැති ස්ථානයට ගමන් මග
i. පංචඋපාධානස්ඛන්ධය ආවරණය කිරීම පංචනීවර්ණ මගින්ම සිදුකරනු ලබයි
ii. පංචඋපාධානස්ඛන්ධය සකස්වීම ඇස්,කණ්, නාශා, දිව කය, මන යන ආයතන මගින් සිදුකරනු ලබයි.
iii. පංචඋපාධානස්ඛන්ධය උපාධාන විම නැවැත්වීමේ වැඩ පිලිවෙල සප්ත බොජ්ජංඟ ධර්ම වැඩීමයි.
iv. පංචස්ඛන්ධය උපාධාන නොවන අවස්ථාව චතුර්‍ය්‍යසත්‍ය දැකීම හෙවත් සම්මාදිට්ඨිය ලැබිමයි .
පංචස්කන්ධය හා පංචඋපාධානස්ඛන්ධය සම්බන්ඳව වැඩිදුර අධ්‍යනය කිරීම සඳභා පහතින් දක්වා ඇති ධර්මදෙශනා ශ්‍රවණය කරන්න.
“කතමඤ්ච භික්ඛවේ දුක්ඛං අරියසච්චං? ඡාතිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, සෝකපරිදේව, දුක්ඛදෝමස්සුපායාසාපි දුක්ඛා අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ජං න ලභති තම්පි දුක්ඛං සඬ්ඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා.”
(ඇවත්නි, දුඃඛාර්‍ය්‍යසත්‍යය කවරෙ ද : ජාතිය දුකවේ, ජරාව දුකවේ, මරණය දුකවේ, ශොකය දුකවේ, පරිදෙවය දුකවේ, දුඃඛය දුකවේ, දෞර්‍මනස්‍යදුකවේ, උපායාසයෝ දුකවේ,අප්‍රියදෙය ලැබීම දුකවේ,ප්‍රියදෙය නොලැබීම දුකවේ, කැමතිදෙය නොලැබිම දුකවේ, සැකෙවින් පඤ්චොපාදනස්කන්ධයෝ දුකවේ.)
1. ඉහතින් දක්වා ඇත්තේ මාහා සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානු පස්සනාව යටතේ දුඃඛාර්‍ය්‍යසත්‍යය පැහැදිලි කර ඇති ආකාරයයි.
2. මෙහිදී ජාතිය, ජරාව, මරණය, ශෝකය, පරිදේවය, දුඃඛ,දෞර්‍මනස්‍ය, උපායාසය, අප්‍රියදෙය ලැබීම, ප්‍රියදෙය නොලැබීම, කැමතිදෙය නොලැබිම වශයෙන් දුකේ අවස්ථා 11 ක් පෙන්වා ඇත. නමුත් විස්තර කිරීමේදී අවසාන අවස්ථා 3 එක කරුණක් වශයෙන් ගෙන තිබේ.
3. මෙහි ජාතිය,ජරාව,මරණය පමණක් ස්වභාවධර්මයේ පවතින අතර ඉතිරි ඒවා සත්ව පුද්ගලභාවය අනුව මනසින් සකස්කර ගන්නා දෙවල්වේ.
4. එනම් ශෝකය, පරිදෙවය, දුඃඛ,දෞර්‍මනස්‍ය, උපායාසය, අප්‍රියදෙය ලැබීම, ප්‍රියදෙය නොලැබීම, කැමතිදෙය නොලැබිම ආදී දුක්, ජාතිය,ජරාව,මරණ යන ධර්ම වල කියාකාරිත්වය අනුව මනසින් සකස් කර ගන්නා දෙවල්වේ.
5. සත්ව පුද්ගලභාව අනුව මනසින් සකස් කර ගැනීම , උපාධාන වීම ලෙස ගතයුතුවේ.
6. සත්වයකුට ජාතිය, ජරාව, මරණයද දුකක් වන්නේ එම ස්වභාවයන් උපාධානය වනවිට පමණකි.
7. සත්වයකුට දුකක් වන්නේ එම ස්වභාවයන් උපාධානය වනවිට පමණකි.
මේ අනුව සියළුම දුක් හට ගැනීම උපාධානය මගින් සිදුවන බැවින්,
” “සඬ්ඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා.” – සැකෙවින් පඤ්චොපාදනස්කන්ධයෝ දුකවේ“
“කතමඤ්ච භික්ඛවේ දුක්ඛසමුදයං අරියසච්චං?යායං තණ්හා පොනොභවිකා නන්දිරාගසහගතා තත්‍ර තත්‍රාභිනන්දිනී?සෙය්‍යථිදං කාමතණ්හා භවතණ්හා විභවතණ්හා.”
(මහණෙනි දුඃඛසමුදයර්‍ය්‍ය සත්‍යය කවරේද යත් නැවත නැවත ඉපැදීම කරන්නාවූ, අරමුණෙහි ඇලෙන,අරමුණෙන් අරමුණට මාරු වන යම් තෘෂ්ණාවක් වේ ද? ඒ කවරෙදයත් කාමතණ්හා භවතණ්හා විභවතණ්හා වේ.)
ඉහත තොරතුරු අනුව දුඃඛසමුදයර්‍ය්‍ය සත්‍යය සම්බන්ධව පහතින් පෙන්වා ඇති කරුනු සැලකිල්ලට ගන්න.
වැඩි විස්තර සදහා පහත ධර්ම දේශණා ශ්‍රවණය කරන්න.