2019 සැප්තැම්බර් මස 27,28 සහ 29 දිනයන් හීදී ශ්‍රී ප්‍රභාෂ්වර බුද්ධගයා විහාරයේදී සිදුකලාවූ ධර්ම දේශනා
September 29th, 2019
Posted In:
Leave a Comment
නාත්තන්ඩියේ දෙමටපිටිය පිහිටි ශ්‍රී පුෂ්පාරාමය හීදී සිදුකල එක් දින භාවනා වැඩසටහන් තුල සිදුකලාවූ ධර්ම දේශනා
goo.gl/maps/C366ZVNaA5r
September 15th, 2019
Posted In:
Leave a Comment
2019 අගෝස්තු මස 23,24 සහ 25 දින තුල මැදිරිගිරිය පුරාණ වටදාගෙය පරිශ්‍රය තුල පැවැත්වූ භාවනා වැඩසටහන.
August 28th, 2019
Posted In:
Leave a Comment
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සහ වෙළද සේවය ඔස්සේ සිදු කල සහ ඉදිරියටත් සිදු කරණ සියලු ධර්ම දේශණා,
නවතම දේශණා පහත ගොණුවේ අවසානයට දිස්වේ
2015 ඔක්තොම්බර් මස 03 දින සිට 2015 දෙසැම්බර් 19 දින දක්වා සෙනසුරාදා දිනයන්හීදී සවස 6 සිට 7 දක්වා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළදසේවය මගින් ප්‍රචාරයවූ කොටස් 12 කින් සමන්විත ආර්යය අෂ්ඨාංගික මාර්ගය වැඩීමේ ධර්ම දෙශණාව.
(බොහෝ වැඩ සටහන් වලදී සංයුක්ත තැටි ඔස්සේ ප්‍රදානය කරනු ලබන ධර්ම දේශනා පෙළකි)
June 26th, 2019
Posted In:
Leave a Comment
2016 අප්‍රේල් මස 26 දින සිට 29 දින දක්වා සහ 2017 අප්‍රේල් මස 24 දින සිට 27 දින දක්වා
2018 අප්‍රේල් මස 19 දින සිට 24 දින දක්වා සිදුකල නේවාසික භාවනා වැඩමුළුව.
2018 නොවැම්බර් මස 02 දින සිට 04 දින දක්වා සිදුකල නේවාසික භාවනා වැඩමුළුව.
2019 අප්‍රේල් මස 24 දින සිට 29 දින දක්වා සිදුකල නේවාසික භාවනා වැඩමුළුව.
April 29th, 2019
Posted In:
Leave a Comment
-
2019 ජනවාරි මස 01 සිට 05 දක්වා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිදුකල නේවාසික භාවනා වැඩසටහන :
-
2019 ජනවාරි මස 26 සිට 28 මෙල්බන් නුවර , keysborough ධම්ම සරණ විහාරස්ථානයේ සිදු කල නේවාසික භාවනා වැඩසටහන.
-
2019 ජනවාරි මස 26 සිට 28 මෙල්බන් නුවර , keysborough ධම්ම සරණ විහාරස්ථානයේ සවස් කාලයේ සිදු කල පොදු ධර්ම දේශනා මාලාව.
-
2019 පෙබරවාරි මස 01 සිට 05 දක්වා Newcastle හීදී පැවැත්වූ පස්දින නේවාසික භාවනා වැඩසටහන.
-
2019 පෙබරවාරි මස Newcastle හීදී සවස් කාලයේ සිදු කල පොදු ධර්ම දේශනා මාලාව.
-
2019 පෙබරවාරි මස 07 සිට 12 දක්වා ඕස්ට්‍රේලියාවේ Adelaide ශ්‍රීලංකා බෞද්ධ විහාරය හීදී පැවැත්වූ නේවාසික භාවනා වැඩසටහන.
-
2019 පෙබරවාරි මස 14 සිට 26 දක්වා ඕස්ට්‍රේලියාවේ Perth නුවර ශ්‍රීලංකා බෞද්ධ විහාරය හීදී පැවැත්වූ නේවාසික භාවනා වැඩසටහන ඇතුළු අනෙකුත් ධර්ම දේශනා.
-
2019 මාර්තු මස 01 සිට 11 දක්වා ඕස්ට්‍රේලියාවේ Brisbane නුවර ශ්‍රීලංකාරාම බෞද්ධ විහාරය හීදී පැවැත්වූ නේවාසික භාවනා වැඩසටහන ඇතුළු අනෙකුත් ධර්ම දේශනා.
-
2019 මාර්තු මස 15 සිට 17 දක්වා ඕස්ට්‍රේලියාවේ Tasmania ප්‍රාන්තයේ සිදුකලා වූ ධර්ම දේශනා.
-
2019 මාර්තු මස 23 සහ 24 දිනයන් හීදී ඕස්ට්‍රේලියාවේ Wagga Wagga නුවර සිදුකලා වූ ධර්ම දේශනා.
-
2019 මාර්තු මස 30 සිට අප්‍රේල් මස 01 දක්වා දිනයන් හීදී ඕස්ට්‍රේලියාවේ Trillium BLVD හී සිදුකලා වූ ධර්ම දේශනා.
-
2019 අප්‍රේල් මස 18 සිට 23 දක්වා Sydney නුවර Baden Powel Scout Centre, Pennant Hills, NSW 2120 හීදී පැවැත්වූ පස් දින නේවාසික භාවනා වැඩසටහන
April 23rd, 2019
Posted In:
Leave a Comment
කොළඹ විජේරාම පාරේ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ 2016 නොවැම්බර් මස 27 දින පටන් මාසිකව සෑම සතරවන ඉරුදින පවත්වනු ලබන දේශණා.

නවතම දේශණා පහත ගොණුවේ අවසානයට දිස්වේ
December 23rd, 2018
Posted In:
Leave a Comment
“සීලවතී සෙවන” – 2 වන පටුමග, වික්‍රමසිංහපුර, බත්තරමුල්ල හීදී සිදු කල ධර්ම දේශණා
විමසීම් : තුෂාරිකා මහත්මිය – 0777 304415 , කුසලා මහත්මිය – 0771 826129
සංවිධානය : විදුර රණසිංහ මහත්මා – 0777 305899
මැදමාවත සීලවතී සෙවන ( තුන් දින) – 40
2018 දෙසැම්බර් මස 17 සිට 19 දක්වා සීලවතිසෙවන හීදී ආධුනිකයන් සදහා සිදු කරනු ලබන තුන් දින භාවනා වැඩමුළුව.
මැදමාවත සීලවතී සෙවන ( එක් දින) – 39
2018 නොවැම්බර් මස 28 දින සීලවතිසෙවන හීදී ආධුනිකයන් සදහා සිදු කරනු ලැබූ එක් දින භාවනා වැඩමුළුව.
මැදමාවත සීලවතී සෙවන ( එක් දින) – 38
2018 සැප්තැම්බර් මස 26 දින සීලවතිසෙවන හීදී ආධුනිකයන් සදහා සිදු කරනු ලැබූ එක් දින භාවනා වැඩමුළුව.
මැදමාවත සීලවතී සෙවන ( එක් දින) – 37
2018 අගෝස්තු මස 22 දින සීලවතිසෙවන හීදී ආධුනිකයන් සදහා සිදු කරනු ලැබූ එක් දින භාවනා වැඩමුළුව.
මැදමාවත සීලවතී සෙවන ( එක් දින) – 36
2018 ජූලි මස 18 දින සීලවතිසෙවන හීදී ආධුනිකයන් සදහා සිදු කරනු ලැබූ එක් දින භාවනා වැඩමුළුව.
මැදමාවත සීලවතී සෙවන ( තුන් දින) – 35
2018 ජූලි මස 05,06 සහ 07 දිනයන් තුල සීලවතිසෙවන හීදී පැවැත්වූ ආධුනිකයන් සදහා සිදු කල තුන්දින නේවාසික භාවනා වැඩමුළුව.
මැදමාවත සීලවතී සෙවන ( එක් දින) – 34
2018 ජූලි මස 01 දින සීලවතිසෙවන හීදී පැවැත්වූ ආධුනිකයන් සදහා සිදු කල එක් දින භාවනා වැඩමුළුව.
මැදමාවත සීලවතී සෙවන ( තුන් දින) – 33
2018 ජූනි මස 01 සිට 03 දක්වා සීලවතිසෙවන හීදී පැවැත්වූ ආධුනිකයන් සදහා සිදු කල තුන් දින භාවනා වැඩමුළුව.
මැදමාවත සීලවතී සෙවන ( තුන් දින) – 32
2018 මැයි මස 04 සිට 06 දක්වා සීලවතිසෙවන හීදී පැවැත්වූ ආධුනිකයන් සදහා සිදු කල තුන් දින භාවනා වැඩමුළුව.
මැදමාවත සීලවතී සෙවන ( එක් දින) – 31
2018 අප්‍රේල් මස 08 දින සීලවතිසෙවන හීදී පැවැත්වූ ආධුනිකයන් සදහා සිදු කල එක් දින භාවනා වැඩමුළුව.
මැදමාවත සීලවතී සෙවන (තුන් දින) – 30
2017 දෙසැම්බර් මස 29,30,31 දිනයන් තුල නේවාසික සහ අනේවාසික ආධුනිකයන් සදහා සිදු කල තුන් දින භාවනා වැඩමුළුව.
මැදමාවත සීලවතී සෙවන (තුන් දින) – 29
2017 දෙසැම්බර් මස 26,27,28 දිනයන් තුල එල්ලාවල සිට පැමිණි ආධුනිකයන් සදහා සිදු කල තුන් දින භාවනා වැඩමුළුව.
මැදමාවත සීලවතී සෙවන (එක් දින) – 28
2017 දෙසැම්බර් මස 23 දින සීලවතිසෙවන හීදී පැවැත්වූ ආධුනික,වැඩිහිටි සහ ළමයින් සදහා සිදු කල එක් දින භාවනා වැඩමුළුව.
මැදමාවත සීලවතී සෙවන (තුන් දින) – 27
2017 දෙසැම්බර් මස 19,20,21 දිනයන් තුල සීලවතිසෙවන හීදී පොළොන්නරුවේ ආධුනිකයන් සදහා සිදු කල තුන් දින භාවනා වැඩමුළුව.
මැදමාවත සීලවතී සෙවන (එක් දින) – 26
2017 දෙසැම්බර් මස 09 දින සීලවතිසෙවන හීදී පැවැත්වූ ආධුනිකයන් සදහා සිදු කල එක් දින භාවනා වැඩමුළුව.
මැදමාවත සීලවතී සෙවන (එක් දින) – 25
2017 දෙසැම්බර් මස 08 දින සීලවතිසෙවන හීදී පැවැත්වූ නාත්තන්ඩියේ සිට පැමිණි ආධුනිකයන් සදහා සිදු කල එක් දින භාවනා වැඩමුළුව.
මැදමාවත සීලවතී සෙවන (දෙ දින) – 24
2017 දෙසැම්බර් මස 01 සිට 02 දක්වා සීලවතිසෙවන හීදී පැවැත්වූ ආධුනිකයන් සදහා සිදුකල දෙ දින භාවනා වැඩමුළුව.
මැදමාවත සීලවතී සෙවන (තුන් දින) – 23
2017 නොවැම්බර් මස 28,29 30 දිනයන් තුල සීලවතිසෙවන හීදී පැවැත්වූ වැලිමඩ සිට පැමිණි ආධුනිකයන් සදහා සිදු කල තුන් දින භාවනා වැඩමුළුව.
මැදමාවත සීලවතී සෙවන (තුන් දින) – 22
2017 නොවැම්බර් මස 21,22 23 දිනයන් තුල සීලවතිසෙවන හීදී පැවැත්වූ පොළොන්නරුවේ ආධුනිකයන් සදහා සිදු කල තුන් දින භාවනා වැඩමුළුව.
මැදමාවත සීලවතී සෙවන (එක් දින) – 21
2017 නොවැම්බර් මස 11 දින සීලවතිසෙවන හීදී පැවැත්වූ ආධුනිකයන් සදහා වන එක් දින භාවනා වැඩමුළුව.
මැදමාවත සීලවතී සෙවන (තුන් දින) – 20
2017 නොවැම්බර් මස 08,09,10 දිනයන්හීදී සීලවතිසෙවන හීදී පැවැත්වූ ආධුනිකයන් සදහා වන තුන් දින භාවනා වැඩමුළුව.
මැදමාවත සීලවතී සෙවන (තුන් දින) – 19
2017 නොවැම්බර් මස 04,05,06 දිනයන්හීදී සීලවතිසෙවන හීදී පැවැත්වූ ආධුනිකයන් සදහා වන තුන් දින භාවනා වැඩමුළුව.
මැදමාවත සීලවතී සෙවන (තුන් දින) – 18
2017 ඔක්තෝම්බර් මස 28,29,30 දිනයන්හීදී සීලවතිසෙවන හීදී පැවැත්වූ ආධුනිකයන් සදහා වන තුන් දින භාවනා වැඩමුළුව.
මැදමාවත සීලවතී සෙවන (එක් දින) – 17
2017 ඔක්තෝම්බර් මස 21 දින සීලවතිසෙවන හීදී පැවැත්වූ ආධුනිකයන් සදහා සිදුකල එක් දින භාවනා වැඩමුළුව.
මැදමාවත සීලවතී සෙවන (තුන් දින) – 16
2017 ඔක්තෝම්බර් මස 17,18,19 දිනයන් තුල සීලවතිසෙවන හීදී පැවැත්වූ පොළොන්නරුවේ සිට පැමිණි ආධුනිකයන් සදහා සිදුකල තුන් දින භාවනා වැඩමුළුව.
මැදමාවත සීලවතී සෙවන (එක් දින) – 15
2017 ඔක්තෝම්බර් මස 12 වන දින සීලවතිසෙවන හීදී පැවැත්වූ ආධුනිකයන් සදහා වන එක් දින භාවනා වැඩමුළුව.
මැදමාවත සීලවතී සෙවන (තුන් දින) – 14
2017 ඔක්තෝම්බර් මස 07,08 සහ 09 යන දිනයන් තුල සීලවතිසෙවන හීදී පැවැත්වූ ආධුනිකයන් සදහා වන තුන් දින භාවනා වැඩමුළුව.
මැදමාවත සීලවතී සෙවන (එක් දින) – 13
2017 සැප්තැම්බර් මස 31 සහ ඔක්තෝම්බර් මස 01 දිනයන් තුල සීලවතිසෙවන හීදී පැවැත්වූ ආධුනිකයන් සදහා වන දෙදින භාවනා වැඩමුළුව.
මැදමාවත සීලවතී සෙවන (තුන් දින) – 12
2017 සැප්තැම්බර් මස 19,20,21 දිනයන් තුල සීලවතිසෙවන හීදී පැවැත්වූ පොළොන්නරුවේ සිට පැමිණි ආධුනිකයන් සදහා සිදුකල තුන් දින භාවනා වැඩමුළුව.
මැදමාවත සීලවතී සෙවන (තුන් දින) – 11
2017 සැප්තැම්බර් මස 16,17,18 දින තුල සීලවතිසෙවන හීදී පැවැත්වූ ආධුනිකයන් සදහා වන තුන් දින භාවනා වැඩමුළුව.
මැදමාවත සීලවතී සෙවන (එක් දින) – 10
2017 සැප්තැම්බර් මස 14 දින තුල සීලවතිසෙවන හීදී පැවැත්වූ ආධුනිකයන් සදහා වන එක් දින භාවනා වැඩමුළුව.
මැදමාවත සීලවතී සෙවන (තුන් දින) – 09
2017 සැප්තැම්බර් මස 9,10,11 දින තුල සීලවතිසෙවන හීදී පැවැත්වූ ආධුනිකයන් සදහා වන තුන් දින භාවනා වැඩමුළුව.
මැදමාවත සීලවතී සෙවන (එක් දින) – 08
2017 අගොස්තු මස 24 දින සිදුකල වැඩමුළුව
මැදමාවත සීලවතී සෙවන (තුන් දින) – 07
2017 අගොස්තු මස 12 සිට 14 දක්වා සහ අගෝස්තු 15 සිට 17 දක්වා සිදුකල වැඩමුළු.
මැදමාවත සීලවතී සෙවන (එක් දින) – 06
2017 අගොස්තු මස 08 දින සිදුකල වැඩමුළුව
මැදමාවත සීලවතී සෙවන (එක් දින) – 05
2017 ජුලි මස 25 දින සිදුකල වැඩමුළුව
මැදමාවත සීලවතී සෙවන – 04
2017 ජුලි මස 17 සිට 21 දක්වා සිදුකල වැඩමුළුව
මැදමාවත සීලවතී සෙවන (එක්දින) – 03
මැදමාවත සීලවතී සෙවන – 02
මැදමාවත සීලවතී සෙවන – 01
December 19th, 2018
Posted In:
Leave a Comment
අකුරැස්සේ ඉහල මලිදුව ක්ෂේත්‍රරාමය හීදී සිදුකල භාවනා වැඩමුළුව.
December 11th, 2018
Posted In:
Leave a Comment
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවත්නුවර සමීපයෙහිඅනාථපිණ්ඩික සිටුහුවිසින් කරවන ලද ජෙතවන නම් විහාරයෙහි වැඩ වාසය කරති. එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ ‘ඇවැත්නි, කියා භික්ෂූන්ට කථා කළහ. ඒ භික්ෂූහු ‘ඇවැත්නි’යි කියා ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය වදාළේය.
“ඇවැත්නි, සම්‍යක්දෘෂ්ටිය, සම්‍යක්දෘෂ්ටිය (හරිදැකීම) යයිකියනු ලැබේ. ඇවැත්නි, ආර්යශ්‍රාවකතෙම කොපමණකින් සම්‍යක්දෘෂ්ටි ඇත්තේවේද? දෘෂ්ටිය සෘජු බවට පැමිණියාවේද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ ධර්මයට (නිර්වාණධර්මයට) පැමිණියේ වේද? ඇවැත්නි, අපි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් මේ කීමෙහි අර්ථය දැනගන්නට දුරසිටත් එන්නෙමු. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේටම මේ කීමෙහි අර්ථය ප්‍රකාශ කිරීම අයත්වේවා, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් අසා භික්ෂූහු දැනගන්නාහුය. ‘ඇවැත්නි, එසේවී නම් අසව් හොඳින් හිතේ තබාගනිව් කියන්නෙමි’ ‘එසේය ඇවැත්නි, ‘කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය වදාළහ.
“ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම අකුසලයත් දනීද අකුසලමූලයන් දනීද කුසලයත් දනීද කුසල මූලයත් දනීද ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක්දෘෂ්ටි ඇත්තේ වෙයි ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට ගියා වෙයි ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි, අකුසලය කවරේද? අකුසලමූලය කවරේද? කුසලය කවරේද? කුසලමූලය කවරේද? ඇවැත්නි, ප්‍රාණ ඝාතය අකුසල්ය, සොරකම් කිරීම අකුසල්ය, කාමයන්හි වරදවා හැරීම අකුසල්ය, බොරුකීම අකුසල්ය, කේලාම් කීම් අකුසල්ය, ඵරුෂවචන කීම අකුසල්ය, නිෂ්ඵල කථාකීම අකුසල්ය, අධික ලොභය අකුසල්ය, බලවත් ක්‍රොධය අකුසල්ය, වැරදි දෘෂ්ටිය අකුසල්ය, ඇවැත්නි, මේ අකුසලයයි කියනු ලැබේ.
“ඇවැත්නි, අකුසලමුලය කවරේද? ලොභය අකුසල් මූලයි, ද්වේෂය අකුසල්මූලයි, මොහය අකුසල්මූලයි, ඇවැත්නි, මේ අකුසල් මුල්යයි කියනු ලැබේ.
“ඇවැත්නි, කුසලය කවරේද? ප්‍රාණඝාතයෙන් වැළැක්ම කුසල්ය, සොරකම් කිරීමෙන් වැළැක්ම කුසල්ය, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළැක්ම කුසල්ය, බොරු කීමෙන් වෙන්වීම කුසල්ය, කේළාම් කීමෙන් වෙන්වීම කුසල්ය, ඵරුෂ වචනයෙන් වෙන්වීම කුසල්ය, හිස් වචනයෙන් වෙන්වීම කුසල්ය අධික ලොභය නැතිබව කුසල්ය, ව්‍යාපාද නැති බව කුසල්ය, නිවැරදි දැකීම කුසල්ය. ඇවැත්නි, මේ කුසලයයි කියනු ලැබේ.
“ඇවැත්නි, කුසල් මුල් කවරේද? අලොභය කුසල් මුලයි, අද්වේෂය කුසල් මුලයි, අමොහය කුසල් මුලයි. ඇවැත්නි, මේ කුසල මුල්යයි කියනු ලැබේ.
“ඇවැත්නි, යම්තැනක පටන් ආර්යශ්‍රාවකතෙම මෙසේ අකුසලය දනීද, අකුසල්මුල් දනීද, කුසලය දනීද, කුසල්මුල් දනීද හෙතෙම සර්වප්‍රකාරයෙන් රාගය දුරුකොට ක්‍රොධය දුරුකොට මම වෙමි යන දැකීම හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා මේ ජාතියෙහිදීම දුක් කෙළවර කරන්නන් වෙයි.
“ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි, ඉතා මැනවයි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් ඇසුවාහුය.
“ඇවැත්නි, යම් ක්‍රමයකින් ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?
“ඇවැත්නි, ඇත්තේය, යම්තැනක පටන් ආර්ය ශ්‍රාවක තෙම ආහාරය දනීද, ආහාරයාගේ හේතුව දනීද, ආහාරයාගේ නැතිකිරීම දනීද, ආහාර නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාව දනීද මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි, ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි, ආහාරය කවරේද? ආහාරයාගේ හෙතුව කවරේද? ආහාරයාගේ නැතිකිරීම කවරේද? ආහාර නැති කිරීමේ ප්‍රතිපදාව කවරේද? ඇවැත්නි, සත්ත්වයන්ගේ පැවැත්ම පිණිසද, සත්ත්වයන්ට අනුග්‍රහ පිණිසද පවත්නාවූ ආහාර සතරක් වෙත්. කවර සතරක්ද යත්? ඝනවූද සියුම් වූද කබලිංකාර ආහාරය (කන බොන ආහාරය) ද, දෙවෙනිවූ ස්පර්ශ ආහාරය (විඳීමට හෙතු වන්නාවූ සිතත් අරමුණත් ගැටීම) ද, තුන්වැනිවූ මනොසංචෙතනා ආහාරය (උත්පත්තියට හේතුවන කර්මය) ද, සතරවැනිවූ විඤ්ඤාණ ආහාරය (නාම රූපයන්ගේ පැවැත්මට හෙතුවූ විඤ්ඤාණය) ද යන සතරය.
“තෘෂ්ණාවගේ හටගැන්ම නිසා ආහාරයෙන් හටගැන්ම වේ. තෘෂ්ණාව නැතිකිරීමෙන් ආහාරයාගේ නැතිකිරීම වෙයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම ආහාර නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාවයි. එනම් නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරැදි වචනය, නිවරැදි කර්මාන්තය, නිවැරැදි ක්‍රියාව, නිවැරැදි ව්‍යායාමය, නිවැරැදි සිහිය, නිවැරැදි සමාධිය යන මේයි. ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවක තෙම මෙසේ ආහාරය දනීද, මෙසේ ආහාරයාගේ හෙතුව දනීද, මෙසේ ආහාර නැතිකිරීම දනීද, මෙසේ ආහාර නැතිකිරීමට යන ප්‍රතිපදාව දනීද, හෙතෙම සර්වප්‍රකාරයෙන් රාගය දුරුකොට ක්‍රොධය දුරුකොට මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ගඥාන විද්‍යාව උපදවාමේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.
ඇවැත්නි, ඉතා මැනවයි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ (වචනය) සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් ඇසුවාහුය.
“ඇවැත්නි, යම්ක්‍රමයකින් ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ මේ (නිර්වාණ) ධර්මයට ආයේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද? ඇවැත්නි, ඇත්තේය. ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම දුක දනීද, දුක ඉපදීමට හේතුව දනීද, දුක නැති කිරීම දනීද, දුක නැතිකිරීමට යන මාර්ගය දනීද, මෙපමණකින්ද ඇවැත්නි, ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි. ඇවැත්නි, දුක කවරේද? දුක් හට ගැන්මට හේතුව කවරේද? දුක නැති කිරීම කවරේද? දුක් නැති කිරීමට යන ප්‍රතිපදාව කවරේද යත්? ඉපදීමද දුකය, දිරීමද දුකය, මරණයද දුකය, ශොකය, වැළපීමය, ශාරීරික දුකය, මානසික දුකය, දැඩි වෙහෙසය යන මොහුද දුකය. කැමතිවන යමක් නොලැබේනම් ඒ ද දුකය. කොටින්ම උපාදානස්කන්ධ පහම දුකය. ඇවැත්නි, මේ දුකයයි කියනු ලැබේ.
“ඇවැත්නි, දුක්හටගැන්මට හේතුව කවරේද, නැවත නැවත ඉපදීම ඇති කරන්නාවූ බලවත් තෘෂ්ණාව හා එක්ව පවත්නාවූ ඒ ඒ තැන අලෙන්නාවූ යම් මේ තෘෂ්ණාවක්වේද, එනම් කාම තෘෂ්ණාවය (වස්තුකාම ආශාව) භව තෘෂ්ණාව (ශාස්වත දෘෂ්ටිය හා යෙදුණු ආශාව) විභව තෘෂ්ණාව (උච්ඡේද දෘෂ්ටිය හා යෙදුණු ආශාව) යන මොහුය. ඇවැත්නි, මේ දුක් හටගැන්මට හේතුවයයි කියනු ලැබේ. ඇවැත්නි, දුක් නැති කිරීම කවරේද? ඒ තෘෂ්ණාවගේම ඉතිරි නොකොට නැත්කිරීමක් වේද, දුරලීමක්, මිදීමක්, ආලය නොකිරීමක් වේද, ඇවැත්නි, මේ දුක නැතිකිරීමයයි කියනු ලැබේ.
“ඇවැත්නි, දුක් නැතිකිරීමට යන ප්‍රතිපදාව කවරේද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මොහුයි. ඇවැත්නි, යම්තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම මෙසේ දුක දනීද, මෙසේ දුක් ඉපදීමට හේතුව දනීද, මෙසේ දුක් නැතිකිරීම දනීද, මෙසේ දුක් නැතිකිරීමට මාර්ගය දනීද, හෙතෙම සර්වප්‍රකාරයෙන් රාගය දුරුකොට ද්වේෂය දුරුකොට මම වෙමි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරු කොට අර්හත් මාර්ගඥාන විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේද වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියාද වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි, මැනවයි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නය විචාළාහුය.
“ඇවැත්නි, ආර්ය ශ්‍රාවකතෙම යම්සේ සම්‍යක්දෘෂ්ටි ඇත්තේ වෙයිද, ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ අනික් ක්‍රමයක් ඇත්තේද? ඇවැත්නි, ඇත්තේය. ඇවැත්නි, ආර්ය ශ්‍රාවකතෙම යම් තැනක පටන් ජරා මරණ දෙක දනීද, ජරා මරණයන්ගේ හෙතුව දනීද ජරා මරණයන්ගේ නැති කිරීම දනීද ජරා මරණයන් නැතිකිරීමට යන ප්‍රතිපදාව දනීද මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි, ජරාමරණය කවරේද? ජරාමරණයට හෙතුව කවරේද? ජරාමරණ නැතිකිරීම කවරේද? ජරාමරණ නැතිකිරීමට යන ප්‍රතිපදාව කවරේද? ඒ ඒ සත්ත්ව වර්ගයෙහි ඒ ඒ සත්ත්වයන්ගේ යම් (දිරීමක්) දිරායන බවක් වේද, දත් ආදිය කැඩීයාමක් වේද, ඉසකේ ආදිය පැසීමක් වේද, රැලිවැටුන සම් ඇති බවක් වේද, ආයුෂයාගේ පිරිහීමක් වේද, ඇස් ආදී ඉන්ද්‍රියන්ගේ මේරීමක් වේද ඇවැත්නී, මේ ජරාවයයි කියනු ලැබේ. ඇවැත්නි, මරණය කවරේද ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්ව වර්ගයෙන් යම් චුතවීමක් වේද, චුතවන බවක් වේද, ශරීරයාගේ බිඳීමක් වේද, අතුරුදහන් වීමක් වේද මරණයක් වේද කාලක්‍රියාවක් වේද, පංචස්කන්ධයන්ගේ බිඳීමක් වේද, ශරීරය බැහැර දැමීමක් වේද, ඇවැත්නි, මේ මරණයයි කියනු ලැබේ. ඇවැත්නි, මේ ජරාවද මේ මරණයද යන දෙක ජරා මරණයයි කියනු ලැබේ. ජාතිය (ඉපදීම) ඇතිවීමෙන් ජරා මරණයන්ගේ ඇතිවීම වෙයි. ජාතිය නැතිකිරීමෙන් ජරා මරණයන්ගේ නැතිවීම වෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයම ජරා මරණයන් නැති කිරීමට යන ප්‍රතිපදාවයි. එනම් නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.
“ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවක තෙම මෙසේ ජරාව හා මරණය දනීද, මෙසේ ජරා මරණයන්ගේ හටගැන්ම දනීද, මෙසේ ජරා මරණයන්ගේ නැතිකිරීම දනීද, මෙසේ ජරා මරණ නැති කිරීමට පමුණුවන ප්‍රතිපදාව දනීද, හෙතෙම සර්වප්‍රකාරයෙන් රාගය දුරුකොට ද්වේෂය දුරු කොට මම වෙමි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ගඥාන විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටිවෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියාවෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ මේ (නිර්වාණ) ධර්මයට ආයේ වෙයි.
“ඇවැත්නි, ඉතා මැනවැයි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නය ඇසුවාහුය. ඇවැත්නි, යම් ක්‍රමයකින් ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියාවෙයිද ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?
“ඇවැත්නි, ඇත්තේය. යම්තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම ජාතිය (ඉපදීම) දනීද, ඉපදීමට හෙතුව දනීද, ඉපදීම නැතිකිරීම දනීද, ඉපදීම නැතිකිරීමට යන ප්‍රතිපදාව දනීද, ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි, ජාතිය කවරේද, ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව වර්ගයෙහි යම් ඉපදීමක් වේද, මනාකොට ඉපදීමක් වේද, මව් කුසට පැමිණීමක් වේද, ප්‍රකටව ඉපදීමක් වේද, ස්කන්ධයන්ගේ පහළවීමක් වේද, ආයතනයන්ගේ ලැබීමක්වේද, ඇවැත්නි, මේ ජාතියයි කියනු ලැබේ. කර්මභවය හේතු කොටගෙන ජාතිය ඇතිවේ. කර්මභවය නැති කිරීමෙන් ජාතිය නැතිකිරීම වේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම ජාතිය නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාවයි. එනම්. නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.
“ඇවැත්නි, යම් අවස්ථාවක පටන් ආර්ය ශ්‍රාවක තෙම මෙසේ ජාතිය දනීද, මෙසේ ජාතියට හෙතුව දනීද, මෙසේ ජාතිය නැතිකිරීම දනීද, මෙසේ ජාතිය නැතිකිරීමට යන ප්‍රතිපදාව දනීද, හෙතෙම සර්වප්‍රකාරයෙන් රාගය දුරුකොට, ක්‍රොධය දුරුකොට මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි, මැනවයි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙණ අනුමෝදන්ව ආයුෂ්මත් ශරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නය ඇසුවාහුය. ඇවැත්නි, යම් ක්‍රමයකින් ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේවෙයිද, දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?
“ඇවැත්නි, ඇත්තේය. ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම කර්මභවය දනීද, කර්මභවය ඇතිවීමට හේතුව දනීද, කර්මභවය නැතිකිරීම දනීද, කර්මභවය නැති කිරීමට යන මාර්ගය දනීද, ඇවැත්නි, මෙපමණකින් ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි. ඇවැත්නි, භවය කවරේද, භවය ඇතිවීමට හේතුව කවරේද, භවය නැතිකිරීම කවරේද? භවය නැතිකිරීමට යන මාර්ගය කවරේද, ඇවැත්නි, භවයෝ (කර්මභව උත්පත්ති භව) මේ තුනක් වෙත්. කාමභවය, රූප භවය, අරූප භවය (යන තුනයි) උපාදානයන් (තෘෂ්ණාවෙන් දැඩි ලෙස ගැනීම) හෙතුකොටගෙන භවයන්ගේ හටගැන්ම වේ. උපාදාන නැතිකිරීම භවයන්ගේ නැතිකිරීම වේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය භවය නැතිකිරීම් මාර්ගය වේ. ඒ කවරේද යත්? නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය. නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.
“ඇවැත්නි, යම්තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම මෙසේ භවය දනීද, මෙසේ භවයාගේ හටගැන්ම දනීද, මෙසේ භවය නැතිකිරීම දනීද, භවය නැතිකිරීමට යන ප්‍රතිපදාව දනීද හෙතෙම සර්වප්‍රකාරයෙන් රාගය දුරුකොට, ක්‍රොධය දුරු කොට, මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරු කොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි, ඉතා මැනවයි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නය ඇසුවාහුය. ඇවැත්නි, යම් ක්‍රමයකින් ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?
“ඇවැත්නි, ඇත්තේය, ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම උපාදානය (තෘෂ්ණා දෘෂ්ටි දෙකින් දැඩිකොට අල්ලාගැනීම) දනීද, උපාදාන හේතුව දනීද උපාදාන නැති කිරීම දනීද, උපාදාන නැති කිරීමට යන ප්‍රතිපදාව දනීද, ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි, උපාදානය කවරේද? උපාදානයන්ගේ හටගැන්ම කවරේද? උපාදානයන්ගේ නැතිකිරීම කවරේද? උපාදානයන් නැති කිරීමට පමුණුවන ප්‍රතිපදාව කවරේද? ඇවැත්නි, මේ උපාදාන සතරක් වෙත්. කාම උපාදානය, (ආශාවෙන් දැඩිකොට අල්ලා ගැනීම) දිට්ඨි උපාදානය (දෘෂ්ටියෙන් දැඩි කොට අල්ලා ගැනීම) අත්තවාද උපාදානය (ආත්මයක් ඇතැයි තරයේ ගැනීම) සීලබ්බත උපාදානය (ශාසනයෙන් පිටත ශීලව්‍රත තරයේ ගැනීම) යන සතරයි.
තෘෂ්ණාව හේතු කොටගෙන උපාදානයන්ගේ හටගැන්ම වේ. තෘෂ්ණාව නැතිකිරීමෙන් උපාදාන නැති කිරීම වේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම උපාදාන නැති කිරීමට යන මාර්ගයයි එනම්: නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.
“ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවක තෙම උපාදානය දනීද උපාදාන හටගැන්ම දනීද, උපාදාන නැති කිරීම දනීද උපාදානයන් නැතිකිරීමේ ප්‍රතිපදාව දනීද, හෙතෙම සර්වප්‍රකාරයෙන් රාගය දුරුකොට, ක්‍රොධය දුරුකොට මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා, මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි, මැනවැයි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නය ඇසුවාහුය. ඇවැත්නි, යම් ක්‍රමයකින් ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?
“ඇවැත්නි, ඇත්තේය. යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම තණ්හාව දනීද, තණ්හාව ඉපදීමට හේතුව දනීද තණ්හාව නැති කිරීම දනීද, තණ්හාව නැති කිරීමට යන මාර්ගය දනීද ඇවැත්නි, මෙපමණකින්ද, ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටිය ඇත්තේවෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.
ඇවැත්නි, තණ්හාව කවරේද? තණ්හාව හටගැන්මට හේතුව කවරේද, තණ්හාව නැති කිරීම කවරේද? තණ්හාව නැති කිරීමට යන මාර්ගය කවරේද?
“ඇවැත්නි, මේ තණ්හාව කොටස් සයක් වෙත්. රූප තණ්හාවය, සද්ද තණ්හාවය, ගන්ධ තණ්හාවය, රස තණ්හාවය, ඵොට්ඨබ්බ තණ්හාවය, ධම්ම තණ්හාවය (යන සයයි). වෙදනාවගේ හටගැන්මෙන් තණ්හාවගේ හටගැන්මවේ. වේදනාව නැතිකිරීමෙන් තණ්හාව නැති කිරීම වේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම තණ්හාව නැති කිරීමට පමුණුවන ප්‍රතිපදාවයි. එනම්, නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.
“ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම මෙසේ තණ්හාව දනීද, මෙසේ තණ්හාව හටගැන්ම දනීද, මෙසේ තණ්හාව නැතිකිරීම දනීද, මෙසේ තණ්හාව නැති කිරීමට යන ප්‍රතිපදාව දනීද හෙතෙම සර්වප්‍රකාරයෙන් රාගය දුරු කොට, ක්‍රොධය දුරුකොට, මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි, ඇවැත්නි මෙපමණකින්ද, ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි, මැනවයි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නය ඇසුවාහුය. ඇවැත්නි, යම් ක්‍රමයකින් ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේමේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුන් ඇත්තේද?
“ඇවැත්නි, ඇත්තේය. ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවක තෙම වේදනාවත් දනීද, වේදනා හටගැන්මත් දනීද, වේදනා නැතිකිරීමත් දනීද, වේදනා නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාවත් දනීද, ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි, වෙදනාව කවරේද? වෙදනාවගේ හටගැන්ම කවරේද? වෙදනාව නැතිකිරීම කවරේද? වෙදනාව නැතිකිරීමට යන ප්‍රතිපදාව කවරේද? ඇවැත්නි, මේ වෙදනා කොටස් සයක් වෙත්. ඇස හා ගැටීමෙන් හටගන්නා වේදනාවය, කණ හා ගැටීමෙන් හටගන්නා වේදනාවය, නාසය හා ගැටීමෙන් හටගන්නා වේදනාවය, දිව හා ගැටීමෙන් හටගන්නා වේදනාවය, ශරීරය හා ගැටීමෙන් හටගන්නා වේදනාවය, හිත හා ගැටීමෙන් හටගන්නා වේදනාවය (යන සයය) ස්පර්ශය (අරමුණු ගැටීම) හෙතුකොටගෙන වේදනාව හටගැන්ම වේ. ස්පර්ශය නැතිකිරීමෙන් වෙදනා නැතිකිරීම වේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම වෙදනා නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාවයි. එනම්: නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.
“ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවක තෙම මෙසේ වේදනාව දනීද, මෙසේ වේදනාවගේ හටගැන්ම දනීද, මෙසේ වේදනා නැතිකිරීම දනීද, මෙසේ වේදනා නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාව දනිද, හෙතෙම සර්වප්‍රකාරයෙන් රාගය දුරුකොට ක්‍රොධය දුරුකොට මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේවෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි, මැනවැයි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නය ඇසුවාහුය.
“ඇවැත්නි, යම් ක්‍රමයකින් ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද? ඇවැත්නි, ඇත්තේය. ඇවැත්නි, යම් තැනකපටන් ආර්ය ශ්‍රාවකතෙම ස්පර්ශයත් දනීද, ස්පර්ශයාගේ හටගැන්මත් දනීද, ස්පර්ශය නැතිකිරීමත් දනීද, ස්පර්ශය නැති කිරීමට පමුණුවන ප්‍රතිපදාවත් දනීද, ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක්දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයි. (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි, ස්පර්ශය කවරේද? ස්පර්ශයාගේ හටගැන්ම කවරේද? ස්පර්ශය නැතිකිරීම කවරේද? ස්පර්ශය නැති කිරීමට පමුණුවන ප්‍රතිපදාව කවරේද? ඇවැත්නි, මේ ස්පර්ශ කොටස් සයක් වෙත්. ඇස හා ස්පර්ශය, කණ හා ස්පර්ශය, නාසය හා ස්පර්ශය, දිව හා ස්පර්ශය, ශරීරය හා ස්පර්ශය, හිත හා ස්පර්ශය යන සයයි. ආයතන (ඇස ආදී ඉන්ද්‍රිය හය) හටගැන්මෙන් ස්පර්ශයන්ගේ හටගැන්ම වේ. ආයතන හය නැතිකිරීමෙන් ස්පර්ශයන්ගේ නැතිකිරීම වේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම ස්පර්ශය නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාවය. එනම්. නිවැරදි දැකීමය, නිවැරදි කල්පනාවය, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.
“ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවක තෙම මෙසේ ස්පර්ශය දනීද, මෙසේ ස්පර්ශය හටගැන්ම දනීද, ස්පර්ශය නැති කිරීම දනීද, ස්පර්ශය නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාව දනීද හෙතෙම සර්වප්‍රකාරයෙන් රාගය දුරුකොට, ක්‍රොධය දුරුකොට මම වෙමි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියාවෙයි ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි, මැනවැයි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නය විචාළාහුය. ඇවැත්නි, යම් ක්‍රමයකින් ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?
“ඇවැත්නි, ඇත්තේය. ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම ආයතන දනීද, ආයතනයන්ගේ හටගැන්ම දනීද, ආයතන නැතිකිරීම දනීද, ආයතන නැති කිරීමට යන ප්‍රතිපදාව දනීද, ඇවැත්නි මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේවෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.
ඇවැත්නි, සය ආයතනය කවරේද? සය ආයතනයන්ගේ හටගැන්ම කවරේද? සය ආයතනයන්ගේ නැතිකිරීම කවරේද? සය ආයතනයන් නැතිකිරීමට යන ප්‍රතිපදාව කවරේද? ඇවැත්නි, මේ ආයතන සයක් වෙත්. චක්ඛු ආයතනය සොත ආයතනය, ඝාණ ආයතනය, ජිව්හා ආයතනය, කාය ආයතනය, මනො ආයතනය (යන හයයි.) නාමරූපයන්ගේ (රූප, වෙදනා සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පහේ) හටගැන්මෙන් සය ආයතනයන්ගේ හටගැන්ම වේ. නාමරූපයන් නැතිකිරීමෙන් සය ආයතනයන්ගේ නැති කිරීම වේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම සය ආයතනය නැති කිරීමට පමුණුවන ප්‍රතිපදාවයි. එනම්: නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.
“ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම මෙසේ සය ආයතන දනීද, මෙසේ සය ආයතනයන්ගේ හටගැන්ම දනීද, මෙසේ සය ආයතනයන්ගේ නැතිකිරීම දනීද, මෙසේ සය ආයතන නැතිකිරීමට යන ප්‍රතිපදාව දනීද, හෙතෙම සර්වප්‍රකාරයෙන් රාගය දුරුකොට, ක්‍රොධය දුරුකොට මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයි. ධර්යෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි, ‘ඉතා මැනවැයි’ කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නය ඇසුවාහුය. ඇවැත්නි, යම් ක්‍රමයකින් ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?
“ඇවැත්නි, ඇත්තේය. ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවක තෙම නාම රූප දෙක දනීද, නාම රූප හටගැන්ම දනීද, නාම රූපයන් නැතිකිරීමේ ප්‍රතිපදාව දනීද ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි නාමරූප කවරේද? නාමරූපයන්ගේ හට ගැන්ම කවරේද? නාමරූපයන්ගේ නැතිකිරීම කවරේද? නාමරූපයන් නැතිකිරීමේ ප්‍රතිපදාව කවරේද? වේදනා (විඳීම) ය, සංඥා (හැඟීමය) ය, චෙතනා (මෙහෙයීම) ය, ස්පර්ශ (ගැටීම) ය, මනසිකාර (මෙනෙහිකිරීම) ය යන මේ ධර්ම ඇවැත්නි, නාමයයි කියනු ලැබේ.
“මහා භූත රූප හතර (පස් දිය ගිනි සුළං) ද ඒ සතර මහා භූතයන් නිසා පවත්නාවූ උපාදාය රූපද යන මෙය ඇවැත්නි, රූපයයි කියනු ලැබේ. මෙසේ මේ නාමයද මේ රූපයද ඇවැත්නි, නාමරූපයයි කියනු ලැබේ. ප්‍රතිසන්ධිවිඥානයාගේ (පිළිසිඳ ගැනීම පිළිබඳ විඤ්ඤාණය) හටගැන්මෙන් නාමරූපයන්ගේ හටගැන්ම වේ. විඥානය නැතිකිරීමෙන් නාමරූපයන්ගේ නැතිකිරීම වේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම නාමරූපයන් නැතිකිරීමේ ප්‍රතිපදාවයි. එනම් නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.
“ඇවැත්නි, යම්තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම මෙසේ නාමරූපයන් දනීද, මෙසේ නාමරූපයන්ගේ හටගැන්ම දනීද මෙසේ නාමරූපයන්ගේ නැතිකිරීම දනීද මෙසේ නාමරූපයන් නැතිකිරිමේ ප්‍රතිපදාව දනීද, හෙතෙම සර්ව ප්‍රකාරයෙන් රාගය දුරුකොට ක්‍රොධය දුරුකොට මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි.
“ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි, මැනවැයි ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නය ඇසුවාහුය.
“ඇවැත්නි, යම් ක්‍රමයකින් ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල් වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?
“ඇවැත්නි, ඇත්තේය, ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම විඤ්ඤාණය දනීද, විඤ්ඤාණයාගේ හටගැන්ම දනීද, විඤ්ඤාණයාගේ නැතිකිරීම දනීද, විඥානය නැති කිරීමට යන ප්‍රතිපදාව දනීද, ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි, විඤ්ඤාණය කවරේද? විඤ්ඤාණයාගේ හටගැන්ම කවරේද? විඤ්ඤාණය නැතිකිරීම කවරේද? විඤ්ඤාණය නැතිකිරීමේ ප්‍රතිපදාව කවරේද? ඇවැත්නි මේ විඤ්ඤාණ කොටස් සයක් වෙත්. චක්ඛුවිඤ්ඤාණය, සොතවිඤ්ඤාණය, ඝාණවිඤ්ඤාණය, ජීව්හාවිඤ්ඤාණය, කායවිඤ්ඤාණය, මනො විඤ්ඤාණය. (යන සයයි) සංස්කාරයන්ගේ හටගැන්මෙන් විඤ්ඤාණයන්ගේ හටගැන්ම වේ. සංස්කාරයන්ගේ නැති කිරීමෙන් විඤ්ඤාණයන්ගේ නැතිකිරීම වේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම විඤ්ඤාණය නැතිකිරීමේ ප්‍රතිපදාවයි. එනම් නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.
“ඇවැත්නි, යම්තැනක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ විඤ්ඤාණය දනීද, විඤ්ඤාණයාගේ හටගැන්ම දනීද, විඤ්ඤාණය නැතිකිරීම දනීද, විඤ්ඤාණය නැතිකිරීමේ ප්‍රතිපදාව දනීද හෙතෙම සර්ව ප්‍රකාරයෙන් රාගය දුරුකොට ක්‍රොධය දුරුකොට මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරු කොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි. අවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි මැනවයි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නය ඇසුවාහුය. ඇවැත්නි, යම් ක්‍රමයකින් ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?
“ඇවැත්නි, ඇත්තේය. ඇවැත්නි, යම්තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම සංස්කාරයන් (කුසලා කුසල කර්ම) දනීද, සංස්කාරයන්ගේ හටගැන්ම දනීද, සංස්කාරයන්ගේ නැතිකිරීම දනීද, සංස්කාරයන් නැතිකිරීමේ ප්‍රතිපදාව දනීද, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක්දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි, සංස්කාර කවරේද? සංස්කාරයන්ගේ හටගැන්ම කවරේද? සංස්කාරයන්ගේ නැතිකිරීම කවරේද? සංස්කාරන් නැතිකිරීමේ ප්‍රතිපදාව කවරේද? ඇවැත්නි, මේ සංස්කාරයෝ තිදෙනෙක් වෙත්. කාය සංඛාරය (කයින් කරන කර්ම) වචී සංඛාරය (වචනයෙන් කරන කර්ම) මනො සංඛාරය (සිතින් කරන කර්ම) යන තුනයි. අවිද්‍යාවගේ හටගැන්මෙන් සංස්කාරයන්ගේ හටගැන්ම වේ. අවිද්‍යාව නැති කිරීමෙන් සංස්කාරයන්ගේ නැතිකිරීම වේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම සංස්කාරයන් නැතිකිරීමේ ප්‍රතිපදාවයි. එනම් නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.
“ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම මෙසේ සංස්කාරයන් දනීද මෙසේ සංස්කාරයන් හටගැන්ම දනීද මෙසේ සංස්කාරයන්ගේ නැතිකිරීම දනීද මෙසේ සංස්කාරයන් නැතිකිරීමේ ප්‍රතිපදාව දනීද හෙතෙම සර්වප්‍රකාරයෙන් රාගය දුරුකොට ක්‍රොධය දුරුකොට මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි.
“ඇවැත්නි, මෙපමණකින්ද, ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයි. ධර්මයෙහිනොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි, මැනවැයි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නය ඇසුවාහුය. ඇවැත්නි, යම් ක්‍රමයකින් ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?
“ඇවැත්නි, ඇත්තේය ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවක තෙම අවිද්‍යාවත් දනීද, අවිද්‍යාව නැති කිරීමත් දනීද, අවිද්‍යාව නැති කිරිමේ ප්‍රතිපදාවත් දනීද, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි, අවිද්‍යාව කවරේද? අවිද්‍යාවට හේතුව කවරේද? අවිද්‍යාව නැති කිරීම කවරේද? අවිද්‍යාව නැති කිරීමේ ප්‍රතිපදාව කවරේද?
“ඇවැත්නි, දුක පිළිබඳ යම් නොදැන්මක් වේද, දුක හටගැනීමට හේතුව පිළිබඳ යම් නොදැන්මක් වේද, දුක නැතිකිරීම පිළිබඳ යම් නොදැන්මක් වේද, දුක නැතිකිරීමේ ප්‍රතිපදාව පිළිබඳ යම් නොදැන්මක් වේද ඇවැත්නි, මේ නොදැන්ම අවිද්‍යාවයයි කියනු ලැබේ. ආශ්‍රවයන් (බොහෝ කල් සිට පැවත එන කෙලෙස්) හෙතුකොටගෙන අවිද්‍යාවගේ හටගැන්ම වේ. ආශ්‍රවයන් නැති කිරීමෙන් අවිද්‍යාව නැති වේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම අවිද්‍යාව නැති කිරීමේ ප්‍රතිපදාවයි එනම් නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.
“ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම මෙසේ අවිද්‍යාව දනීද, මෙසේ අවිද්‍යාවට හේතුව දනීද, මෙසේ අවිද්‍යාව නැතිකිරීම දනීද, මෙසේ අවිද්‍යාව නැතිකිරීමේ ප්‍රතිපදාව දනීද, හෙතෙම සර්වප්‍රකාරයෙන් රාගය දුරුකොට ක්‍රොධය දුරුකොට මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි ධර්මයෙහි නොසෙල් වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි, මැනවැයි ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නය ඇසුවාහුය.
“ඇවැත්නි, යම් ක්‍රමයකින් ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?
“ඇවැත්නි, ඇත්තේය, ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවක තෙම ආශ්‍රවයන් (බොහෝ කල් සිට පැවත එන කෙලෙස්) දනීද, ආශ්‍රවයන්ට හේතුවත් දනීද, ආශ්‍රවයන්ගේ නැතිකිරීමත් දනීද, ආශ්‍රවයන් නැතිකිරීමේ ප්‍රතිපදාවත් දනීද, ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ ධර්මයට පැමිණියේ වෙයි.
“ඇවැත්නි, ආශ්‍රවයෝ කවරහුද? ආශ්‍රවයන්ට හෙතුව කවරේද? ආශ්‍රවයන් නැතිකිරීම කවරේද? ආශ්‍රවයන් නැති කරන ප්‍රතිපදාව කවරේද? ඇවැත්නි, මේ ආශ්‍රව තුනක් වෙත්. කාමාශ්‍රවය (කාම තණ්හාව,) භවාශ්‍රවය (භව තණ්හාවය,) අවිද්‍යාශ්‍රවය (මොහය) යන තුනයි. අවිද්‍යාව හේතුකොටගෙන ආශ්‍රවයන්ගේ හටගැන්ම වේ. අවිද්‍යාව නැති කිරීමෙන් ආශ්‍රවයන්ගේ නැති කිරීම වේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම ආශ්‍රවයන් නැති කිරීමේ ප්‍රතිපදාව වෙයි. එනම්: නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.
“ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම මෙසේ ආශ්‍රවයන් දනීද, ආශ්‍රවයන්ගේ හටගැන්මත් දනීද, ආශ්‍රව නැතිකිරීමත් දනීද, ආශ්‍රව නැතිකිරීමේ ප්‍රතිපදාවත් දනීද, හෙතෙම සර්ව ප්‍රකාරයෙන් රාගය දුරුකොට ක්‍රොධය දුරු කොට මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරු කොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි.
“ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙමේ සම්‍යක් දෘෂ්ටි ඇත්තේවෙයි. ඔහුගේ දෘෂ්ටි සෘජුබවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ ධර්මයට පැමිණියේ වෙයි.”
ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මේ ධර්මය වදාළහ. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය ඉතා සතුටින් පිළිගත්තාහුය.
නව වැනිවූ සම්මාදිට්ඨි සූත්‍රය නිමි
(මජ්ජිම නිකාය – මූල පරියාය වර්ගය – සම්මාදිට්ඨි සූත්‍රය)
11
November 14th, 2018
Posted In:
Leave a Comment
« Previous Page —
Next Page »