0777304415 , 0703300135     info@medamawatha.lk

 

01.දෙවියන්ගේ බණ හා බුදු බණ

කොට්ටාව දූව පුරාණ විහාරයේ 2015 වර්ෂයේ පෙබරවාරි හා මාර්තු මස පැවැත්වූ භාවනා වැඩසටහන් හීදී සිදුකළ අනුශාසනාවකි.

 

02.මනාලියක් විවාහ මංගල්‍යය දිනයේ සෝවාන් වෙයි.

කොට්ටාව දූව පුරාණ විහාරයේ 2015 වර්ෂයේ පෙබරවාරි හා මාර්තු මස පැවැත්වූ භාවනා වැඩසටහන් හීදී සිදුකළ අනුශාසනාවකි.

 

03.ආනාපාන සති භාවනාව සහ මැරතන් තරඟය.

කොට්ටාව දූව පුරාණ විහාරයේ 2015 වර්ෂයේ පෙබරවාරි හා මාර්තු මස පැවැත්වූ භාවනා වැඩසටහන් හීදී සිදුකළ අනුශාසනාවකි.

 

04.ගෙඹි අම්මා සහ ඉස්ගෙඩි පැටව්

ශ‍්‍රී පාද අඩවියේ වර්ණගල අම්බලමේ 2014 වර්ෂයේ නොවැම්බර් මස පැවැත්වූ භාවනා වැඩ සටහනේ සිදුකළ අනුශාසනාවකි.

 

05.දුක්ඛ ආර්යය සත්‍ය හා දුකේ හෙවනැල්ල.

2015 මාර්තු මස 24 දින මාලඹේ සුසිලාරාමයේදී පැවැත්වූ භාවනා වැඩ සටහනේ සිදුකළ අනුශාසනාවකි.

 

06.දිට්ඨිය හා ගොඩාහැලිය.

ශ‍්‍රී පාද අඩවියේ වර්ණගල අම්බලමේ 2014 වර්ෂයේ නොවැම්බර් මස පැවැත්වූ භාවනා වැඩ සටහනේ සිදුකළ අනුශාසනාවකි.

 

07.මහා මංගල සුත්‍රයට දෙවියන් වැඩියෙන් කැමති ඇයි?

මංගල කරුණු 38 :

(1.බාලයන් සේවනය නොකිරීම, 2.පණ්ඩිතයන් ඇසුරු කිරීම,3.පිදිය යුත්තන් පිදීම,4.සුදුසු ප‍්‍රදේශයන් හි වාසය කිරීම, 5.පෙර කරන ලද පින් ඇති බව, 6.තමා ශීලාදී දහම්හි පිහිටුවීම, 7.බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව, 8.මනා කොට ශිල්ප දැනීම,9.විනයෙන් හික්මීම, 10.යහපත් වචන භාවිතය, 11.මව්පිය උපස්ථානය, 12දරුවන්ට සංග‍්‍රහ කිරීම, 13.භාර්යාවන්ට සංග‍්‍රහ කිරීම, 14නිරවුල් කර්මාන්තය,15.දානය,16.ධර්මයෙහි හැසිරීම,17.නෑයන්ට සංග‍්‍රහ රීම,18.නිරවුල් කර්මාන්තය,19.පවින් වැළකීම,20.මත්පැන් පානයෙන් වැළකීම,21.නොපමාව කුසල් කිරීම,22.ගරු කළ යුත්තන්ට ගරු කිරීම, 23නිහතමානී බව, 24.ලද දෙයින් සතුටු වීම,25.කළ ගුණ සැලකීම, 26.සුදුසු කල ධර්මය ශ‍්‍රවනය කිරීම, 27.ඉවසීම,28.කීකරු බව, 29.ශ‍්‍රමණයන් වහන්සේලා දැකීම, 30.සුදුසු කල්හි ධර්ම සාකච්ඡුාව,

31.තපස, 32.බඹසර රැුකීම, 33.චතුරාර්ය සත්‍ය පිළිබඳ දැනීම, 34.නිර්වාණය අවබෝධ කිරීම,

35.අටලෝ දහමින් කම්පා නොවීම, 36.ශෝක නැති බව, 37.කෙළෙසුන්ගෙන් දුරු වීම, 38.චතුර්යෝග භයින් මිදුණු බව)

 

 

 

 

08.විපස්සනා භාවනාව සහ අධිමානසික බලය

 

 

09.සතර ඍද්ධිපාද ආමිසපුජාව, ශීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, පඤ්ඤා ශික්ෂාවට බලපාන ආකාරය

අතුරැගිරිය අබේවීර ධර්මායතනයේ 2015 ජුනි මස 06 දින පැවත්වූ ධර්ම දෙශණාව

 

 

July 8th, 2016

Posted In:

Leave a Comment

 

පොළොන්නරුව පුලතිසිගම ශ්‍රි බිම්බාරාමයේ 2016 ජුනි මස 19,20, සහ 21 යන දිනයන්හීදී පැවැත්වූ භාවනා වැඩමුළුව.

 

June 22nd, 2016

Posted In:

Leave a Comment

 

2016 පොසොන් පුරපසලොස්වක සතිය තුල පහත සදහන් ස්ථාන වලදී සිදු කල ධර්ම දේශණා.

  • වැලිමඩ මොරගොල්ල ධර්ම ගවේශී ආර්ය්‍ය සදහම් සමිති ශාලාව – 15 දින
  • ශ්‍රි ලංකා මහ බැංකුව – 16,17  දිනයන්හීදී
  • CIC ආයතනය – 17 දින

 

June 16th, 2016

Posted In:

Leave a Comment

 

  • ගණේමුල්ල වැලිපිල්ලෑව ශ්‍රි මහා පුරාණ විහාරයේ 2016 ජූනි මස 11,18,25 ජුලි මස 09 යන දිනවලදි පැවැත්වූ භාවණා වැඩමුළුව
  • 2016 ඔක්තෝම්බර් මස 12 දින සිදු කල “ඉන්ද්‍රිය භාවනා සුත්‍ර” දේශණාව
  • 2016 නොවැම්බර් මස 09 දින සිදු කල “සාලාගාම සුත්‍ර” දේශණාව

 

banner_ganemulla1

 

 

June 11th, 2016

Posted In:

Leave a Comment

 

2016 වෙසක් පුරපසලොස්වක සතිය තුල පහත සදහන් ස්ථාන වලදී සිදු කල ධර්ම දේශණා.

  • ශ්‍රි ලංකා මහ බැංකුව –  16,17  දිනයන්හීදී
  • ශ්‍රි ලංකා මොබිටෙල් ආයතනය – 18 දින
  • බළංගොඞ වැලිගෙපොල ප්‍රදේශීය ලේකම් කාර්යාලය – 20 දින
  • රත්මලාන ශ්‍රි සුගත ධර්මායතනය – 20 දින
  • තලගල භාවනා මධස්ථානය – 21 දින
  • ලංකා බැංකු මූලස්ථානය – 21 දින
  • හොරණ රොහල – 23 දින

 

May 23rd, 2016

Posted In:

Leave a Comment

 

නුගේගොඩ සුභ්‍රද්‍රාරාම විහාරස්ථානයේ 2016 අප්‍රේල් මස 09 වන සෙනසුරාදා සිට සෙනසුරාදා දින හතක් පැවැත්වූ දේශණා මාලාව.

April 9th, 2016

Posted In:

Leave a Comment

 

2016 මාර්තු මස 22 මැදින් පුර පෝය දින, දිගහවතුර මෙහෙණි ආරාමයේ පැවැත් වූ ධර්ම දේශණාව

 

March 22nd, 2016

Posted In:

Leave a Comment

 

2016 මාර්තු මස 06,13,20,27 දින වල ගම්පොල ගලගෙඩියාව, කිරින්ද ආදර්ශ විදුහලේ පැවැත්වූ භාවනා වැඩසටහන

 

March 6th, 2016

Posted In:

Leave a Comment

2016 පෙබරවාරි 19 දින සිට 26 දින දක්වා ඕමාන් රාජ්‍යයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ පැවැත්වූ භාවනා වැඩමුළුව.

 

 

 

February 20th, 2016

Posted In:

Leave a Comment

 

මහණෙනි, මේ ආර්‍ය්‍යවංස සතර අග්‍රයයි දත යුත්තාහ. බොහෝ පැරණියයි දත යුත්තාහ. වංශය (පරපුර) යයි දත යුත්තාහ. අථත් දෙයක් නොවේයයි දත යුත්තාහ. බැහැර නොකරණ ලද්දාහ. පෙර බුදුවරයන් විසිනුදු අත් නොහරින ලදහ. දැනුදු අත් නොහරිත්. අනාගතයෙහිත් අත්නොහරින්නාහ. ශ්‍රමණයන් විසිනුදු, බ්‍රහ්මණයන් විසිනුදු, නුවණැත්තන් විසිනුදු ගර්‍හා නොකරණ ලද්දාහ. කවර සතර දෙනෙක්ද යත්?

 

මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ලැබුණු යම්කිසි සිවුරකින් සතුටුවූයේ වේද, ලැබුණු යම්කිසි සිවුරක් ගැන සතුටුවීමෙහි ගුණ කියන්නේ වේද, සිවුරක් නිසා නුසුදුසු සෙවීමකට නොපැමිණෙයි. සිවුරු නොලැබීම හේතුකොටගෙන නොතැවෙයි. සිවුරු ලැබද, එහි නොඇලුණේ, මුසපත් නොවූයේ, නොගිලුණේ,ආදීනව දකිමින්, සසරින් නික්මීමේ නුවණින් යුක්තව පරිභොග කරයිද, ලැබුණු යම්කිසි සිවුරකින් සතුටුවීමෙන් තමන් උසස්කොට නොසිතයිද, අනුන් පහත්කොට නොසිතයිද

 

ලද දෙයින් සතුටුවීමෙහි දක්‍ෂවූයේ, අලස නොවූයේ, නුවණින් හා සිහියෙන් යුක්තවූයේ වෙයි. මහණෙනි, මේ මහණ තෙම අග්‍රයයි දත යුතු පැරණි ආර්‍ය්‍ය වංශයෙහි සිටියේය.

 

මහණෙනි, නැවතද භික්‍ෂු තෙමේ ලැබුණු යම්කිසි පිණ්ඩපාතයකින් සතුටුවූයේ වේද, ලැබුණු යම්කිසි පිණ්ඩපාතයකින් සතුටුවීමේ ගුණ කියන්නේ වේද,පිණ්ඩපාත හේතුවෙන් නුසුදුසු සෙවීමකට නොපැමිණේද පිණ්ඩපාතය නොලැබීම නිසා නොතැවෙයිද. පිණ්ඩපාතය ලැබද, එහි නොඇලුණේ, තෘෂ්ණාවෙන් මුසපත් නුවූයේ, නොගිලුණේ, ආදීනව දකිමින්, සසරින් මිදීමේ නුවණින් යුක්තව වළඳයිද,ඒ ලැබුණු යම්කිසි පිණ්ඩපාතයකින් සතුටුවීමෙන් තමන් උසස්කොට නොසිතයිද,අනුන් පහත්කොට නොසිතයිද, හෙතෙමේ

 

ලද දෙයින් සතුටුවීමෙහි දක්‍ෂවූයේ, අලස නොවූයේ, නුවණින් හා සිහියෙන් යුක්තවූයේ වෙයි. මහණෙනි, මේ මහණ තෙම අග්‍රයයි දත යුතු පැරණි ආර්‍ය්‍ය වංශයෙහි සිටියේය.

 

මහණෙනි, නැවතද භික්‍ෂු තෙමේ ලැබුණු යම්කිසි සෙනසුනකින් සතුටුවූයේ වේද,ලැබුණු යම්කිසි සෙනසුනකින් සතුටුවීමේ ගුණ කියන්නේ වේද, සෙනසුන් හේතුවෙන් නුසුදුසු සෙවීමකට නොපැමිණේද සෙනසුනක් නොලැබීම නිසා නොතැවෙයිද. සෙනසුන ලැබද, ලොභ නුවූයේ, තෘෂ්ණාවෙන් මුසපත් නුවූයේ,නොගිලුණේ, ආදීනව දකිමින්, සසරින් මිදීමේ නුවණින් පරිභොග කරයිද, ඒ ලැබුණු යම්කිසි සේනාසනයකින් සතුටුවීමෙන් තමන් උසස්කොට නොසිතයිද,අනුන් පහත්කොට නොසිතයි,

 

ලද දෙයින් සතුටුවීමෙහි දක්‍ෂවූයේ, අලස නොවූයේ, නුවණින් හා සිහියෙන් යුක්තවූයේ වෙයි. මහණෙනි, මේ මහණ තෙම අග්‍රයයි දත යුතු පැරණි ආර්‍ය්‍ය වංශයෙහි සිටියේය.

 

මහණෙනි, නැවතද භික්‍ෂුතෙම භාවනාවෙහි කැමැත්ත ඇත්තේ වේද, භාවනාවෙහි ඇලුනේ වේද, කෙලෙස් ප්‍රහාණයෙහි කැමැත්ත ඇත්තේද, කෙලෙස් ප්‍රහාණයෙහි ඇලුනේ වේද, ඒ භාවනාවෙහි කැමැත්තෙන්, භාවනාවෙහි ඇල්මෙන්, කෙලෙස් පහ කිරීමෙහි කැමැත්තෙන්, කෙලෙස් පහ කිරීමෙහි ඇල්මෙන්, තමා උසස් කොට නොසිතයි. අනුන් පහත් කොට නොසිතයි.

 

හෙතෙමේ එහි දක්‍ෂ වූයේ නොමැළි වූයේ. මනාව දන්නා නුවණින්ද, සිහියෙන්ද යුක්තවූයේ වෙයි. මහණෙනි, මේ මහණ තෙම අග්‍රයයි දතයුතු පුරාණ ආර්‍ය්‍ය වංශයෙහි සිටියේය.

 

මහණෙනි, මේ ආර්‍ය්‍ය වංශ සතර අග්‍රයයි දත යුත්තාහ. බොහෝ පැරණියයි දත යුත්තාහ. වංශයයි දත යුත්තාහ. අළුත් දෙයක් නොවේයයි දත යුත්තාහ. බැහැර නොකරණ ලද්දාහ. පෙර බුදුවරයන් විසිනුදු ඉවත් නොකරණ ලදහ. දැනුදු අත් නොහරිත්. අනාගතයෙහිත් අත් නොහරිත්. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද, ගර්‍හා නොකරණ ලදී.

 

මහණෙනි, මේ සතර ආර්‍ය්‍ය වංශයෙන් යුක්තවූ භික්‍ෂුව ඉදින් පෙරදිග වසන්නේද,හෙතෙමේම අරතිය (සසුන්හි නොඇල්ම) යටපත් කරයි. අරතිය තොමෝ ඔහු යටපත් නොකරයි. ඉදින් පච්ඡිම දිශාවෙහි වාසය කරන්නේද, හෙතෙමේම අරතිය යටපත් කරයි. අරති තොමෝ ඔහු යටපත් නොකරයි. උතුරු දිශාවෙහි ඉදින් වසන්නේද, හෙතෙමේම අරතිය යටපත් කරයි. අරති තොමෝ ඔහු යටපත් නොකරයි. දකුණු දිසාවෙහි වසන්නේද, හෙතෙමේ අරතිය යටපත් කරයි. අරති තොමෝ ඔහු යටපත් නොකරයි. ඊට හේතු කවරේද? ප්‍රාඥ තෙමේ, අරතියද, පඤ්ච කාම ගුණයන්හි ඇලීමද, අභිභවනය කරන්නේය.

 

අරති තොමෝ වීර්‍ය්‍යවන්තයා අභිභවනය නොකරයිද, එහෙයින් අරතිය ධීරයා යටපත් නොකරයි. ධීර තෙමේ අරතිය අභිභවනය කරයිද, එහෙයින් ධීරයා අරතිය මඩින්නේ නම් වේ. සියලු ත්‍රෛභූමික ධර්‍මයන් පිරිසිඳ, කෙලෙසුන් පහකොට සිටි ඔහු, කවර නම් රාග, දෝෂ, මොහයෙක් වලක්වන්නේද? ජාම්බොනද ස්වර්‍ණයක් වැනි ඔහුට කවරෙක් නින්‍දා කිරීමට සුදුසුද? ඔහුට දෙවියෝද ප්‍රශංසා කරත්. බ්‍රහ්මයා විසිනුදු ප්‍රශංසා කරණ ලදී.

 

(අඞ්‌ගුත්‌තර නිකාය – චතුක්ක නිපාතය – උරුවෙල වර්ගය- අරියවංස සූත්‍රය)

 

විවිධ වැඩමුළු තුලදී දේශණා කරණ ලද අරියවංශ සුත්‍රය ආශ්‍රිත දේශණා,

February 14th, 2016

Posted In:

Leave a Comment

« Previous PageNext Page »

Nonprofit (2016Nov)  –  Powered by Pixalogy.lk