0777304415 , 0703300135     info@medamawatha.lk

 

panchaskanda

 

  • බුදුදාහමේ හරය චතුරාර්‍ය්‍යසත්‍ය යයි.
  • නමුත් චතුරාර්‍ය්‍යසත්‍ය පැහදිලි කිරිම පංචඋපාධානස්ඛන්ධය මගින් කරනු ලබයි එනම්,

    දුඃඛාර්‍ය්‍යසත්‍ය             =   පංචස්ඛන්ධය උපාධාන විමයි

     

    දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍ය    = පංචස්ඛන්ධය උපාධාන විමට හේතුව තණ්හාවයි

     

    දුඃඛනිරොධාර්‍ය්‍යසත්‍ය  = පංචස්ඛන්ධය උපාධාන නොමැති ස්ථානය

     

    දුක්ඛනිරොධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය    = පංචස්ඛන්ධය උපාධාන නොමැති ස්ථානයට ගමන් මග

     

  • ඉහත කාරණා අනුව පැහැදිලි වන්නේ බුදුදාහම තේරැම් ගැනීමට පංචස්ඛන්ධය හා පංචඋපාධානස්ඛන්ධය තේරැම් ගැනීම අත්‍යවශය්‍ය බවයි.
  • ධර්මයේ පංචනීවර්ණ මගින් නිවන ආවර්ණය කරණ බව පැහැදිලි කරයි එනම් පංචඋපාධානස්ඛන්ධය ආවරණය කිරීම පංචනීවර්ණ මගින්ම සිදුකරනු ලබයි. මෙයින් පංචඋපාධානස්ඛන්ධය සම්බන්ධව වැදගත් ධර්මයක් පැහැදිලිවෙ එනම් පංචනීවරණ මානසික ධර්මයක් බැවින් පංචඋපාධානස්ඛන්ධයද මානසික ධර්මයක් විය යුතුයි.
  • දීඝ නිකායේ මහා සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානු පස්සනාවෙ පෙලගස්සවා ඇති ධර්ම කරුණු නීවර්ණ පබ්බය,පංචඋපාධානස්ඛන්ධ පබ්බය, ආයතන පබ්බය, බොජ්ජංඟ පබ්බය,චතුර්‍ය්‍යසත්‍ය පබ්බය, වශයෙනි මෙමගින් පහතින් පෙන්වා ඇති ආකාරයට පංචඋපාධානස්ඛන්ධ සම්බන්ධ තොරතුරු ලබාගත හැකිවේ.  නීවර්ණ  පබ්බය, පංචඋපාධානස්ඛන්ධ පබ්බය,  ආයතන පබ්බය,  බොජ්ජංඟ පබ්බය, චතුර්‍ය්‍යසත්‍ය පබ්බය.

 

 i.  පංචඋපාධානස්ඛන්ධය ආවරණය කිරීම පංචනීවර්ණ මගින්ම සිදුකරනු ලබයි

 

ii.  පංචඋපාධානස්ඛන්ධය සකස්වීම ඇස්,කණ්, නාශා, දිව කය, මන යන ආයතන මගින් සිදුකරනු ලබයි.

 

iii. පංචඋපාධානස්ඛන්ධය උපාධාන විම නැවැත්වීමේ වැඩ පිලිවෙල  සප්ත බොජ්ජංඟ ධර්ම වැඩීමයි.

 

iv. පංචස්ඛන්ධය උපාධාන නොවන අවස්ථාව චතුර්‍ය්‍යසත්‍ය දැකීම හෙවත් සම්මාදිට්ඨිය ලැබිමයි .

 

  • ඉහත පෙන්වා ඇති ධර්ම කරුණු හා පහතින් හදුන්වා ඇති ධර්ම කරුණු සැලකිල්ලට ගෙන පංචස්ඛන්ධය තෙරුම්ගැනිමට උත්සහගන්න.  පංචස්ඛන්ධය මනෝමය දෙයක් බව.  ඇස්,කණ්, නාසා, දිව කය, මන යන ආයතන මගින්    පංචස්ඛන්ධය හටගන්නා බව.  ඉතා කුඩා කාලයක් (මොහොතක්) තුල ඇස්වලට පෙනෙන සියලුම රෑප මගින් ඇතිකරණ  මනොරැපයන් එම කාලයේ පංචස්ඛන්ධයේ කොටස්බව, මේ ආකාරයටම ඉතිරි ආයතන පහ මගින් ද      ඇතිකරණ මනොරූපයන් පංචස්ඛන්ධය සකස්කරණ බව.

 

 i.  ඉහත මනොරැපයන්ගෙන් එකක් එක්වරකට උපාධානයට හසුවන බව.

 

 ii. එක් මනොරූපයක් තුල රෑප, වේදනා,සඤ්ඤා,සංස්කාර,විඤ්ඤාණ යන අංග පහ ඇතුලත් බව.

 

iii. එක් මනොරැපයක්  එක්වරකට උපාධාන වීම පංචඋපාධානස්ඛන්ධය ලෙස හදුන්වන බව.

 

පංචස්කන්ධය හා පංචඋපාධානස්ඛන්ධය සම්බන්ඳව වැඩිදුර අධ්‍යනය කිරීම සඳභා පහතින් දක්වා ඇති ධර්මදෙශනා ශ්‍රවණය කරන්න.

 

 දුඃඛාර්‍ය්‍යසත්‍යය

“කතමඤ්ච භික්ඛවේ දුක්ඛං අරියසච්චං? ඡාතිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, සෝකපරිදේව, දුක්ඛදෝමස්සුපායාසාපි දුක්ඛා අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ජං න ලභති තම්පි දුක්ඛං සඬ්ඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා.”

(ඇවත්නි, දුඃඛාර්‍ය්‍යසත්‍යය කවරෙ ද : ජාතිය  දුකවේ, ජරාව දුකවේ, මරණය දුකවේ, ශොකය දුකවේ, පරිදෙවය දුකවේ,  දුඃඛය දුකවේ,  දෞර්‍මනස්‍යදුකවේ,   උපායාසයෝ දුකවේ,අප්‍රියදෙය ලැබීම දුකවේ,ප්‍රියදෙය නොලැබීම දුකවේ, කැමතිදෙය නොලැබිම දුකවේ, සැකෙවින් පඤ්චොපාදනස්කන්ධයෝ දුකවේ.)

1. ඉහතින් දක්වා ඇත්තේ මාහා සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානු පස්සනාව යටතේ දුඃඛාර්‍ය්‍යසත්‍යය පැහැදිලි කර ඇති ආකාරයයි.

 

2. මෙහිදී ජාතිය, ජරාව, මරණය, ශෝකය, පරිදේවය, දුඃඛ,දෞර්‍මනස්‍ය, උපායාසය, අප්‍රියදෙය ලැබීම, ප්‍රියදෙය නොලැබීම, කැමතිදෙය නොලැබිම  වශයෙන් දුකේ අවස්ථා 11 ක් පෙන්වා ඇත. නමුත් විස්තර කිරීමේදී අවසාන අවස්ථා 3 එක කරුණක් වශයෙන් ගෙන තිබේ.

 

3. මෙහි ජාතිය,ජරාව,මරණය පමණක් ස්වභාවධර්මයේ පවතින අතර ඉතිරි ඒවා සත්ව පුද්ගලභාවය අනුව මනසින් සකස්කර ගන්නා දෙවල්වේ.

 

4. එනම් ශෝකය, පරිදෙවය, දුඃඛ,දෞර්‍මනස්‍ය, උපායාසය, අප්‍රියදෙය ලැබීම, ප්‍රියදෙය නොලැබීම, කැමතිදෙය නොලැබිම ආදී  දුක්, ජාතිය,ජරාව,මරණ යන ධර්ම වල කියාකාරිත්වය අනුව මනසින් සකස් කර ගන්නා දෙවල්වේ.

 

5. සත්ව පුද්ගලභාව අනුව මනසින් සකස් කර ගැනීම , උපාධාන වීම ලෙස ගතයුතුවේ.

 

6. සත්වයකුට ජාතිය, ජරාව, මරණයද දුකක් වන්නේ එම ස්වභාවයන් උපාධානය වනවිට පමණකි.

 

7. සත්වයකුට දුකක් වන්නේ එම ස්වභාවයන් උපාධානය වනවිට පමණකි.

 

මේ අනුව සියළුම දුක් හට ගැනීම උපාධානය මගින් සිදුවන බැවින්,

 

” “සඬ්ඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා.”   – සැකෙවින් පඤ්චොපාදනස්කන්ධයෝ දුකවේ

 

දුඃඛාර්‍ය්‍යසත්‍යය සම්බන්ධව වැඩිදුර අධ්‍යනය කිරීම සඳභා පහතින් දක්වා ඇති ධර්මදේශනා ශ්‍රවණය කරන්න.

 

දුඃඛසමුදයර්‍ය්‍ය සත්‍යය

 “කතමඤ්ච භික්ඛවේ දුක්ඛසමුදයං අරියසච්චං?යායං තණ්හා පොනොභවිකා නන්දිරාගසහගතා තත්‍ර තත්‍රාභිනන්දිනී?සෙය්‍යථිදං කාමතණ්හා භවතණ්හා විභවතණ්හා.”
(මහණෙනි දුඃඛසමුදයර්‍ය්‍ය සත්‍යය කවරේද යත් නැවත නැවත ඉපැදීම කරන්නාවූ, අරමුණෙහි ඇලෙන,අරමුණෙන් අරමුණට මාරු වන යම් තෘෂ්ණාවක් වේ ද? ඒ කවරෙදයත් කාමතණ්හා භවතණ්හා විභවතණ්හා වේ.)

 

ඉහත තොරතුරු අනුව දුඃඛසමුදයර්‍ය්‍ය සත්‍යය සම්බන්ධව පහතින් පෙන්වා ඇති කරුනු සැලකිල්ලට ගන්න.

 

  • දුකට හේතුව තණ්හාව බව.
  • කාමතණ්හා ,භවතණ්හා ,විභවතණ්හා වශයෙන් තණ්හාවේ ආකාර තුනක් ඇති බව.
  • තණ්හාව තුල නැවත නැවත ඉපැදීම,අරමුණෙහි ඇලෙන බව, අරමුණෙන් අරමුණට මාරුවන බව, වශයෙන් හැකියාවන් තුනකින් යුක්ත බව.
  • කාමතණ්හාව මගින් අරමුණෙහි ඇලීම සිදුකරයි. භවතණ්හාව මගින් අරමුණෙහි උපෙක්ෂාව සිදුකරයි.  විභවතණ්හාව මගින් අරමුණෙහි ගැටීම සිදුකරයි.
  • තණ්හාවේ ඇති “පොනොභවිකා” ගුණයෙන් නැවත නැවත අරමුණු ගැනීම සිදුකරයි. තණ්හාවේ ඇති “නන්දිරාගසහගතා ගුණයෙන් අරමුණෙහි ඇලීම, උපෙක්ෂාව,ගැටීම, සිදුකරයි.  තණ්හාවේ ඇති “තත්‍ර තත්‍රාභිනන්දිනී ගුණයෙන් ඇස්,කන් නාශා ආදි ඉන්ද්‍රීයන්ට මාරැවීම සිදුකරයි.  මෙය බුදුධහාමේ පෙන්නුම් කරණ සත්ව ක්‍රියාවලිය හෙවත් සංසාරයයි.
  • දුඃඛාර්‍ය්‍යසත්‍යය යනු පංචස්ඛන්ධය උපාධාන වීම බැවින්, තණ්හාවේ ඇති “පොනොභවිකා” ගුණයෙන් නැවත නැවත පංචස්ඛන්ධය උපාධාන වීම සිදුකරයි. තණ්හාවේ ඇති “නන්දිරාගසහගතා ගුණයෙන් පංචස්ඛන්ධය උපාධානය තුල ඇලීම, උපෙක්ෂාව, ගැටීම, සිදුකරයි. තණ්හාවේ ඇති “තත්‍ර  තත්‍රාභිනන්දිනී ගුණයෙන් පංචස්ඛන්ධය උපාධානය ඇස්,කන්,නාසා ආදි ඉන්ද්‍රීයන්ට මාරු වීම සිදුකරයි.

 

වැඩි විස්තර සදහා පහත ධර්ම දේශණා ශ්‍රවණය කරන්න.

 

 

Nonprofit (2016Nov)  –  Powered by Pixalogy.lk