0777304415 , 0703300135     info@medamawatha.lk

 

සදහම් සිතුවිලි 

සතර සතිපට්ඨානය  වඩන්නා වූ භාවනා  යෝගීන් විසින් අප වෙත එවා තිබූ ඔවුනට ආවේණික වූ සිතුවිලි සහ අත්දැකීම් පහතින් දැක්වේ.  ඔබගේ සිතුවිලි සිංහල යුනිකෝඩ් භාවිතා කර  thoughts@medamawatha.lk යන ලිපිනයට අප වෙත යොමුකරන්න.   උචිත අදහස් පලකරනු ලැබේ.

 

එක් කාලයකදී ද්වේශය මට මහත් කරදරයක් වූ දෙයකි. ද්වේශය කෙසේ හෝ පාලනය කල යුතු යයි සිතා නොයෙකුත් දේ මෙනෙහි කෙරුවෙමි උදාහරණ ලෙස මේක සතර අපායට වැටෙන දෙයක්, මේක මහා අකුසල මූලයක්, අයෙමත් මේ ද්වේශයට නම් එන්න දෙන්න නේ නැ කොහොමහරි පාලනය කරගන්නවා යන දේවල් සිතුවෙමි නමුත් සිදු වුයේ ද්වේශය පාලනය වීමක් නොව තවත් ද්වේශය වැඩිවීමත් ද්වේශය ඇතිවුනා කියා නිතර නිතර පසුතැවීම වැඩි වීමත්ය. ඉන්පසු කාලයක් ගුරුවරයෙකුගේ උපදෙස් අනුව දෛනිකව සතර සතිපට්ඨානය වැඩුවෙමි. කාලයත් සමඟ සිදු වුයේ මින් පෙර නොවිඳි දෙයකි වෙනදා මෙන් ද්වේශය පැමිනෙයි නමුත් වෙනසක් ඇත ද්වේශයත් සමඟම නිරායාසයෙන් කයේ වර්තමාන අරමුණකට මගේ අවධානය ලක්වේ මෙය ඇත්තෙන්ම මා විසින් කරන ක්‍රියාවක් නොව නිරායාස ක්‍රියාවලියකි. එවකට එය මාහට අපුරු සිදුවීමකි එක් පැත්තකින් ද්වේශය තවත් පැත්තකින් කයේ වර්තමාන අරමුණකට වේගයෙන් ඇදගෙන යන අවදානයක්. අවසානයේ සිදුවුයේ ද්වේශයට වඩා කයේ වර්තමාන අරමුණට ඇති අවදානයට කෙමෙන් කෙමෙන් මුල්තැන හිමිවන බවය. මෙය සතිපට්ඨානය වැඩීම නිසා ලැබුණු ගුණයක් බව පැහැදිලිවිය. මාගේ ගුරුදේවයන් වහන්සේගෙන් විමසු විට එය තවතවත් ස්ථීර විය. තවද ජීවත්වීමේදී එදිනෙදා ඇතිවෙන පසුතැවිලිවීම් කලකිරීම් වැනි අවස්ථා වලටත් ඉහත කි කායික අවදානය පැමිණි අතර දවසේ වැඩි කාලයක් එම කායික අවදානය මා අත්නොහරින සෙවනැල්ලක් සේ මා තුල ඇති බව හොඳින් පැහැදිලි වී ඇත තවද මේ නිසා වෙනදාට වඩා ප්‍රීතියකින් හා පහසුවෙන් එදිනෙදා ජීවන කටයුතුත් භාවනාවත් කරගෙනයාමට හැකියාව ලැබී ඇති බව හොඳින් වැටහේ. ඉතින් කුමටද ආයාසයක් යොදා සැහැල්ලුවෙන් ප්‍රීතියෙන් ඉන්නට උත්සහ කරන්නේ,  සතිපට්ඨානය වැඩීමෙන් නිරායාසයෙන් එන සැහැල්ලුව ප්‍රීතිය අත් විදින ගමන් තව තවත් සතිපට්ඨානයම බහුලි ගත කිරීමට අදිටන් කර ගත්තෙමි.

මැදමාවතේ පියමනින්නෙක් - කැළණිය

 

 

"තැබිලි පාට කැනාස් පොකුර ලස්සනයි ...සතියකට පස්සෙ ඒකම අද...
ඔන්න දැක්කාද?  මේකයි ඇත්ත...
ඊයේ රෑ දිගටම මහා හයියෙන් වැස්සා.
මල් වලට රිදිලා, ඒත් හ්ම්...... කියන්නෙ නැහැ ., ඇත්ත එක්ක ඉන්න
නිසා...... ඇත්ත දන්නා නිසා...ඔහේ බලන් ඉන්නවා...
අපිටත් අන්න එහෙම ඉන්න තිබුනා නම් දුකක් එයිද?......සිදු වෙන දේ භාර
ගන්නවා. වෙන දේට ඉඩ දෙනවා. ධර්මතාවයක් පමනයි.. ඒකට හැප්පිලා ,කලු ගලේ,
....ඔලුව ගහ ගන්න එක තමයි ලෝභ, ද්වේශ , මෝහ වලින් නැත්නම් අවිද්‍යා මූලික
සිතක් නිසා ලබා දුන්..උරුමය ..සසර..ස්වභාවධර්මය පාඩම් කියනවා, අපට තේරුම්
ගන්න හැකියාව නැහැ.
මේ ආස්වාදය ට ඇලුනා නම්, ආදීනවයට ගැටුනා නම් සසර.. නිස්සරනයම දැක්කා නම්
අන්න .. ඔබ දිනුම්.. පෙර නොඇසූ විරූ දහම පහල වෙලා....මේ මැද ....මැද මාවත
විතරමයි.. එකම සැපය..සදාකාලික සුවය.... "

 

"මොහොතක් මා කියනා දෙය අසන්න...පොත්,එක්ක හැපෙමින් වචන හරඹ තුල සිර වී සිටින ඔබට, යි මේ. ......වචන වලින් ඇත්තටම කියන්න බැරි දෙයක්, ප්‍රත්‍යක්ෂ කර ගන්න වෙන්නෙත් වචන නැති තැන, තමා ම අවබෝධ කොට, තමා ඒ අවබෝධය බවට ම පත් වූ විටයි.......... එතෙක් .... වචන හරඹ නවතා, මොහොතකට හිත නවතා, තමා දෙසට හිත යොමු කරන්න.  ටිකෙන් ටික තම තමාගේ ඇතුලට හිත යොමු වේවි...නිහඩ ව නිසොල්මනේ ඉන්න.. ..වචන වලින් කියන්න බැරි, ඇස ,කන........මනස තුලින් දකින්න බැරි දෙයක් ඔබට දැනේවි... මේ පැල කරන බීජය මහා ගසක් සේ වැඩේවි, ඔබත් නොදැන...ඔබ ඊට ඉඩ දෙන්න වැඩෙන්න ...මේ මග වැඩෙන විට ඔබ, ඔබ තුලින් ඔබවම දකීවි.. ......... "

 

Nonprofit (2016Nov)  –  Powered by Pixalogy.lk