0777304415 , 0703300135     info@medamawatha.lk

 

‘‘භාවනං අනනුයුත්තස්ස, භික්ඛවෙ, භික්ඛුනො විහරතො කිඤ්චාපි එවං ඉච්ඡා උප්පජ්ජෙය්‍ය – ‘අහො වත මෙ අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චෙය්‍යා’ති, අථ ඛ්වස්ස නෙව අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චති. තං කිස්ස හෙතු? ‘අභාවිතත්තා’තිස්ස වචනීයං. කිස්ස අභාවිතත්තා? චතුන්නං සතිපට්ඨානානං, චතුන්නං සම්මප්පධානානං, චතුන්නං ඉද්ධිපාදානං, පඤ්චන්නං ඉන්ද්‍රියානං, පඤ්චන්නං බලානං, සත්තන්නං බොජ්ඣඞ්ගානං, අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස.

‘‘සෙය්‍යථාපි, භික්ඛවෙ, කුක්කුටියා අණ්ඩානි අට්ඨ වා දස වා ද්වාදස වා. තානස්සු කුක්කුටියා න සම්මා අධිසයිතානි, න සම්මා පරිසෙදිතානි, න සම්මා පරිභාවිතානි . කිඤ්චාපි තස්සා කුක්කුටියා එවං ඉච්ඡා උප්පජ්ජෙය්‍ය – ‘අහො වත මෙ කුක්කුටපොතකා පාදනඛසිඛාය වා මුඛතුණ්ඩකෙන වා අණ්ඩකොසං පදාලෙත්වා සොත්ථිනා අභිනිබ්භිජ්ජෙය්‍යු’න්ති, අථ ඛො අභබ්බාව තෙ කුක්කුටපොතකා පාදනඛසිඛාය වා මුඛතුණ්ඩකෙන වා අණ්ඩකොසං පදාලෙත්වා සොත්ථිනා අභිනිබ්භිජ්ජිතුං. තං කිස්ස හෙතු? තථා හි, භික්ඛවෙ, කුක්කුටියා අණ්ඩානි න සම්මා අධිසයිතානි, න සම්මා පරිසෙදිතානි, න සම්මා පරිභාවිතානි. එවමෙවං ඛො, භික්ඛවෙ, භාවනං අනනුයුත්තස්ස භික්ඛුනො විහරතො කිඤ්චාපි එවං ඉච්ඡා උප්පජ්ජෙය්‍ය – ‘අහො වත මෙ අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චෙය්‍යා’ති, අථ ඛ්වස්ස නෙව අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චති. තං කිස්ස හෙතු? ‘අභාවිතත්තා’තිස්ස වචනීයං. කිස්ස අභාවිතත්තා? චතුන්නං සතිපට්ඨානානං, චතුන්නං සම්මප්පධානානං, චතුන්නං ඉද්ධිපාදානං, පඤ්චන්නං ඉන්ද්‍රියානං, පඤ්චන්නං බලානං, සත්තන්නං බොජ්ඣඞ්ගානං, අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස.

‘‘භාවනං අනුයුත්තස්ස, භික්ඛවෙ, භික්ඛුනො විහරතො කිඤ්චාපි න එවං ඉච්ඡා උප්පජ්ජෙය්‍ය – ‘අහො වත මෙ අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චෙය්‍යා’ති, අථ ඛ්වස්ස අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චති. තං කිස්ස හෙතු? ‘භාවිතත්තා’තිස්ස වචනීයං. කිස්ස භාවිතත්තා? චතුන්නං සතිපට්ඨානානං, චතුන්නං සම්මප්පධානානං, චතුන්නං ඉද්ධිපාදානං, පඤ්චන්නං ඉන්ද්‍රියානං, පඤ්චන්නං බලානං, සත්තන්නං බොජ්ඣඞ්ගානං, අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස.

‘‘සෙය්‍යථාපි , භික්ඛවෙ, කුක්කුටියා අණ්ඩානි අට්ඨ වා දස වා ද්වාදස වා. තානස්සු කුක්කුටියා සම්මා අධිසයිතානි, සම්මා පරිසෙදිතානි, සම්මා පරිභාවිතානි . කිඤ්චාපි තස්සා කුක්කුටියා න එවං ඉච්ඡා උප්පජ්ජෙය්‍ය – ‘අහො වත මෙ කුක්කුටපොතකා පාදනඛසිඛාය වා මුඛතුණ්ඩකෙන වා අණ්ඩකොසං පදාලෙත්වා සොත්ථිනා අභිනිබ්භිජ්ජෙය්‍යු’න්ති, අථ ඛො භබ්බාව තෙ කුක්කුටපොතකා පාදනඛසිඛාය වා මුඛතුණ්ඩකෙන වා අණ්ඩකොසං පදාලෙත්වා සොත්ථිනා අභිනිබ්භිජ්ජිතුං. තං කිස්ස හෙතු? තථා හි, භික්ඛවෙ, කුක්කුටියා අණ්ඩානි සම්මා අධිසයිතානි, සම්මා පරිසෙදිතානි, සම්මා පරිභාවිතානි. එවමෙවං ඛො, භික්ඛවෙ, භාවනං අනුයුත්තස්ස භික්ඛුනො විහරතො කිඤ්චාපි න එවං ඉච්ඡා උප්පජ්ජෙය්‍ය – ‘අහො වත මෙ අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චෙය්‍යා’ති, අථ ඛ්වස්ස අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චති. තං කිස්ස හෙතු? ‘භාවිතත්තා’තිස්ස වචනීයං. කිස්ස භාවිතත්තා? චතුන්නං සතිපට්ඨානානං…පෙ…. අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස.

‘‘සෙය්‍යථාපි, භික්ඛවෙ, ඵලගණ්ඩස්ස (පලගණ්ඩස්ස (?)) වා ඵලගණ්ඩන්තෙවාසිකස්ස වා දිස්සන්තෙව (ඛීයන්තෙ (ක.)) වාසිජටෙ (දිස්සන්ති අඞ්ගුලිපදානි (සී.), අඞ්ගුලපදානි දිස්සන්ති අඞ්ගුලපදං (ක.)) අඞ්ගුලිපදානි දිස්සති (දිස්සන්ති (ස්‍යා.)) අඞ්ගුට්ඨපදං (දිස්සන්ති අඞ්ගුලිපදානි (සී.), අඞ්ගුලපදානි දිස්සන්ති අඞ්ගුලපදං (ක.)). නො ච ඛ්වස්ස එවං ඤාණං හොති – ‘එත්තකං මෙ අජ්ජ වාසිජටස්ස ඛීණං, එත්තකං හිය්‍යො, එත්තකං පරෙ’ති, අථ ඛ්වස්ස ඛීණෙ ‘ඛීණ’න්තෙව ඤාණං හොති. එවමෙවං ඛො, භික්ඛවෙ, භාවනං අනුයුත්තස්ස භික්ඛුනො විහරතො කිඤ්චාපි න එවං ඤාණං හොති – ‘එත්තකං මෙ අජ්ජ ආසවානං ඛීණං, එත්තකං හිය්‍යො, එත්තකං පරෙ’ති, අථ ඛ්වස්ස ඛීණෙ ‘ඛීණ’න්තෙව ඤාණං හොති.

‘‘සෙය්‍යථාපි , භික්ඛවෙ, සාමුද්දිකාය නාවාය වෙත්තබන්ධනබද්ධාය (වෙත්තබන්ධාය (ක.)) ඡ මාසානි උදකෙ පරියාදාය හෙමන්තිකෙන ථලෙ උක්ඛිත්තාය වාතාතපපරෙතානි බන්ධනානි, තානි පාවුස්සකෙන මෙඝෙන අභිප්පවුට්ඨානි අප්පකසිරෙනෙව පරිහායන්ති (පටිප්පස්සම්භන්ති (සී. ස්‍යා.)), පූතිකානි භවන්ති. එවමෙවං ඛො, භික්ඛවෙ, භාවනං අනුයුත්තස්ස භික්ඛුනො විහරතො අප්පකසිරෙනෙව සංයොජනානි පටිප්පස්සම්භන්ති, පූතිකානි භවන්තී’’ති. සත්තමං.

 

 

“මහණෙනි, භාවනාවෙහි නොයෙදී වාසය කරන්නාවූ භික්‍ෂුවට මෙසේ කිසියම් අදහසක් උපදනේය. (එනම්) ‘ආශ්‍රවයන්ගෙන් දැඩිව නොගෙන මාගේ සිත මිදෙන්නේ නම් යෙහෙක’ (යනුවෙනි.) ඉක්බිති ඔහුගේ ආශ්‍රවයන්ගෙන් දැඩිව නොගෙන සිත නොමිදේමය. එයට හේතු කවරේද? නොවඩන ලද බැවිනැයි කියයුතු වන්නේය. කවරකගේ නොවැඩීමෙන්ද?
“සතර සතිපට්ඨානයන්ගේද, සතර සම්‍යක් ප්‍රධානයන්ගේද, සතර ඎද්‍ධිපාදයන්ගේද, පඤ්චෙන්‍ද්‍රියයන්ගේද, පංච බලයන්ගේද, සප්තබොධ්‍යඞ්ගයන්ගේද, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගයාගේද (නොවැඩීමෙනි.)

“මහණෙනි, (1) අටක් හෝ, දශයක් හෝ, දොළසක් හෝ, බිජුවට වෙද්ද, ඒවා කිකිළිය මනාකොට එහි සයනය කොට නොරකින ලද්දේද, මනාකොට උණුසුම් කරණ ලද්දේ නොවේද, මනාකොට පරිහරණය කරණ ලද්දේ නොවේද, මෙසේ ඒ කිකිළියට කිසියම් අදහසක් වන්නේය. (2) (එනම්) මාගේ කුකුළු පැටව් පා නිය අගින් හෝ, හොට තුඩින් හෝ, බිජුවටය පලාගෙන සුවසේ උපදනේ නම් යෙහෙක’ (යනුවෙනි.) එසේ නමුදු ඒ කුකුළු පැටව් පා නිය අගින් හෝ, හොට තුඩින් හෝ, බිජුවටය පලාගෙන සුවසේ උපදින්ට නුසුදුසුමය. එයට හේතු කවරේද? (3) මහණෙනි, ඒ එසේමය. ඒ කිකිළියගේ බිජුවට මනාකොට එය මත ලැග නොරැක්කාහු වෙති. මනාකොට උණුසුම් නොකරණ ලද්දාහු වෙති. මනාකොට පරිහරණය නොකරණ ලද්දාහු වෙති.

“මහණෙනි, එපරිද්දෙන්ම භාවනාවෙහි නොයෙදෙමින් වාසය කරන්නාවූ භික්‍ෂුවට මෙසේ කිසියම් අදහසක් උපදනේය. (එනම්) ‘ආශ්‍රවයන්ගෙන් දැඩිව නොගෙන මාගේ සිත මිදෙන්නේ නම් අනේ යෙහෙක’ යනුවෙනි. එසේ නමුත් ඔහුගේ සිත ආශ්‍රවයන්ගෙන් දැඩිව නොගෙන නොමිදෙන්නේය. එයට හේතු කවරේද? ඔහු විසින් නොවඩන ලද බැවිනැයි කිය යුතුය. කවරක් නොවඩන ලද බැවින්ද සතර සතිපට්ඨානයන්ගේද, සතර සම්‍යක් ප්‍රධානයන්ගේද, සතර ඎද්‍ධිපාදයන්ගේද, පඤ්චෙන්‍ද්‍රියයන්ගේද, පංච බලයන්ගේද, සප්තබොධ්‍යඞ්ගයන්ගේද, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගයාගේද (නොවැඩීමෙනි.)

“මහණෙනි, භාවනාවෙහි යෙදෙමින් වාසය කරන්නාවූ භික්‍ෂුවට මෙසේ කිසියම් අදහසක් නූපදනේද, ‘මාගේ සිත දැඩිව නොගෙන ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ නම් යෙහෙක’ යනුවෙනි. ඉක්බිති ඔහුගේ සිත ආශ්‍රවයන් දැඩිව නොගෙන මිදෙන්නේය. ඊට හේතු කවරේද? (2) වඩන ලද බැවිනැයි කියයුතුය. කුමක් වඩන ලද බැවින්ද සතර සතිපට්ඨානයන්ගේද, සතර සම්‍යක් ප්‍රධානයන්ගේද, සතර ඎද්‍ධිපාදයන්ගේද, පඤ්චෙන්‍ද්‍රියයන්ගේද, පංච බලයන්ගේද, සප්තබොධ්‍යඞ්ගයන්ගේද, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගයාගේද (වැඩීමෙනි.)

“මහණෙනි, යම්සේ කිකිළියගේ බිජුවට අටක් හෝ, දශයක් හෝ, දොළසක් හෝ වෙද්ද, ඒවා කිකිළිය විසින් එහි මත ලැග රැක්කාහු, මනාකොට උණුසුම් කරණ ලද්දාහු, මනාකොට පරිහරණය කරණ ලද්දාහු වෙති. ඒ කිකිළියට කිසියම් මෙබඳු අදහසක් නූපදනේය. (එනම්) මාගේ කුකුළු පැටව් පා නිය අගින් හෝ, හොට තුඩින් හෝ, බිජුවටය පලාගෙන සුවසේ උපදනේ නම් යෙහෙක’ (යනුවෙනි.) එසේ නමුදු ඒ කුකුළු පැටව් පා නිය අගින් හෝ, හොට තුඩින් හෝ, බිජුවටය පලාගෙන සුවසේ උපදින්ට නුසුදුසුමය. එයට හේතු කවරේද? මහණෙනි, කිකිළියගේ බිජුවට එහි මත ලැග රකින ලද්දාහු, උණුසුම් කරණ ලද්දාහු මනාකොට පරිහරණය කරණ ලද්දාහු වෙති.

“මහණෙනි, භාවනාවෙහි යෙදෙමින් වාසය කරන්නාවූ භික්‍ෂුවට මෙසේ කිසියම් අදහසක් නූපදනේද, ‘මාගේ සිත දැඩිව නොගෙන ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ නම් යෙහෙක’ යනුවෙනි. ඉක්බිති ඔහුගේ සිත ආශ්‍රවයන් දැඩිව නොගෙන මිදෙන්නේය. ඊට හේතු කවරේද? එසේ නමුත් ඔහුගේ සිත වඩන ලද බැවිනැයි කිය යුතුයි. කුමක් වඩන ලද බැවින්ද සතර සතිපට්ඨානයන්ගේද, සතර සම්‍යක් ප්‍රධානයන්ගේද, සතර ඎද්‍ධිපාදයන්ගේද, පඤ්චෙන්‍ද්‍රියයන්ගේද, පංච බලයන්ගේද, සප්තබොධ්‍යඞ්ගයන්ගේද, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගයාගේද (වැඩීමෙනි.)

“මහණෙනි, යම් සේ ලී අසින්නාට හෝ ඔහුගේ අතවැසියාට හෝ වෑ මිට පෙනේමය. ඇඟිලි ලකුණු පෙනේමය. එහුට මෙබඳු ඥානයක් නොවෙයි. (එනම්) අද මෙපමණ වෑ මිට ගෙවුණේ විය. ඊයේ මෙපමණය. පෙරේදා මෙපමණය. ඉක්බිති, ඔහුට ගෙවුණෙහි ගෙවුණේයයි ඥානය ඇතිවෙයි.

“මහණෙනි, එපරිද්දෙන්ම භාවනාවෙහි යෙදෙමින් වෙසෙන්නාවූ භික්‍ෂුවට කිසියම් මෙබඳු ඥානයක් නොවෙයි. ‘අද මෙපමණ මාගේ ආශ්‍රවයෝ ක්‍ෂයවූහ. ඊයේ මෙපමණකින්ය. පෙරේදා මෙපමණකින්ය.’ ඉක්බිති ඔහුට ක්‍ෂයවූවෙහි, ක්‍ෂයවූයේය යන ඥානය වෙයි. මහණෙනි, යම්සේ සමසක් ජලයෙන් වටව තිබුණ, හේමන්ත කාලයෙහි ගොඩ තබන ලද, වේවැල් වලින් බඳින ලද, මුහුදු නැව, අවු සුළං වැදුනේ, මනාකොට වැසි කාලයෙහි මහා මේඝයෙන් තෙමුණේ, පහසුවෙන්ම ඒ බැදුම් නැතිවී යත්. කුණු වෙත්. මහණෙනි, එපරිද්දෙන්ම භාවනාවෙහි යෙදුණ භික්‍ෂුවට පහසුවෙන්ම සංයෝජනයන් නැතිවෙත්. කුණුවී යත්.”

 

(අඞ්‌ගුත්‌තර නිකාය – සත්තකනිපාතපාලි – මහා වග්ගය – භාවනානුයුක්ත සූත්‍රය)

 

Nonprofit (2016Nov)  –  Powered by Pixalogy.lk