0777304415 , 0703300135     info@medamawatha.lk

 

 

[ එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය: ]

කති ජාගරතං සුත්‌තා, කති සුත්‌තෙසු ජාගරා

කතිභි රජමාදෙති, කතිභි පරිසුජ්‌ඣතීති.

 

(කීදෙනකුන්) නිදි වරද්දී කීදෙනෙකු නිදි ගත්තාහු වෙත් ද?  

(කීදෙනකුන්) නිදද්දී කීදෙනෙක් නිදිවරන්නෝ වෙත් ද?  

කෙතෙකින් (කෙලෙස්) රජස් ගණි ද?  කෙතෙකින් පිරිසිදු වේ ද?

 

[ භගවා: ]

පඤ්‌ච ජාගරතං සුත්‌තා, පඤ්‌ච සුත්‌තෙසු ජාගරා,

පඤ්‌චභි රජමාදෙති, පඤ්‌චභි පරිසුජ්‌ඣතීති.

 

පස් දෙනෙකුන් (පඤෙචන්‍ද්‍රිය ධර්‍මයන්)  නිදි වරද්දී පස්දෙනෙකුන් (පඤච නීවරණයෝ) නිදිගත්තාහු වෙත්.

පස්දෙනකුන් නිදද්දී පස්දෙනෙක් නිදි වරන්නෝ වෙත්.  

පසෙකින් (පඤච නීවරණයෝ) කෙලෙස් රජස් ගණී. පසෙකින් (පඤෙචන්‍ද්‍රිය ධර්‍මයන්)   පිරිසිදු වේ යි.

 

– සංයුත්තනිකාය – දෙවතා සංයූත්තය

 

 

 

 

Nonprofit (2016Nov)  –  Powered by Pixalogy.lk