0777304415 , 0703300135     info@medamawatha.lk

 

 තෙරුවන් සරණයි !!!  

අතිපුජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමියන්, සිය දේශණා වලදී පැහැදිළි කර දෙන ආකාරයට ,

"යමෙක් සතිපට්ඨාණ භාවනාව වඩයි නම් ඔහුගේ පංච නීවරණ යටපත් වූ පසු කායානුපස්සනාව ඉබේ වැඩෙයි."

"යමෙක් කායානුපස්සනාව නිසියාකාරව වඩයි නම් ඔහු බුද්ධ දේශණාව අනුව මළමිනියක් සේ කය කෙරෙහි අවධානයෙන් සිටිය යුතුය. තමන් ඉගෙනගත් හෝ අසන ලද ධර්ම කරුණු ගැන සිතයි නම් කායානුපස්සනාව නිසියාකාරව සිදු නොවේ."

"මෙසේ කායානුපස්සනාව වඩන විට අජත්ත කය , බහිද්ධ කය, සමුදය, වය ආදී ධර්ම කාරණා සමග විපස්සනාව සිදුවේ. මෙවිට ඒ මොහොතේ කායායතනයෙන් හදන පංචස්කන්ධය නිරීක්ෂණයට ලක්වේ."

"මෙවන් පංචස්කන්ධ නිරීක්ෂණයන් තුල තමන්ගේ දැක්මට නිරීක්ෂණය වන්නේ අනිත්‍ය, දුක්ඛ ,අනාත්ම පමණි."

"සම්මාදිට්ඨිය යනු චතුරාර්‍ය සත්‍ය අවබෝධයයි.  චතුරාර්‍ය සත්‍ය නොමැති විට සංසාර ගත සත්‍වයාගේ දිට්ඨිය තුල විවිධාකාර දැක්මයන් පැවතිය හැක. එනමුත් සම්මාදිට්ඨිය ඇති විට දැක්ම තුල අන්තර්ගත වන්නේ චතුරාර්‍ය සත්‍ය පමණි."

"ලෝකෝත්තර ප‍්‍රඥාව ( සම්මා දිට්ඨිය ) සහ දැනුම අතර වෙනස නම්,  දැනුම තුල "මමත්වය" පවතී.  ලෝකෝත්තර සම්මා දිට්ඨිය තුල "මමත්වය" නොමැත."

 

 අතිපුජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමියන් බොහෝ වෙහෙස මහන්සි වී දිවයිනේ විවිධ ස්ථානවල භාවනාමය දේශනා වැඩමුළු පවත්වමින් අප වෙනුවෙන් පැහැදිලි කර දෙනු ලබන තිලෝගුරු බුදුරජාණන්වහන්සේ ගේ අනුශාසනා අතරින්, නිවැරදි ශික්ෂාවෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගයට අවතීර්ණ වී නිවන සාක්ෂාත්කර ගන්නේ කෙසේද? යන නිවැරදි දැක්ම ඔබ සැමට බෙදා දැක්වීම, මැදමාවත වෙබ් අඩවියේ පරම අභිප්‍රායයි.

මෙම වෙබ් අඩවියෙහි පලකරනු ලබන්නේ අතිපුජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමියන් විසින් සැකසු ලිපි සහ ධර්මදේශනා පමණක්ම වන අතර සියලු දෙනාගේ විමුක්තිය උදෙසා අප වෙනුවෙන්ම සිදුකරන්නා වූ අතිමහත් ශාසනික මෙහෙවර අගය කරමින්, උන්වහන්සේට අපි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු !

සැ.යු :  මැදමාවත වෙබ් අඩවිය කිසිදු ලෙසකින් වාණිජ පරමාර්ථයකින් ක්‍රියාත්මකවන වෙබ් අඩිවියක් නොවන අතර එය හුදෙක් ලෝකවාසීන්ගේ සංසාර විමුක්තිය පිණිස අති පුජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමියන් විසින් පවත්වනු ලබන සියලු ධර්ම දේශනා ගොණු කොට නොමිලයේ ප්‍රචාරණය කිරීමේ අරමුණින්ම පමණක් මෙහෙයවනු ලබන වෙබ් අඩවියකි.

 

 

 

ලිපි

ගරු ස්වාමීන්වහන්සේ විසින් සම්පාදනය කරන ලද ලිපි

වැඩි විස්තර

දෘශ්‍යමාධ්‍ය

මැදමාවත වැඩමුළු තුලදී ගත් සහ දායකයන් විසින් අප වෙත එවන ලද චායරූප, චලනරූප ඇතුළු රූප එකතුව

වැඩි විස්තර

ගැටළු සහ විසදුම්

ධර්මදේශනා වැඩමුළු වලදී ඉදිරිපත්කල දේශනා හා සම්බන්ධ ගැටළු වලට පිළිතුරු

වැඩි විස්තර

ධර්ම ග්‍රන්ථ සහ පත්‍රිකා

ගරු ස්වාමීන්වහන්සේ ගේ ධර්ම ග්‍රන්ථ සහ පත්‍රිකා .

වැඩි විස්තර

 

නවතම ලිපි

“සීලවතී සෙවන” හීදී සිදු කල ආධුනික වැඩමුළු හා සම්බන්ධ ධර්ම දේශනා

"සීලවතී සෙවන" - 2 වන පටුමග, වික්‍රමසිංහපුර, බත්තරමුල්ල හීදී සිදු කල ධර්ම දේශණා   විමසීම්       : තුෂාරිකා මහත්මිය...

Read More

මාසික පොහෝදින හුදකලා භාවනා වැඩසටහන – තිරත්න ප්‍රජා ශාලාවේදී

සෑම පසළොස්වක පොහෝ දිනකදීම පැවැත්වීමට නියමිත හුදකලා භාවනා වැඩසටහන පිලිබඳ දැනුම් දීමයි.   දිනය           :  සෑම...

Read More

පේරාදෙණියේ සුබෝධාරාමය හීදී සිදු කල ධර්ම දේශණා

  2017 ජුනි මස 02,03 සහ 04 දිනයන් හීදී සහ  වනත් මාසිකව පේරාදෙණියේ සුබෝධාරාමයේ පැවැත්වූ දේශනා.    

Read More

සම්මා දිට්ඨි සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවත්නුවර සමීපයෙහිඅනාථපිණ්ඩික සිටුහුවිසින් කරවන ලද ජෙතවන නම් විහාරයෙහි වැඩ වාසය කරති. එකල්හි ආයුෂ්මත්...

Read More

නවතම ශ්‍රවණ පට (Tracks)

නවතම දේශණා පහත වගුවේ මුලින් දිස්වේ

නවතම ශ්‍රවණ ගොණුව (Playlist)

ගොණුවට අදාළ නව දේශණා වගුවේ අවසානයේ දිස්වේ 

මැදමාවත දැන්වීම් පුවරුව හා සම්බන්ධ වන්න

නම / Name *


ඊමේල් / Email *


මැදමාවත පුවත් විසන්ධි කිරීමට. මෙම යොමුව වෙත පිවිසෙන්න

Nonprofit  – This website is dedicated to Most. Ven. Ellawala Vijithananda Thero since 2016 Nov.