අති පුජ්‍ය එල්ලාවල හිමියන් විසින් 2016 ඇසළ පුන් පොහෝ දින පානදුරේ වලාන පන්සලේ දී සිදු කල ධර්ම දේශනාවක කොටසකි. අදාළ මුළු දේශනාව පහත යොමුවෙන් ශ්‍රවණය කල හැක .
soundcloud.com/medamawatha/sets/2016-walana-temple
Posted In: kb
ගරුතර ස්වාමීන්වහන්ස,
ඉහත ප්‍රශ්ණයට (QA 42) ඔබ වහන්සේ දෙන ලද පිළිතුර තව දුරටත් නිරාකරණය කර ගැනීමට අවශ්‍යයි. පංච විමුක්තායතන සුත්‍රයේදී මෙනෙහි කිරීම තුලින් නිවන් අවබෝධ වන බව පහත සඳහන් අයුරින් සඳහන් වේ.
තවද මහණෙනි, භික්ෂුහට ශාස්තෘ හෝ අන්‍යතර ගුරුස්ථානික සබ්‍රම්සරෙක් හෝ නො ම දහම් දෙසන්නේ ය. යථාශ්‍රැත යථාපර්ය්යාප්ත ධර්මය විස්තරයෙන් පරහට නො ද දෙසන්නේ ය. යථාශ්‍රැත යථාපර්ය්යාප්ත ධර්මය විස්තරයෙන් නො ද සජ්ඣායනා කරන්නේ ය. වැලිත් යථාශ්‍රැත යථාපර්ය්යාප්ත ධර්මය සිතින් අනුවිතර්ක කෙරේ. අනුවිචාර කෙරේ. සිතින් අනුප්‍රෙක්‍ෂා කෙරේ. මහණෙනි, මහණ යම් යම් පරිදි යථාශ්‍රැත යථාපර්ය්යාප්ත ධර්මය සිතින් අනුවිතර්‍කන කෙරේ නම්, අනුවිචරණ කෙරේ නම්, සිතින් අනුප්‍රෙක්‍ෂා කෙරේ නම්, ඒ ඒ පරිදි හෙ එ දහම්හි අරුත් පිළිවිදුනේත් පෙළදම් පිළිවිදුනේත් වෙයි. අරුත් පිළිවිදුනා පෙළදම් පිළිවිදුනා ඕහට ප්‍රමොදය උපදනේය. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදනේය. ප්‍රීතිමනස්කයාගේ කය සන්හිඳෙයි. සන්හුන් කය ඇතියේ සුව විඳිනේය. සුව ඇතියහුගේ සිත සමාහිත වේ. මහණෙනි, යම් විමුත්තායතනයෙක්හි අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වාස කරණ මහණහුගේ අවිමුක්ත වූ හෝ චිත්තය මිදේ නම්, අපරික්‍ෂීණ වූ හෝ ආස්‍රවයෝ පරික්ෂයට යෙත් නම්, අනනුප්‍රාප්ත වූ හෝ අනුත්තරයොගක්‍ෂමයට අනුප්‍රාප්ත වේ නම්, මේ ඒ සතරවන විමුක්තායතනයයි.
එසේ නම් කෙනෙක් අර්ථ සහිතව කෙළෙස් තවන අයුරින් අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කිරිම තුලින් නිවන් ලැබිය හැකි නේද? කරුණාකර පහදා දෙන්න.
Posted In: kb
Posted In: kb
ප්රශ්නය
Posted In: kb