0777304415 , 0703300135     info@medamawatha.lk

 

 

කොට්ටාව දූව පුරාණ විහාරය හීදී සිදුකල ධර්ම දේශණා

 

>

April 17th, 2015

Posted In:

Leave a Comment

 

එල්ලාවල පරණගම බෝධිය හීදී සිදු කල දේශණා

 

April 17th, 2015

Posted In:

Leave a Comment

slide0

 

බෞද්ධයාගේ අවසාන බලාපොරොත්තුව නිවන් අවබෝධ කර ගැනීමයි. මේ සඳහා ඒකායන මාර්ගය මැදුම් පිළිවෙත හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඞීමයි.  සම්මා සම්බුදුවරයන් වහන්සේ විසින් දේශණා කරන ලද ධර්මය අවබෝධ කර ගැනීමට බලාපොරොත්තු වන ශ‍්‍රාවකයෙකු විසින් පහත සඳහන් කරුණු පිළිබඳව සැලකිලිමත් විය යුතු වේ.

 

  • ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග අටක් ඇති බව.
  • එම අංග ශීල, සමාධි, ප‍්‍රඥා වශයෙන් කොටස් තුනකින් යුක්ත බව.
  • පියවි තත්ත්වයේ ජීවත් වන සෑමවිට මෙම අංග ක‍්‍රියාකාරී බව.
  • නින්ද හෝ සිහිවිකල් මෙම අංග ක‍්‍රියාකාරී නොවන බව.
  • මෙම අංග නිත්‍ය නොවන බව. එනම් වේගයෙන් ඇති වී නැති වී යන බව
  • මෙම අංග නැවත නැවත ඇතිවීමට හේතුව ඇස්, කන්, නාස, දිව, කය, මන යන ඉන්ද්‍රියන්ගෙන් අරමුණු කර ගැනීම බව.
  • මෙම අංග මගින් තම ජීවිතය හෙවත් සංසාරය පවතින බව.
  • මෙම අංග අට ඒ ඒ මොහොතේ ඇති වී නැති වී යන ආකාරය නොදැනීම අවිද්‍යාව හෙවත් තමන් ගැන අනවබෝධය බව.
  • තමා ගැන අවබෝධයක් ලැබෙන පරිදි මෙම අංග සකස් කර ගැනීම ,සම්මා කර ගැනීම අෂ්ටාංගික මාර්ගය වැඞීම ලෙස හඳුන්වනු ලබන බව.

ජීවත්වීම හා මාර්ග අංග අට ක‍්‍රියාත්මක වීම එකම දෙයක් බව

අපි සාමාන්‍ය මට්ටමේ ජීවත් වීම යනු වාචා, කම්මන්ත, ආජීව ප‍්‍රයෝජනයට ගන්නා අවස්ථාවක් පමණකි.වායාමය, යනු අපගේ උත්සාහයයි.

 

  • සතිය යනු අපගේ සිහිකල්පනාවයි.
  • සමාධි යනු අපගේ එකඟකමයි.
  • වායාමය, සතිය හා සමාධියේ බලපෑමක් නොමැතිව කිසිම වචනයක් කතා කිරීම සිදු නොවේ.
  • වායාමය, සතිය හා සමාධියේ බලපෑමක් නොමැතිව කිසිම කම්මන්තයක් සිදු නොවේ.
  • වායාමය, සතිය හා සමාධියේ බලපෑමක් නොමැතිව කිසිම ආජීවනයක් සිදු නොවේ.
  • වාචා, කම්මන්ත, ආජීවවල පාලනය, වායාමය , සති, සමාධිවලට අයත් වේ.
  • එනම් වාචා, කම්මන්ත, ආජීව රැුකිය හැකි වේ. රැුකිය හැකි යන අර්ථයෙන් මෙම අංග ශීල කොටස ලෙස හඳුන්වයි.
  • වායාමය, සතිය හා සමාධිය රැුකීමට නොහැකි වැඞීමට හැකි ධර්මයන් වේ. වැඩිය හැකි යන අර්ථයෙන් මෙම අංග සමාධි කොටස ලෙස හඳුන්වයි.
  • එනම් ඇස්, කන්, නාසා ආදී එක් ඉන්ද්‍රියකින් ඇතුල්වන අරමුණකින් හට ගන්නා උත්සාහය වායාමය ඊළඟ ඉන්ද්‍රියේ ඇතල්වන අරමුණ තුළ පවත්වා ගත හැකි වේ.
  • මේ ආකාරයට සතිය හා සමාධිය වැඩිය හැකි වේ.
  • දිට්ඨි හා සංකප්ප මන සේ අභ්‍යන්තරයේ ඇති ගුප්ත කොටස් දෙකක් වේ.
  • දිට්ඨි, සංකප්ප යන කොටස් රැුකීමට හෝ වැඞීමට හැකි ධර්මතා නොවේ. මෙම කොටස් අවබෝධ කර ගැනීමට හැකියාව පමණක් ඇති බැවින් ප‍්‍රඥා කොටස ලෙස හඳුන්වයි.

 

ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඞීම

  • මෙම අංග සාමාන්‍ය පරිදි ක‍්‍රියාත්මක වීම යනු සත්ත්වයා ජීවත් වීමයි. එය අනාගත සංසාරය සකස් වීමයි.
  • බුදු දහමේ පෙන්නුම් කරන ආකාරයට මෙම අංග වෙනස් කිරීමෙන් හෙවත් සම්මා කිරීමෙන් සංසාර ගමන නැවැත්විය හැකි වේ. මෙය නිවන් ලැබීම, තමා ගැන අවබෝධ වීම ලෙස හඳුන්වයි.
  • එක් එක් අංගවල ‘‘සම්මා’’ තත්ත්වය ඉහත වගුවෙන් බලා ගත හැකි වේ.
  • මෙම අංග පිළිවෙලින් සම්මා කිරීම, ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩිම ලෙස හඳුන්වයි.
  • ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඞීමේ අනුපිළිවෙලක් ඇත. එනම් පළමුව ශීල කොටසේ ඇති වාචා, කම්මන්ත, ආජීව, සම්මා කළ යුතුය. දෙවනුව සමාධි කොටසේ ඇති වායාම, සති, සමාධි, සම්මා කළ යුතු වේ. අවසානයේ ප‍්‍රඥා කොටසේ ඇති සංකප්ප දිට්ඨි සම්මා වේ.
  • ශීල කොටසේ ඇති වාචා, කම්මන්ත, ආජීව රුකීමෙන් සම්මා කළ යුතු වේ. මෙය ශීල ශික්ෂාව ලෙස හඳුන්වයි.
  • සමාධි කොටසේ ඇති වායාම, සති, සමාධි වැඞීම මගින් සම්මා කළ යුතු වේ. මෙය සමාධි ශික්ෂාව ලෙස හඳුන්වයි.
  • ප‍්‍රඥා කොටසේ ඇති සංකප්ප, දිට්ඨි අවබෝධයෙන් සම්මා කළ යුතු වේ. ප‍්‍රඥා ශික්ෂාව ලෙස හඳුන්වයි.
  • සමාධි කොටසේ ඇති වායාමය සම්මා කිරීම සමථ භාවනා ලෙස හඳුන්වයි.
  • සමාධි කොටසේ ඇති වායාමය, සතිය, සම්මා කිරීම විපස්සනා භාවනා ලෙස හඳුන්වයි.
  • සමථ භාවනා සම්මා වායාමය දියුණු කිරීමෙන් ලැබෙන සමාධිය එකඟකම අනුව රූපාවචර, අරූපාවචර, ධ්‍යාන ලබා ගත හැකි වේ.
  • විපස්සනා භාවනාව සම්මා වායාම, සම්මා සති දියුණු කිරීමෙන් සම්මා සමාධිය ලබා ගත හැකි වේ. එමඟින් ප‍්‍රඥා ශික්ෂාවට ඇතුල්වීමට හැකියාව ලැබෙන අතර එයම දියුණු කිරීමෙන් සතර මාර්ග සතර ඵල ලැබේ.
  • විපස්සනා හෝ සමථ භාවනාවක යෙදි ඇති විට වායාමය, සති, සමාධි අංගවලින් වාචා, කම්මන්ත, ආජීව අංග සම්පූර්ණයෙන් නිදහස් වන කාලය (වාචා, කම්මන්, ආජීව අතුරුදහන්වන) කාය විවේකය ලෙස හඳුන්වයි.
  • කාය විවේකය හඳුනා ගැනීම භාවනාවක් සාර්ථක කර ගැනීමට ඉතා වැදගත් වේ.
  • විපස්සනා හෝ සමථ භාවනාවක දී පංච නීවර්ණ ධර්ම යටපත් වී තිබෙන කාලය චිත්ත විවේකය ලෙස හඳුන්වයි. චිත්ත විවේකය, සංකප්ප හා දිට්ඨි යන අංග දෙක සම්මා කර ගැනීමට අත්‍යවශ්‍ය වේ.
  • විපස්සනා භාවනාවක දී සම්මා සමාධි ලබා ගැනීමෙන් පසුව සංකප්ප හා දිට්ඨි යන අංග අවබෝධ කර ගැනීමට යොමු වේ. මෙහි දී බෝජ්ජංග ධර්ම දියුණු වන අවස්ථාව උපධි විවේකය ලෙස හඳුන්වයි.

 

සැ.යු. : 2015 ඔක්තෝම්බර් මස 03 දින සිට 19 දින දක්වා සෙනසුරාදා දිනයන් හීදී  ප.ව. 6.00 සිට  7.00 දක්වා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළදසේවය ඔස්සේ ප්‍රචාරයවූ කොටස් 12 කින් සමන්විත ආර්යය අෂ්ඨාංගික මාර්ගය වැඩීමේ ධර්ම දෙශණාව.  මේ ආශ්‍රිතව සම්පාදනය වූ “වැසුණු නිවන් දොර විවර කරගනිමු ” ග්‍රන්ථය 

 

April 6th, 2015

Posted In:

Leave a Comment

« Previous Page

Nonprofit (2016Nov)  –  Powered by Pixalogy.lk