0777304415 , 0703300135     info@medamawatha.lk

 

ප්‍රශ්නය

ස්වාමින් වහන්සේගේ ධර්ම දෙසනා ශ්‍රවණය කලෙමි.
ආනාපාන භාවනාවේදී එන අජ්ජත්ත කය හා බහිද්ධ කය හා ඉරියාපත භාවනාවේ එන අජ්ජත්ත කය හා බහිද්ධ කය හා සම්බන්ද කරන්නේ කෙසේද.
ඉරියාපථ භාවනාවේදී මා ඉගෙන ඇති ආකාරයට කරනුයේ ඉරියව් ගැන අවදානයෙන් සිටීමය. මෙහිදී තමාට දැනෙන හා නොදැනෙන ලෙසද එය ගත යුත්තේ? මෙය හරි හැටි නොවැටහේ.
තෙරුවන් සරණයි
ජයන්ත
පිළිතුර
 
ඉරිපථ භාවනාවේ අද්ධත්ත හා බහිද්ධ අවස්ථාව:
ඉරියාපථ භාවනාවේදී පලමුව ඉරියව් පැවැත්වීම සම්බන්ධව අවධානයෙන් සිටිය යුතුවේ.  වැඩි කාලයක් මෙසේ පුරුදුවන විට එම ඉරියව් පැවැත්වීම හුදු කායික දැනීමක් පමනක් බවට පත්වන අවස්ථාවකට එලබේ.  මෙම අවස්ථාවේ එම කායික දැනීම අද්ධත්ත වන අතර එසේ නොදැනෙන කොටස් බහිද්ධ  ලෙස ගත යුතුවේ.
තෙරුවන් සරණයි .

Nonprofit (2016Nov)  –  Powered by Pixalogy.lk