0777304415 , 0703300135     info@medamawatha.lk

 

මැදමාවත විමුක්ති අරණ හුදකලා භාවනා මධ්‍යස්ථානය

 

  • අතිපූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමින්වහන්සේගේ අධීක්ෂණය යටතේ පවත්වනු ලබන "හුදකලා භාවනා" මධ්‍යස්ථානයකි.

 

  • ලිපිනය : අංක 110, කෙරෑඹ 02 පාර, හතමූණ හන්දිය , බ්‍රාහ්මණගම, පන්නිපිටිය.

 

  • දුරකථන අංකය : 0112178548

 

  • භාවනා පරිශ්‍රය පිළිබද දැනගත යුතු කරුණු :

 

 1) මැදමාවත විමුක්ති අරණ භාවනා මධ්‍යස්ථානය හුදකලා භාවනාව සදහා වෙන්වූ පරිශ්‍රයකි. "හුදකලා භාවනාව" යනු තමා විසින්ම සතිපට්ඨාන භාවනාව ප්‍රගුණ කිරීමයි.

 

 2) භාවනාව වැඩීම සදහා අත්‍යාවශ්‍ය අංගයක් වන ආර්ය නිශ්ශබ්දතාවය සෑමවිටම මෙම පරිශ්‍රය තුල රැකගන්න. (දැන ගැනීමට යම් කරුණක් ඇතොත් එය කාර්යාලයෙන් පමණක් අසා දැනගත යුතුය)

 

 3) විමුක්ති අරණ භාවනා මධ්‍යස්ථානය හුදකලා භාවනාව සදහා දිනපතා උදේ 8.00 සිට සවස 5.00 දක්වා විවෘතව පවතී.

 

4) එම කාලය තුල ඔබට පහසු සෑම වෙලාවක මෙම පරිශ්‍රය හුදකලා භාවනාව ප්‍රගුණ කිරීම සදහා භාවිතා කල හැකි වේ.

 

5) සියලුම භාවනා යෝගීන් කාර්යාලයේ තබා ඇති ලේඛනයේ පැමිණෙන සහ පිටත්වන වේලාවන් සදහන් කොට අත්සන් තැබිය යුතුවේ.

 

6) ආධුනිකයින් හුදකලා භාවනාවට අවතීර්ණ වීමට පෙර ආධුනික භාවනා වැඩසටහනකට සහභාගී වීම අනිවාර්‍ය වේ. මේ සදහා ලබාදෙන අයදුම්පතක් සම්පූරණ කොට කාර්යාලයට ලබා දිය යුතු වේ.

 

7) ඔබගේ සහ භාවනා පරිශ්‍රයේ ආරක්ෂාව පිණිස හැකි ඉක්මනින් "මැදමාවත විමුක්ති අරණ" හැදුනුම්පත කාර්යාලයෙන් ලබාගන්න.

 

8) පොත්,සගරා සහ ජංගම දුරකථන ආදී භාවිතයෙන් වලකින්න.

 

9) පිටත්වීමට පෙර භාවනා පරිශ්‍රයේ පිරිසිදු භාවය සහ ආරක්ෂාව පිළිබද සැලකිලිමත්වන්න.

 

10) දිවා අහාරය රැගෙන එන්න.

 

 

  • ගුගල් සිතියම :

 

     

 

 

  • පැමිණිය හැකි මාර්ග විස්තරය :

 

  1. මාකුඹුර නව බස් නැවතුම්පලේ සිට හිරිපිටිය මාර්ගයෙන් හතමූණ හන්දියට පැමිණ කෙරෑඹ 02 මාර්ගයට පැමිණිය හැකිය. මෙම මාර්ගයේ ත්‍රීරෝද රථයක පැමිණිය  යුතුය.  ගාස්තුව රුපියල් 200 පමණ.
  2. කොට්ටාව නගරය හරහා ගමන් කරන මාර්ග අංක 280 (මහරගම හොරණ) බස්රථයේ පැමිණ හතමූණ  හන්දියෙන් බැසගත යුතුය (රුපියල් 15 දුරකි නමුත් වැඩි වේලාවක් රැඳී සිටීමට සිදුවේ)
  3. කොට්ටාවේ සිට මත්තේගොඩ බස්නැවතුම්  පලට පැමිණ ත්‍රීරෝද රථයකින් හතමූණ  හන්දියට පැමිණිය  හැකිය . ගාස්තුව රුපියල්  100 පමණ  (කෙටි කාලයකින් පැමිණිය  හැකිය.
  4. අධිවේගී මාර්ගයේ පැමිණෙන්නේ නම්  කොට්ටාව පිවිසුමෙන් ඉවත් වී  කොට්ටාව දෙසට එන  ගුවන් පාලම පසුකරනවාත් සමඟම වම්පසට ඇති හිරිපිටිය මාර්ගයෙන්  දොලේකඩේ  හන්දියට පැමිණ වමට හැරී හතමූණ  හන්දියට ලගාවිය හැකිය.

 

  • චායාරූප :
« of 2 »

Nonprofit (2016Nov)  –  Powered by Pixalogy.lk