2017 පෙබරවාරි මස 17,18 සහ 19 දිනයන් හීදී පහලගම එල්ලාවල පුරාණ ගල්ලෙන් සේනාසනයේ සිදුකල ධර්ම දේශණා.
නවතම දේශණා පහත ගොණුවේ අවසානයට දිස්වේ
Posted In:
2017 පෙබරවාරි මස 03,04,05 දින පොළොන්නරුවේ සුදස්සිනාරාමය හීදී සිදුකල ධර්ම දේශණා.
නවතම දේශණා පහත ගොණුවේ අවසානයට දිස්වේ
Posted In:
2017 ජනවාරි මස 07,14,21 සහ 28 දිනයන්හීදී කුරුණෑගල තරුණ බෞද්ධ සමිති ශාලාව තුල පැවැත්වූ භාවනා වැඩමුළුව.
නවතම දේශණා පහත ගොණුවේ අවසානයට දිස්වේ
Posted In:
එවං මෙ සුතං – එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවන්තං එතදවොච – ‘‘‘කථං නු ත්වං, මාරිස,ඔඝමතරී’ති? ‘අප්පතිට්ඨං ඛ්වාහං, ආවුසො, අනායූහං ඔඝමතරි’න්ති. ‘යථා කථං පන ත්වං, මාරිස, අප්පතිට්ඨං අනායූහං ඔඝමතරී’ති? ‘යදාඛ්වාහං, ආවුසො,සන්තිට්ඨාමි තදාස්සු සංසීදාමි ; යදාඛ්වාහං, ආවුසො, ආයූහාමි තදාස්සු නිබ්බුය්හාමි එවං ඛ්වාහං, ආවුසො, අප්පතිට්ඨං අනායූහං ඔඝමතරි’’’න්ති.
චිරස්සං වත පස්සාමි, බ්‍රාහ්මණං පරිනිබ්බුතං;
අප්පතිට්ඨං අනායූහං, තිණ්ණං ලොකෙ විසත්තික’’න්ති.
ඉදමවොච සා දෙවතා. සමනුඤ්ඤො සත්ථා අහොසි. අථ ඛො සා දෙවතා –‘‘සමනුඤ්ඤො මෙ සත්ථා’’ති භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායීති.
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඩු සිටානන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.එකල වනාහි එකතරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබලන ශරීර වර්‍ණය ඇත්තේ සියලු ජේතවනය බබුලුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය.එකත්පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේට ’’නිදුකානන් වහන්ස, කෙසේනම් ඔබ මහා ඔඝය පිහිනා ගොඩ වූවෝදැ’’ යි කීය.
ඇවැත්නි මම පිහිටාද නොසිට පැදීමද නොකොට පිහිනා එතර වූයෙමි.
නිදුකානනි ඔබ කෙසේනම් පිහිටාද නොසිට පැදීම්ද නොකොට මහා ඔඝය තරණය කළෝද ?
ඇවැත්නි යම්විටක මම පිහිටා සිටින්නෙම්ද එකල ගිලා බසින්නෙමි. ඇවැත්නි යම් කලෙක මම පදින්නෙම්ද එකල පාවී යන්නෙමි යි ඇවැත්නි මෙසේ වනාහි මම පිහිටා නොසිට නොපැද මහා ඔඝය එතෙර කළෙමි.
පිහිටා සිටීමත් නොකොට පැදීමත් නොකොට ලෝකයෙහි තන්හාව එතර කළාවූ එහෙයින්ම කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවියාවූ බ්‍රාහ්මණයෙකු (පව් නැසූ කෙනෙකු) බොහෝ කලෙකින් පසු දැක්කෙමි යි
මෙසේ ඒ දෙවිතෙම කීය. ශාස්තෘන් වහන්සේ එය අනුමත කළසේක. එකල වනාහි ඒ දෙවිතෙම ශාස්තෘන් වහන්සේ මගේ වචනය අනුමත කළසේකැයි සතුටුව භාග්‍යවතුන්වහන්සේ වැඳ පැදකුනුකොට එහිම අතුරුදහන්විය.
අදාළ දේශණා සමුහය ,
Posted In:
මහණෙනි, ’මින් පෙර අවිද්‍යාව (නොදැනීම) නොවූයේය. නැවත පසුව පහළවූයේය’ යි අවිද්‍යාවගේ මුල් කෙළවර නොපෙනේ. මහණෙනි, එය මෙසේ කියනු ලැබේ. එසේද වුවත් මෙය ප්‍රත්‍යයක් කොට ඇත්තේයයි පෙනේ. මහණෙනි,මම අවිද්‍යාවද ආහාර සහිතයයි කියමි. ආහාර නැතැයි නොකියමි.
අවිද්‍යාවගේ ආහාරය කවරේද? එයට පංච නීවරණයෝයයි කිව යුතුය. මහණෙනි,මම නීවරණ පසද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. පඤ්ච නීවරණයණ්ට ආහාරය කවරේද, එයට ත්‍රිවිධ දුශ්චරිතයෝයයි කිව යුතුය. ආහාර සහිතවූ, ආහාර රහිත නොවූ, ත්‍රිවිධ දුශ්චරිතයන්ද කියමි. ත්‍රිවිධ දුශ්චරිතයන්ට ආහාරය කවරේද? එයට ඉන්‍ද්‍රිය අසංවරයයි කිව යුතුය.
මහණෙනි, මම ඉන්‍ද්‍රිය අසංවරයද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. ඉන්‍ද්‍රිය අසංවරයට ආහාරය කවරේද? සිහිය හා මනාව නොදැනීමයයි කිව යුතුය. මහණෙනි, මම සිහිය හා මනාව නොදැනීමද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. අසිහියට හෝ මනාව නොදැනීමට ආහාරය කවරේද?එය නුනුවණින් මෙනෙහි කිරීම යයි කිව යුතුය. මහණෙනි, මම නුනුවණින් මෙනෙහි කිරීමද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. නුනුවණින් මෙනෙහි කිරීමට ආහාරය කවරේද? එයට අශ්‍රද්‍ධාවයයි කිව යුතුය. මහණෙනි, මම අශ්‍රද්‍ධාවද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. අශ්‍රද්‍ධාවට ආහාරය කවරේද? එයට සද්ධර්‍ම නොවූ දේ ඇසීමයයි කිව යුතුය. මහණෙනි, මම සද්ධර්ම නොවූ දේ ඇසීම ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. සද්ධර්ම නොවූ දේ ඇසීමට ආහාරය කවරේද? එයට අසත්පුරුෂ ආශ්‍රයයි කිව යුතුය.
මහණෙනි, මෙසේ අසත්පුරුෂාශ්‍රය සම්පූර්‍ණ කළ තැනැත්තා, සද්ධර්ම නොවූ දේ ඇසීම සම්පූර්‍ණ කරයි. සද්ධර්ම නොවූ දෙය පුරවන්නේ අශ්‍රද්‍ධාව පුරවයි. අශ්‍රද්‍ධාව පුරවන්නේ, නුනුවණින් මෙනෙහි කිරීම පුරවයි. නුනුවණින් මෙනෙහි කිරීම පුරවන්නේ, සිහිය හා මනාව නොදැනීම පුරවයි. සිහිය හා මනාව නොදැනීම පුරවන්නේ, ඉන්‍ද්‍රියයන්ගේ අසංවරය පුරවයි. ඉන්‍ද්‍රියයන්ගේ අසංවරය පුරවන්නේ,ත්‍රිවිධ දුශ්චරිත පුරවයි. ත්‍රිවිධ දුශ්චරිතය සම්පූර්‍ණ කළාහු, නීවරණ ධර්‍ම පස පුරවත්. නීවරණ ධර්‍ම පසේ සම්පූර්‍ණත්‍වයෙන් අවිද්‍යාව පුරවයි. මෙසේ මේ අවිද්‍යාවගේ ආහාරය මෙසේද සම්පූර්‍ණ වේ.
මහණෙනි, යම් සේ පර්‍වතයක් උඩ ලොකු වැහි බින්දු ඇති වර්‍ෂාවක් වස්නා කල්හි,වළාකුළු ගුගුරණ කල්හි, ඒ ජලය නිම්න කරා ගලා යන්නේ පර්‍වත, කඳුරු, ඇල,දොළ ශාඛා පුරවයි. පර්‍වත, කඳුරු, ඇල, දොළ ශාඛා පිරීමෙන් කුඩා වලවල් පුරවත්. කුඩා වලවල් පිරීමෙන් මහ වලවල් පුරවත්. මහ වලවල් පිරීමෙන් කුඩා ගංගා පුරවත්. කුඩා ගංගා පිරීමෙන් මහ ගංගා පිරෙත්ද, මහා ගංගා පිරීමෙන් මහා සමුද්‍රය සාගරය පුරවත්. මෙසේ මේ මහා සමුද්‍ර නම් සාගරයාගේ ආහාරය වේ. මෙසේ සම්පූර්‍ණවීම වේ.
මහණෙනි, එසේම අසත්පුරුෂ ආශ්‍රය සම්පූර්‍ණ කරන්නේ සද්ධර්ම නොවූ දෙය ඇසීම සම්පූර්‍ණ කරයි. සද්ධර්ම නොවූ දෙය ඇසීම පුරන්නේ, අශ්‍රද්‍ධාව පුරවයි. අශ්‍රද්‍ධාව පුරවන්නේ, නුනුවණින් මෙනෙහි කිරීම පුරවයි. නුනුවණින් මෙනෙහි කිරීම පුරවන්නේ, අසිහිය හා මනාව නොදැනීම පුරවයි. අසිහිය හා මනාව නොදැනීම පුරවන්නේ, ඉන්‍ද්‍රිය අංසවරය පුරවයි. ඉන්‍ද්‍රිය අංසවරය පුරවන්නේ, ත්‍රිවිධ දුශ්චරිත පුරවයි. ත්‍රිවිධ දුශ්චරිතය පුරවන්නේ, නීවරණ ධර්‍ම පස පුරවයි. නීවරණ ධර්‍ම පස පුරවන්නේ, නොදැනීම පුරවයි. මෙසේ මේ අවිද්‍යාවගේ ආහාරය වේ. මෙසේද පිරෙන්නේ වේ.
මහණෙනි, මම විද්‍යාවන් නිසා ලබන විමුක්තියද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. විද්‍යාවන්ගෙන් ලබන නිදහසට ආහාරය කවරේද?බොධියෙහි අංගසතබොජ්ඣඞ්ගයයි කියමි. මහණෙනි, මම බොධියෙහි අංග සතද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. බෝධියෙහි අංග සතට ආහාරය කවරේද? සතර සතිපට්ඨානයයි කිව යුතුය. මහණෙනි, මම සතර සතිපට්ඨානයද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. සතර සතිපට්ඨානයන්ට ආහාරය කවරේද? සුචරිත තුනයයි කිව යුතුය. මහණෙනි, මම සුචරිත තුනද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. ත්‍රිවිධ සුචරිතයන්ගේ ආහාරය කවරේද? ඉන්‍ද්‍රිය සංවරයයි කිව යුතුය. මහණෙනි, මම ඉන්‍ද්‍රිය සංවරයද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. ඉන්‍ද්‍රිය සංවරයට ආහාරය කවරේද? සිහිය හා මනාව දැනීමයයි කිව යුතුය. මහණෙනි, මම සිහිය හා මනාව දැනීමද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. සිහියට හා මනාව දැනීමට ආහාරය කවරේද? නුවණින් මෙනෙහි කිරීමයයි කිවයුතුය. මහණෙනි, මම නුවණින් මෙනෙහි කිරීමද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. නුවණින් මෙනෙහි කිරීමට ආහාරය කවරේද?ශ්‍රද්‍ධාවයයි කිව යුතුය. මහණෙනි, මම ශ්‍රද්‍ධාවද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. ශ්‍රද්‍ධාවට ආහාරය කවරේද? සද්‍ධර්‍ම ශ්‍රවණයයි කිව යුතුය. මහණෙනි, මම සද්‍ධර්‍ම ශ්‍රවණයද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. සද්‍ධර්‍ම ශ්‍රවණයට ආහාරය කවරේද? සත්පුරුෂ ආශ්‍රයයි කිව යුතුය.
මහණෙනි, මෙසේ සත්පුරුෂාශ්‍රය පුරන්නේ සද්‍ධර්‍ම ශ්‍රවණය පුරයි. සද්‍ධර්‍ම ශ්‍රවණය පුරන්නේ ශ්‍රද්‍ධාව පුරයි. ශ්‍රද්‍ධාව පිරීමෙන්, නුවණින් මෙනෙහි කිරීම පුරයි. නුවණින් මෙනෙහි කිරීම පුරන්නේ, සිහිය හා මනාව දැනීම පුරයි. සිහිය හා මනාව දැනීම පුරන්නේ, ඉන්ද්‍රිය සංවරය පුරයි. ඉන්ද්‍රිය සංවරය පුරන්නේ ත්‍රිවිධ සුචරිතය පුරයි. ත්‍රිවිධ සුචරිත පිරුනාහු සතර සතිපට්ඨානයන් පුරත්. සතර සතිපට්ඨානයන් පිරීමෙන් බොධියෙහි අංග සත පුරයි. බොධියෙහි අංග සත පිරීමෙන් විද්‍යාවන් කරණකොට මිදීම පුරයි. මෙසේ මේ විද්‍යාවන් කරණකොට මිදීමට ආහාරය වේ. මෙසේද සම්පූර්‍ණවේ.
මහණෙනි, යම් සේ පර්‍වතයක් උඩ ලොකු වැහි බින්දු ඇති වර්‍ෂාවක් වස්නා කල්හි,වළාකුළු ගුගුරණ කල්හි, ඒ ජලය නිම්න කරා ගලා යන්නේ පර්‍වත, කඳුරු, ඇල,දොළ ශාඛා පුරවයි. පර්‍වත, කඳුරු, ඇල, දොළ ශාඛා පිරීමෙන් කුඩා වලවල් පුරවත්. කුඩා වලවල් පිරීමෙන් මහ වලවල් පුරවත්. මහ වලවල් පිරීමෙන් කුඩා ගංගා පුරවත්. කුඩා ගංගා පිරීමෙන් මහ ගංගා පිරෙත්ද, මහා ගංගා පිරීමෙන් මහා සමුද්‍රය සාගරය පුරවත්. මෙසේ මේ මහා සමුද්‍ර නම් සාගරයාගේ ආහාරය වේ. මෙසේ සම්පූර්‍ණවීම වේ.
මහණෙනි, මෙසේ සත්පුරුෂාශ්‍රය පුරන්නේ සද්‍ධර්‍ම ශ්‍රවණය පුරයි. සද්‍ධර්‍ම ශ්‍රවණය පුරන්නේ ශ්‍රද්‍ධාව පුරයි. ශ්‍රද්‍ධාව පිරීමෙන්, නුවණින් මෙනෙහි කිරීම පුරයි. නුවණින් මෙනෙහි කිරීම පුරන්නේ, සිහිය හා මනාව දැනීම පුරයි. සිහිය හා මනාව දැනීම පුරන්නේ, ඉන්ද්‍රිය සංවරය පුරයි. ඉන්ද්‍රිය සංවරය පුරන්නේ ත්‍රිවිධ සුචරිතය පුරයි. ත්‍රිවිධ සුචරිත පිරුනාහු සතර සතිපට්ඨානයන් පුරත්. සතර සතිපට්ඨානයන් පිරීමෙන් බොධියෙහි අංග සත පුරයි. බොධියෙහි අංග සත පිරීමෙන් විද්‍යාවන් කරණකොට මිදීම පුරයි. මෙසේ මේ විද්‍යාවන් කරණකොට මිදීමට ආහාරය වේ. මෙසේද සම්පූර්‍ණවේ.
(අඞ්‌ගුත්‌තර නිකාය – දසක නිපාතය – යමක වර්ගය )
සුත්‍රයට අදාළ සියලු දේශණා පහතින්,
Posted In:
2016 දෙසැම්බර් 10,17,24 සහ 31 දිනයන්හීදී රාජගිරියේ ශ්‍රී ඥාණාවාස ත්‍රිපිටක විද්‍යායතනය තුල පැවැත්වූ භාවනා වැඩමුළුව.
නවතම දේශණා පහත ගොණුවේ අවසානයට දිස්වේ
>
Posted In:
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, පැසවූ වණයක් ඇති පුරුෂයෙක් තෙම. කටු සහිත වනයකට පිවිසෙන්නේය. කුස කටු හෝ ඔහුගේ පාදයන් විදින්නාහුය. සරපත්‍ර නම් කටු හෝ ඔහුගේ අත්පා කපන්නේය. මහණෙනි, ඒ පුරුෂතෙම ඒ හේතුවෙන් බොහෝ සෙයින් දුකක් දොම්නසක් හෝ විඳින්නේය. මහණෙනි, එසේම මෙහි ආරණ්‍යයට ගියාවූ හෝ ගමට ගියාවූ හෝ ඇතැම් මහණෙක් ‘මේ ආයුෂ්මත්තෙම මෙසේ කරන්නෙකි, මෙසේ හැසිරෙන්නෙකි.’ අපිරිසිදුවූ නම් කටුවකැයි කියන්නෙකු ලබන්නේය. ඔහු කටුවකැයි දැන සංවරයද අසංවරයද දතයුතුයි.
’’මහණෙනි, කෙසේනම් අසංවරය වේද, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම ඇසින් රූපයක් දැක ප්‍රිය ස්වභාව ඇත්තාවූ රූපයෙහි ඇලේද, අප්‍රිය ස්වභාව ඇත්තාවූ රූපයෙහි කිපේද, නොඑළඹ සිටි කය පිළිබඳ සිහි ඇත්තේ කාමාවචර සිතිවිලි වලින් යුක්තව වාසය කෙරේද, යම් තැනෙක්හි ඔහුට උපන්නාවූ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ ඉතිරි නැතිව නිරුඬවෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද අර්හත්ඵල ප්‍රඥාවද තත්වූ පරිද්දෙන් දැන නොගණීද,
කණින් ශබ්දයක් …., නාසයෙන් ගන්‍ධයක් …, දිවෙන් රසයක් ….,කයින් ස්පර්‍ශයක් …, සිතින් ධර්‍මයක් ….
මහණෙනි, පුරුෂයෙක්තෙම නොයෙක් වාසස්ථානය ඇති නොයෙක් ගොචර ඇති සතුන් සයදෙනෙක් අල්ලාගෙන දැඩි රැහැණකින් බඳින්නේය. සර්‍පයෙකු අල්වා දැඩි රැහැණකින් බඳින්නේය. කිඹුලෙකු අල්ලා දැඩි රැහැණකින් බඳින්නේය. පක්‍ෂියෙකු දැඩි රැහැණකින් බඳින්නේය. බල්ලෙකු ගෙන දැඩි රැහැණකින් බඳින්නේය. හිවලෙකු ගෙන දැඩි රැහැණකින් බඳින්නේය.වඳුරෙකු ගෙන දැඩි රැහැණකින් බඳින්නේය. දැඩි රැහැණින් බැඳ එකට ගලපා හරින්නේය. ඉක්බිති මහණෙනි, ඒ නොයෙක් වාසස්ථාන ඇති නොයෙක් ගොචර ඇති සතුන් සයදෙන තමතමන්ගේ වාසස්ථාන (කරා) විශේෂයෙන් අදින්නේය. සර්‍පයා තුඹසට ප්‍රවිෂ්ට වෙමියි (ඒ අතට) අදින්නේය. කිඹුලා ජලයට ප්‍රවිෂ්ට වෙමියි අදින්නේය. පක්‍ෂියා අහසෙහි පියාසර කරමියි අදින්නේය.බල්ලා ගමට වදින්නෙමියි අදින්නේය. සිවලා සොහොනට යන්නෙමියි අදින්නේය. වඳුරා වනයනට වදින්නෙමියි අදින්නේය.
මහණෙනි, යම් අවස්ථාවක ඒ සදෙනා ක්ලාන්ත වූවාහුද ඉක්බිති ඒ සතුන්ගෙන් යමෙක් බලවත්ද ඔවුහු ඔහුට අනුව යන්නාහුය. වසඟයට යන්නාහුය. මහණෙනි, එසේම යම්කිසි භික්‍ෂුවක් විසින් කායගතාසතිය නොවඩන ලද්දේද, බහුල වශයෙන් නොකරණ ලද්දේද, ඇස මනාප රූපයන් වෙත ඔහු ගෙනයයි. ඔහුට අමනාප රූපයෝ පිළිකුල් වෙත්. කණ මනාප ශබ්දයන් වෙත ඔහු ගෙනයයි. ඔහුට අමනාප ශබ්දයෝ පිළිකුල් වෙත්. නාසය මනාප ගන්‍ධයන් වෙත ඔහු ගෙනයයි. ඔහුට අමනාප ගන්‍ධයෝ පිළිකුල් වෙත්.දිව මනාප රසයන් වෙත ඔහු ගෙනයයි. ඔහුට අමනාප රසයෝ පිළිකුල් වෙත්.කය මනාප ස්පර්‍ශයන් වෙත ඔහු ගෙනයයි. ඔහුට අමනාප ස්පර්‍ශයෝ පිළිකුල් වෙත්. සිත මනාප ධර්‍මයන් කෙරෙහි අදී. ඔහුට අමනාප ධර්‍මයෝ පිළිකුල් වෙත්.මහණෙනි, මෙසේ වනාහි අසංවරය වේ.
’’මහණෙනි, කෙසේ සංවරය වේද, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව ඇසින් රූපයක් දැක ප්‍රිය ස්වරූපවූ රූපයෙහි නොඇලෙයිද, අප්‍රිය ස්වරූපවූ රූපයෙහි නොකිපෙයිද, ලොකොත්තර සිත් ඇත්තේ එළඹසිටි කය පිළිබඳ සිහිය ඇතිව වාසය කරයිද, උපන් ලාමක අකුශල ධර්‍මයෝ යම් තැනෙක ඉතිරි නොවී නිරුඬවෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද අර්හත්ඵල ප්‍රඥාවද තත්වූ පරිද්දෙන් දනීද,
’’කණින් ශබ්දයක් අසා ප්‍රිය ස්වරූපවූ ශබ්දයෙහි නොඇලෙයිද, අප්‍රිය ස්වරූපවූ ශබ්දයෙහි කිපෙයිද, ලෝකොත්තර සිත් ඇත්තේ එළඹසිටි කය පිළිබඳ සිහිය ඇතිව වාසය කරයිද, උපන් ලාමක අකුසල ධර්‍මයෝ යම් තැනෙක ඉතිරි නොවී නිරුඬවෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද අර්හත්ඵල ප්‍රඥාවද තත්වූ පරිද්දෙන් දනීද,
නාසයෙන් ගඳ සුවඳක් ආඝ්‍රාණය කොට ප්‍රිය ස්වරූපවූ ගන්‍ධයෙහි නොඇලෙයිද, අප්‍රිය ස්වරූපවූ ගන්‍ධයෙහි කිපෙයිද, ලොකොත්තර සිත් ඇත්තේ එළඹසිටි කය පිළිබඳ සිහිය ඇතිව වාසය කරයිද, උපන් ලාමක අකුසල ධර්‍මයෝ යම් තැනෙක ඉතිරි නොවී නිරුඬවෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද අර්හත්ඵල ප්‍රඥාවද තත්වූ පරිද්දෙන් දනීද,
දිවෙන් රසයක් විඳ ප්‍රිය ස්වරූපවූ රසයෙහි නොඇලෙයිද, අප්‍රිය ස්වරූපවූ රසයෙහි කිපෙයිද, ලොකොත්තර සිත් ඇත්තේ එළඹසිටි කය පිළිබඳ සිහිය ඇතිව වාසය කරයිද, උපන් ලාමක අකුසල ධර්‍මයෝ යම් තැනෙක ඉතිරි නොවී නිරුඬවෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද අර්හත්ඵල ප්‍රඥාවද තත්වූ පරිද්දෙන් දනීද,
ශරීරයෙන් ස්පර්‍ශයක් ස්පර්‍ශකොට ප්‍රිය ස්වරූපවූ ස්පර්‍ශයෙහි නොඇලෙයිද,අප්‍රිය ස්වරූපවූ ස්පර්‍ශයෙහි කිපෙයිද, ලොකොත්තර සිත් ඇත්තේ එළඹසිටි කය පිළිබඳ සිහිය ඇතිව වාසය කරයිද, උපන් ලාමක අකුශල ධර්‍මයෝ යම් තැනෙක ඉතිරි නොවී නිරුඬවෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද අර්හත්ඵල ප්‍රඥාවද තත්වූ පරිද්දෙන් දනීද,
’’සිතින් ධර්‍මයක් දැන ප්‍රිය ස්වරූපවූ ධර්‍මයෙහි නොඇලෙයිද, අප්‍රිය ස්වරූපවූ ධර්‍මයෙහි නොකිපෙයිද, ලොකොත්තර සිත් ඇත්තේ එළඹසිටි කය පිළිබඳ සිහිය ඇතිව වාසය කරයිද, උපන් ලාමක අකුශල ධර්‍මයෝ යම් තැනෙක ඉතිරි නොවී නිරුඬවෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද අර්හත්ඵල ප්‍රඥාවද තත්වූ පරිද්දෙන් දනීද,
මහණෙනි, පුරුෂයෙක්තෙම නොයෙක් වාසස්ථාන ඇති නොයෙක් ගොචර ඇති සතුන් සයදෙනෙක් අල්ලාගෙන රැහැණින් දැඩිව බඳින්නේය. සර්‍පයෙකු අල්වා රැහැණින් දැඩිව බඳින්නේය. කිඹුලෙකු අල්ලා රැහැණින් දැඩිව බඳින්නේය. පක්‍ෂියෙකු ගෙන රැහැණින් දැඩිව බඳින්නේය. බල්ලෙකු අල්වා රැහැණින් දැඩිව බඳින්නේය. හිවලෙකු අල්වා රැහැණින් දැඩිව බඳින්නේය.වඳුරෙකු අල්වා රැහැණින් දැඩිව බඳින්නේය. රැහැණින් දැඩිව බැඳ උලක හෝ කණුවක හෝ බඳින්නේය. මහණෙනි, ඒ නොයෙක් නොයෙක් වාසස්ථාන ඇති නොයෙක් නොයෙක් ගොචර ඇති සතුන් සදෙනා තමතමන්ගේ වාසස්ථාන කරා අදින්නේය. සර්‍පයා තුඹසට ප්‍රවිෂ්ට වන්නෙමැයි අදින්නේය.කිඹුලා ජලයට පනින්නෙමියි අදින්නේය. පක්‍ෂියා අහසින් යන්නෙමියි අදින්නේය. බල්ලා ගම් වදින්නෙමියි අදින්නේය. සිවලා සොහොනට යමියි අදින්නේය. වඳුරා වනයනට ප්‍රවිෂ්ටවෙමියි අදින්නේය.
මහණෙනි, යම් දවසක ඒ සතුන් සදෙනා ක්ලාන්ත වූවාහ වෙහෙසට පත්වූවාහු වෙත්ද, එකල්හි ඒ උල හෝ කණුව හෝ ඇසුරුකොට සිටින්නේය,හිඳින්නේය, නිදන්නේය, ඒ හුලේ හෝ කණුවේ හෝ වසඟයට යන්නේය.
මහණෙනි, එසේම යම්කිසි භික්‍ෂුවක් විසින් කායගතාසතිය පුරුදු කරණ ලද්දේද, බහුල වශයෙන් කරණ ලද්දේද, මනාප රූපයන් කෙරෙහි ඒ ඇස නොඅදියි. ඔහුට අමනාප රූපයෝ පිළිකුල් නොවෙත්. මනාප ශබ්දයන් කෙරෙහි ඒ කණ නොඅදියි. ඔහුට අමනාප ශබ්දයෝ පිළිකුල් නොවෙත්.මනාප ගන්‍ධයන් කෙරෙහි ඒ නාසය නොඅදියි. ඔහුට අමනාප ගන්‍ධයෝ පිළිකුල් නොවෙත්. මනාප රසයන් කෙරෙහි ඒ දිව නොඅදියි. ඔහුට අමනාප රසයෝ පිළිකුල් නොවෙත්. මනාප ස්පර්‍ශයන් කෙරෙහි ඒ කය නොඅදියි. ඔහුට අමනාප ස්පර්‍ශයෝ පිළිකුල් නොවෙත මනාප ධර්‍මයන් කෙරෙහි ඒ සිත නොඅදියි. ඔහුට අමනාප ධර්‍මයෝ පිළිකුල් නොවෙත්.
මහණෙනි, මෙසේ සංවරය වේ. මහණෙනි, දැඩි හුලක හෝ කණුවක හෝ යනු කායගතාසතියට නමකි. එසේ හෙයින් මහණෙනි, මෙහි මෙසේ හික්මිය යුතුයි. අප විසින් කායගතාසතිය වඩන ලද්දී, බහුල වශයෙන් කරණ ලද්දී යානාවක්මෙන් කරණ ලද්දී, ආධාරස්ථානයක් මෙන් කරණ ලද්දී නැවත නැවත සිටින ලද්දී, පුරුදුකරණ ලද්දී, හොඳාකාර පටන්ගන්නා ලද්දී වන්නේයයි මහණෙනි, මෙසේ හික්මිය යුතුයි.
සුත්‍රය ආශ්‍රිතව විවිධ වැඩමුළු තුලදී සිදු කල දේශණා,
අනුයොමුව : විපස්සනා භාවනාවේදී සැලකිය යුතු කරුණු
දේශනා ඇසුරින් සම්පාදනය වූ “කායාගතාසතියෙන් සංසාර විමුක්තියට ” පොත.
Posted In:
අදාළ පැහැදිලිකිරීම අඩංගු දේශණා,
දේශනා ඇසුරින් සම්පාදනය වූ ග්‍රන්ථ.
3. Path to Nibbana as Lord Buddha preached
Posted In:
නවතම දේශණා පහත ගොණුවේ අවසානයට දිස්වේ
Posted In:
අසෙඛ පුද්ගලයන් ( රහතන්වහන්සේ ) -:
‘ කථඤ්චානන්ද, අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්‍රියභාවනා හොති? ඉධානන්ද, භික්ඛුනො චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො එවං පජානාති – ‘උප්පන්නං ඛො මෙ ඉදං මනාපං, උප්පන්නං අමනාපං, උප්පන්නං මනාපාමනාපං . තඤ්ච ඛො සඞ්ඛතං ඔළාරිකං පටිච්චසමුප්පන්නං. එතං සන්තං එතං පණීතං යදිදං – උපෙක්ඛා’ති. තස්ස තං උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති; උපෙක්ඛා සණ්ඨාති. සෙය්‍යථාපි, ආනන්ද, චක්ඛුමා පුරිසො උම්මීලෙත්වා වා නිමීලෙය්‍ය, නිමීලෙත්වා වා උම්මීලෙය්‍ය; එවමෙව ඛො, ආනන්ද, යස්ස කස්සචි එවංසීඝං එවංතුවටං එවංඅප්පකසිරෙන උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති – අයං වුච්චතානන්ද, අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්‍රියභාවනා චක්ඛුවිඤ්ඤෙය්‍යෙසු රූපෙසු.
ආනන්දය, කිසෙයින් ආර්‍ය්‍යවිනයෙහි අනුත්තර ඉන්ද්‍රියභාවනා වෙයි යත්: ආනන්දය, මෙසස්නෙහි මහණහට ඇසින් රූ දැක මනාප උපදී, අමනාප උපදී, මනාපාමනාප උපදී. හේ මෙසේ දැනගනී: ‘මට මේ මනාපය උපන, අමනාපය උපන, මනාපාමනාපය උපන, එය සඞ්ඛත යැ, ඖලාරික යැ, ප්‍රතීත්‍යසමුත්පන්න යි. යම් උපෙක්ෂාවක් ඇද්ද එය ශාන්ත යැ, එය ප්‍රණීත යැ’ යි කියා යි. ඔහුට ඒ උපන් මනාපය උපන් අමනාපය උපන් මනාපාමනාපය නිරුද්ධ වෙයි. උපෙක්ෂාව පිහිටා සිටී. ආනන්දය, යම්සේ ඇස් ඇති පුරුෂයෙක් ඇස ඇර පියාලන්නේ හෝ වේ ද ඇස පියා ඇරලන්නේ හෝ වේ ද, එසෙයින් මැ ආනන්දය, යම් කිසිවක්හට මෙසේ ශීඝ්‍ර වැ, මෙසේ ක්ෂණිකව මෙසේ නිදුකින් උපන් මනාපය උපන් අමනාපය උපන් මනාපාමනාපය නිරුද්ධ වේ ද, විදර්ශනොපෙක්ෂාව පිහිටා සිටී ද, ආනන්දය, මේ ආර්‍ය්‍යවිනයෙහි චක්ෂුර්විඥෙය රූප විෂයෙහි අනුත්තර වූ ඉන්ද්‍රියභාවනා යයි කියනු ලැබේ.
කනින් ශබ්ද අසා … නැහැයෙන් ගඳ ආඝ්‍රාණය කොට … දිවින් රස විඳ … කයින් පහස් පැහැස … මනසින් දහම් දැන මනාප උපදී . අමනාප උපදී………………….
සෙඛ පතිපදා (ශුතවත් ආර්ය්‍ය ශාවක)-:
‘‘කථඤ්චානන්ද , සෙඛො හොති පාටිපදො? ඉධානන්ද, භික්ඛුනො චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො තෙන උප්පන්නෙන මනාපෙන උප්පන්නෙන අමනාපෙන උප්පන්නෙන මනාපාමනාපෙන අට්ටීයති හරායති ජිගුච්ඡති. සොතෙන සද්දං සුත්වා…පෙ…. ඝානෙන ගන්ධං ඝායිත්වා…, ජිව්හාය රසං සායිත්වා… කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා… මනසා ධම්මං විඤ්ඤාය උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො තෙන උප්පන්නෙන මනාපෙන උප්පන්නෙන අමනාපෙන උප්පන්නෙන මනාපාමනාපෙන අට්ටීයති හරායති ජිගුච්ඡති. එවං ඛො, ආනන්ද, සෙඛො හොති පාටිපදො.
ආනන්දය, කිසෙයින් ශෛක්ෂප්‍රතිපත් ඇත්තේ වෙයි යත් : ආනන්දය, මේ සස්නෙහි මහණහට ඇසින් රූ දැක මනාප උපදී. අමනාප උපදී. මනාපාමනාප උපදී. හේ ඒ උපන් මානාපයෙන් උපන් අමනාපයෙන් උපන් මනාපාමනාපයෙන් දුකට පැමිණෙයි. ලජ්ජාවට පැමිණෙයි. ජුගුප්සාවට පැමිණෙයි. කනින් ශබ්ද අසා … නැහැයෙන් ගඳ ආඝ්‍රාණය කොට … දිවින් රස විඳ … කයින් පහස් පැහැස … මනසින් දහම් දැන මනාප උපදී . අමනාප උපදී. මනාපාමනාප උපදී. හේ ඒ උපන් මනාපයෙන් උපන් අමනාපයෙන් උපන් මනාපාමනාපයෙන් දුක් වෙයි. ලජ්ජාවෙයි. ජුගුප්සා කෙරෙයි. ආනන්දය, මෙසේ ශෛක්ෂප්‍රතිපත් ඇත්තේ වේ.
සෙඛ පුද්ගලයන් (සොවාන් ,සකදාගාමි ,අනාගාමි)-:
‘‘කථඤ්චානන්ද, අරියො හොති භාවිතින්ද්‍රියො? ඉධානන්ද, භික්ඛුනො චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො සචෙ ආකඞ්ඛති – ‘පටිකූලෙ අප්පටිකූලසඤ්ඤී විහරෙය්‍ය’න්ති, අප්පටිකූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති – ‘අප්පටිකූලෙ පටිකූලසඤ්ඤී විහරෙය්‍ය’න්ති, පටිකූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති – ‘පටිකූලෙ ච අප්පටිකූලෙ ච අප්පටිකූලසඤ්ඤී විහරෙය්‍ය’න්ති, අප්පටිකූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති – ‘අප්පටිකූලෙ ච පටිකූලෙ ච පටිකූලසඤ්ඤී විහරෙය්‍ය’න්ති, පටිකූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති – ‘පටිකූලඤ්ච අප්පටිකූලඤ්ච තදුභයං අභිනිවජ්ජෙත්වා උපෙක්ඛකො විහරෙය්‍යං සතො සම්පජානො’ති, උපෙක්ඛකො තත්ථ විහරති සතො සම්පජානො.
ආනන්දය, කිසෙයින් ආර්‍ය්‍ය වැඩූ ඉඳුරන් ඇත්තේ වෙයි යත් : ආනන්දය, මේ සස්නෙහි මහණහට ඇසින් රූ දැක මනාප උපදී, අමනාප උපදී, මනාපාමනාප උපදී. ඉදින් හේ ප්‍රතිකුලයෙහි අප්‍රතිකුලසංඥා ඇති වැ වසන්නෙමි’ යි කැමති වේ නම් එහි අප්‍රතිකුලසංඥා ඇති වැ වෙසෙයි. ඉදින් අප්‍රතිකුලයෙහි ප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙන්නෙමි’ යි රිසි වේ නම් එහි ප්‍රතිකූල සංඥා ඇති වැ වෙසෙයි. ඉදින් ප්‍රතිකූලයෙහි ද අප්‍රතිකූලයෙහි ද අප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙන්නෙමි’ යි රිසි වේ නම් එහි අප්‍රතිකූල සංඥා ඇති වැ වෙසෙයි. ඉදින් අප්‍රතිකූලයෙහි ද ප්‍රතිකූලයෙහි ද ප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙන්නෙමි’ යි රිසි වේ නම් එහි ප්‍රතිකුලසංඥා ඇති වැ වෙසෙයි. ඉදින් ප්‍රතිකූලයත් අප්‍රතිකූලයත් යන දෙක දුරු කොට පියා උපේක්ෂා ඇති වැ ස්මෘතිමත් වැ සම්‍යග්ඥාන ඇති වැ වෙසෙන්නෙමි’ යි කැමැති වේ නම් එහි උපේක්ෂා ඇති වැ ස්මෘතිමත් වැ සම්‍යග්ඥාන ඇති වැ වෙසෙයි.
කනින් ශබ්ද අසා … නැහැයෙන් ගඳ ආඝ්‍රාණය කොට … දිවින් රස විඳ … කයින් පහස් පැහැස … මනසින් දහම් දැන මනාප උපදී . අමනාප උපදී…………………………………..
“ආනන්දයෙනි, මෙසේ වනාහි මා විසින් ආර්‍ය්‍ය විනයෙහි නිරුත්තරවූ, ඉන්ද්‍රිය භාවනාව දෙශනා කරනලදී. ශෛක්ෂ ප්‍රතිපදාව ඇති පුද්ගලයා දෙශනා කරන ලද්දේය. වඩනලද ඉන්ද්‍රියයන් ඇති ආර්‍ය්‍යතෙම දෙශනා කරන ලද්දේය. ආනන්දයෙනි, ශ්‍රාවකයනට හිතෛෂීවූ අනුකම්පා කරන්නාවූ ශාස්තෲන් විසින් අනුකම්පා පිණිස යමක් කටයුතුද, එය මා විසින් තොපට කරනලදී. ආනන්දය, ඒ වෘක්ෂමූලයෝ වෙති. ඒ සූන්‍යාගාරයෝ වෙති. ආනන්දය, භාවනා කරව්. පමා වූවෝ නොවව්. පසුව විපිළිසර වූවෝ නොවව්. මේ තොපට අපගේ අනුශාසනයයි.”
(මජ්‌ඣිම නිකාය-උපරි පන්නාසකය-සළායතන වර්ගය-ඉන්ද්‍රියභාවනා සූත්‍රය)
ඉන්ද්‍රියභාවනා සුත්‍රය ආශ්‍රිත දේශණා,
දේශනා ඇසුරින් සම්පාදනය වූ “ඉන්ද්රියභාවනා සුත්‍රය” පොත.
අනුයොමුව : විපස්සනා භාවනාවේදී සැලකිය යුතු කරුණු
Posted In: